ඉරිදා 09 අගෝස්තු 2020 - 1:17:00 පස්වරු (ප.ව.)

අරාබි, ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂාවලින් #TweetForTolerance තරඟය නහියාන් මුබාරක් විසින් ආරම්භ කරයි

  • نهيان بن مبارك يطلق مسابقة "#غرد_للتسامح" بثلاث لغات لشباب الوطن العربي
  • نهيان بن مبارك يطلق مسابقة "#غرد_للتسامح" بثلاث لغات لشباب الوطن العربي
  • نهيان بن مبارك يطلق مسابقة "#غرد_للتسامح" بثلاث لغات لشباب الوطن العربي
  • نهيان بن مبارك يطلق مسابقة "#غرد_للتسامح" بثلاث لغات لشباب الوطن العربي
වීඩියෝ රූප

අබු ඩාබි, 2020 ජූලි 1 (WAM) - අමාත්‍ය ෂෙයික් නහියන් බින් මුබාරක් අල් නහියන් විසින් අද #TweetForTolerance තරගය ආරම්භ කළේය. ඒ අරාබි කලාපයේ සහ මැදපෙරදිග ජනතාවට ඔවුන්ගේ අදහස් හා යෝජනා ප්‍රකාශ කිරීමට වේදිකාවක් සැපයීමටය.මේ තුළින් ජනතාව අතර සහජීවනය, ඉවසීම, මානව සහෝදරත්වය, අන් අයට ගරු කිරීම, වෙනස්කම් පිළිගැනීම සහ වෙනත් මානව සාරධර්ම සහ සියලු ආකාරයේ අන්තවාදය, නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කිරීම වැනි කරුණු ඇති කරවයි.

අබුඩාබියේ අරාබි තරුණ මධ්‍යස්ථානය,මැදපෙරදිග ට්විටර් හා උතුරු අප්‍රිකානු කාර්යාලයේ සහයෝගයෙන් මෙම තරගය ආරම්භ කරන ලදී.ඊට සහභාගිවන්නන්ට ඉවසීම පිළිබඳ දැක්ම අරාබි, ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා තුනකින් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙයි.

අමාත්‍යාංශය විසින් සංවිධානය කරන අන්තර්ජාලය හරහා පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කරන ලද අතර එහිදී නවෝත්පාදන තරඟය දියත් කිරීම නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේය.මෙම අවස්ථාවට ඉවසීමේ කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අෆ්රා අල් සබ්රි, අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ඉදිරියේ ය. විවිධ අරාබි රටවලින් තරුණයින් 50 දෙනෙක්, අරාබි තරුණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ට්විටර් හි මැද පෙරදිග කාර්යාල නියෝජිතයින් සහභාගී වුහ.

ආරම්භයේ දී, ෂෙයික් නහියන් බින් මුබාරක් නිවේදනය කළේ අමාත්‍යංශය මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ගෙන් විශාල පිරිසකට "ඉවසීමේ ශූරත්වයේ" පුහුණුව ලබා දී ඇති බවයි. ඊට අමතරව අරාබි රටවල් 12 කට වැඩි සංඛ්‍යාවක අරාබි තරුණයින් කණ්ඩායමක් ඉවසීම සම්බන්ධයෙන් පුහුණු කරයි. එසේම දේශීය, අරාබි සහ ජාත්‍යන්තර මට්ටමින් ඩිජිටල් සහ සමාජ ජාල වේදිකා හරහා ඉවසීම, සහජීවනය සහ මානව සහෝදරත්වයේ සාරධර්ම හා සම්බන්ධ සෑම දෙයකම වැඩිදියුණු කර තරුණයින් නායකයින් බවට පත්වීමට හුරු කරවයි.

ෂෙයික් නහියන් මහතා පැවසුවේ, "තාරුණ්‍යයේ ගමන්මගේ ඊළඟ අදියරෙහි අරමුණ වන්නේ අනාගත පරපුර අන්තවාදයට, නොඉවසීමට හා වෛරයට එරෙහිව ආරක්ෂා කිරීමයි. ඉවසීම, සහජීවනය, අන් අයට ගරු කිරීම සහ වෙනස්කම් පිළිගැනීම සහ ඔවුන්ගේ වෙනස්කම් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වන ඔවුන්ගේ අවංක මානව හා සමාජීය වටිනාකම්වලට සහාය වීමයි. මේ සඳහා අමාත්‍යාංශය විසින් සමාජ ජාල වෙබ් අඩවි වල ඇතුළුව විවිධ මාධ්‍යයන් මගින් සහයෝගය ලබා ගනු ඇත".

#TweetForTolerance තරගය දියත් කිරීමේ අරමුණ වන්නේ සියලු අරාබි සහෝදර රටවල අරාබි තරුණයින් සම්බන්ධයෙන් අමාත්‍යාංශය ට්විටර් සමඟ සහයෝගයෙන් අන්තර් ක්‍රියාකාරකම් දියත් කිරීමේ ආරම්භය බව ඔහු ප්‍රකාශ කළේය.

තරඟයට සහභාගී වීම සඳහා, අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකුට දැනට පවතින ට්විටර් ගිණුමක් නිර්මාණය කිරීමට හෝ දැනට පවතින ගිණුමක් භාවිතා කිරීමට හැක.එමඟින් ඉවසීම සහ දයානුකම්පාව සහිත අදහස් හුවමාරු කර ගත හැකි බව ඔහු පැවසීය.

සියලුම තරඟකරුවන් සඳහා කොන්දේසි, සහභාගී වීමේ ක්‍රමය සහ ඉවසීමේ සංකල්ප ඇතුළත් මාර්ගෝපදේශයක් ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය. තරගය ආරම්භ කර සති දෙකක කාලයක් පවතිනු ඇත.

සහභාගී වීමේ කොන්දේසි පිළිබඳව ෂෙයික් නාහියන් පැහැදිලි කළේ, "සහභාගිවන්නා අරාබි ජාතිකයෙකු විය යුතු අතර මැදපෙරදිග හෝ උතුරු අප්‍රිකාවේ පදිංචිව සිටිය යුතුයි. #TweetForTolerance, #tweet_pour_la tolérance, හෝ # غرد_للتسامح යන තරඟ හෑෂ් ටැගය භාවිතා කළ යුතුය.

සම්බන්ධ වීමට, සහභාගිවන්නන් අමාත්‍යාංශයේ ගිණුම @uaetolerance අනුගමනය කර එයට තරඟයේ ට්විටර් ගිණුමට"Like" කළ යුතුය. ජයග්‍රාහී ගිණුම තෝරා ගැනීමේදී අවධානය යොමු කරන නිර්ණායක වන්නේ, එම නිර්මාණයෙන් කරන බලපෑම, නිර්මාණශීලීත්වයේ මට්ටම, ඊට ප්‍රතිචාර දැක්වූ සහ එය වටා සිටින පිරිස, ක්‍රියාකාරිත්වයේ ප්‍රමාණය සහ එහි අඩංගු දර්ශන ඇතුළු ප්‍රධාන සාධකය.

නීතිරීති හා කොන්දේසි වලට අනුව තරඟයට සහභාගී වීම වැදගත්වේ. මෙහි මාතෘකාවක් වන්නේ ජාතිවාදය සහ වෙනස්කම් කිරීම, පළිගැනීම හා වෛරය සහ හිරිහැර කිරීම වැනි ඍණාත්මක අගයන්ට මුහුණ දීම බව ෂෙයික් නහයන් පැවසීය.

‘මෙනා’ කලාපය සඳහා ට්විටර් හි රාජ්‍ය ප්‍රතිපත්ති හා රජයේ සම්බන්ධතා අංශ ප්‍රධානී ජෝර්ජ් සලාමා මහතා පැවසුවේ, "ට්විටර් විසින් ලබා දෙන බලය ධනාත්මක සියල්ල ඇතුළත් කර ගැනීමට අපි තරුණයින් දිරිමත් කිරීම සහ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට මහජන සංවාදයෙන් විවෘත පණිවිඩ යැවීමට මෙය යොදා ගනී. එනම් තාක්‍ෂණය භාවිතයෙන් අපයෝජනයන් කල්තියා මතුවීම සහ වේදිකාවේ තවදුරටත් අමානුෂික භාෂාව ඉවත් කිරීම සඳහා අපගේ වෛරී හැසිරීම් ප්‍රතිපත්තිය පුළුල් කිරීම මගින් මිනිසුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමේදී ආරක්ෂිත බවක් දැනීම සඳහා අපි පියවර කිහිපයක් හඳුන්වා දී ඇත්තෙමු".යනුවෙනි.

http://www.wam.ae/en/details/1395302852455 WAM / Rushdy Nizar

WAM/Sinhala