ඉරිදා 09 අගෝස්තු 2020 - 1:29:48 පස්වරු (ප.ව.)

2022-2023 සඳහා ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකත්වය  වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපේක්ෂකත්වයට සවුදි අරාබියේ සහාය


නිව් යෝර්ක්, 2020 ජූලි 1 (WAM) – එක්සත් ජාතීන්ගේ සංවිධානයට සෞදි අරාබියේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ආචාර්ය කාලිඩ් බින් මුහම්මද් මන්සාලාවි මහතා සහතික කර ඇත්තේ 2022-2023 කාල සීමාව සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකත්වය සඳහා අපේක්ෂකත්වය වෙනුවෙන් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහාය දෙන බවයි. එසේම එහි අපේක්ෂකත්වයට සහාය දෙන ලෙස රටවල් වලින් ඉල්ලා සිටින බවද ඔහු පවසා ඇත.

ආසියා-පැසිෆික් සමූහයේ(APG) රැස්වීම, මහජන චීන සමූහාණ්ඩුවේ එක්සත් ජාතීන්ගේ දූත පිරිසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙහිදී සිය කතාවේදී පැවසුවේ ආචාර්ය මන්සලාවි කියා සිටියේ මහජන චීන සමූහාණ්ඩුව, එක්සත් ජාතීන්ගේ දූත පිරිස විසින් මෙහෙයවනු ලබන බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ සාමය හා ආරක්ෂාව ඇති කිරීමට කිසිදු උත්සාහයක් නොගන්නා මධ්‍යස්ථ දැක්මඇති බවද ඔහු පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජාත්‍යන්තර සහයෝගීතාව, සාමය, ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය හා සමීපව සම්බන්ධ ප්‍රධාන ගැටළු විසඳීමට සමත් වී ඇති බව සවුදි පුවත්පත් ඒජන්සියට පෙන්වා දෙයි. එයට ප්‍රමුඛ මානුෂීය ක්‍රියාමාර්ගයක් ඇති බවත් පැවසීය මැදපෙරදිග හා මුළු ලෝකය පුරාම තිරසාර සාමය ළඟා කර ගැනීමේ පොදු ඉලක්කය කරා ළඟාවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඇති සමීප සහයෝගීතාවයෙන් එය නියෝජනය වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැමවිටම උත්සාහ කරන්නේ සාමය පිළිබඳ පණිවුඩය ප්‍රවර්ධනය කිරීමට, ඉවසීමේ සංස්කෘතියක් පතුරුවා හැරීමටය. සංවාද හා විශ්වාසය ගොඩනැගීම තුළින් සාමකාමී මාර්ගයෙන් ආරවුල් සමථයකට පත් කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයට සහාය දැක්වීමේ කාර්යයටද ඊට අමතරව අවතීර්ණ වී ඇත.

අවසාන වශයෙන්, ආචාර්ය මන්සලාවි සඳහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැමවිටම කැපවී සිටින්නේ සාමූහික ක්‍රියාමාර්ග, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පිළිපැදීම සහ බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රවර්ධනය කිරීමට බවයි.

https://www.wam.ae/en/details/1395302852672 WAM / Rushdy Nizar

WAM/Sinhala