ඉරිදා 09 අගෝස්තු 2020 - 12:14:31 පස්වරු (ප.ව.)

මොහොමඩ් බින් සයීඩ් අබුඩාබියේ ආදර්ශ ගොවිපලවල්වල සංචාරය කරයි

  • محمد بن زايد يزور عددا من المزارع النموذجية للمواطنين في أبوظبي

වීඩියෝ රූප

අබු ඩාබි, 2020 ජූලි 04 (WAM) --අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර අණදෙන නිලධාරි ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සෙනසුරාදා අබුහි අල් බහියා ප්‍රදේශයේ තරුණයින්ට අයත් ආදර්ශ ගොවිපලවල් කිහිපයක් සංචාරයක නිරත විය.

මෙම සංචාරයට ඔහු සමඟ, සෙයිද් බින් සුල්තාන් අල් නහියන් - පුණ්‍යායතන හා මානුෂීය පදනමේ භාරකාර මණ්ඩලයේ සභාපති, එච්. එච්. ෂෙයික් නහයන් බින් සෙයිද් අල් නහියන්- අබුඩාබි ඔටුන්න හිමි කුමරුගේ අධිකරණයේ සභාපති සහ අබුඩාබි විධායක සභාවේ සාමාජික - එච්. එච්. ෂෙයික් තියාබ් බින් මොහොමඩ් බින් සෙයිද් අල් නහියන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සභාපතිගේ උපදේශක - ෂෙයික් සුල්තාන් බින් හම්දාන් අල් නහියන්, අබුඩාබි ගුවන්තොටුපල සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ෂෙයික් මොහොමඩ් බින් හමාඩ් බින් තාහ්නූන් අල් නහියන්; මරියම් බින්ට් මොහොමඩ් සයීඩ් හරෙබ් අල්ම්හෙරි, ආහාර සුරක්ෂිතතා රාජ්‍ය අමාත්‍ය සහ අබුඩාබි ඔටුන්න හිමි කුමරුගේ අධිකරණයේ උප ලේකම් මොහොමඩ් මුබාරක් අල් මැස්රෝයි එක වූහ.

උත්තරීතර ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් මහතා මෙහිදී පැවසුවේ "උසස් තාක්‍ෂණයෙන් යුත් කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීම සඳහා නවීන තාක්‍ෂණයන් උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර ආහාර සුරක්‍ෂිතතාව ළඟා කර ගැනීම සඳහා දායක වන බවයි. රටේ තරුණ තරුණියන් උනන්දුවෙන් උත්සාහයෙන් සිදු කරන මෙවැනි ව්‍යාපෘති දැකීමෙන් තමන සතුටට පත්වන" බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී "ග්‍රේසියා ෆාම්" හි හිමිකරු වන හමීඩ් අල් හමීඩ් සහ කාබනික ගොවිපලවල හිමිකාරීත්වය දරන ආචාර්ය කාලිඩ් අල් ෂම්සි සහ අහමඩ් ඛල්ෆාන් අල් ෂම්සි විසින් එහි වගා කරන ලද නිෂ්පාදන, වාරිමාර්ග ක්‍රම, අලෙවිකරණය සහ දේශීය ගොවිතැන මුහුණ දෙන අභියෝග පිළිබඳව ඔහු දැනුවත් කරන ලදී.

තිරසාරභාවය, ගුණාත්මකභාවය සහ තරඟකාරිත්වය සඳහා ඉහළම ප්‍රමිතීන් සැලකිල්ලට ගනිමින් රටේ කෘෂිකාර්මික අංශයේ උසස් තාක්‍ෂණය භාවිතා කිරීමේ වැදගත්කම උත්තරීතර ශීක් මොහොමඩ් අවධාරණය කළේය. ආහාර බෝග නිෂ්පාදනය හා කළමනාකරණය කිරීම සඳහා නව්‍ය විසඳුම් සකස් කිරීම මෙන්ම මෙම අංශය මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා සහට ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

"කෘෂිකාර්මික අංශයට සහාය වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාරභාවය, පාරිසරික ආරක්ෂාව සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා වූ උපාය මාර්ගයට දායක වන බව" ඔහු පෙන්වා දුන්නේය.

එච්. එච්. ෂෙයික් මොහොමඩ් මහතා තවදුරටත් කියා සිටියේ කෘෂිකර්මාන්තය, ඉතා වැදගත් අංශයක් වන අතර එය ජාතික ආරක්ෂාවේ හදවත වේ.රටේ ආහාර සුරක්‍ෂිතතාවය සහතික කිරීම සහ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම උපාය මාර්ගයේ ප්‍රධාන අංගය එයයි. එසේම මෙම ගොවිපල ස්වයංපෝෂිතව පවත්වා ගැනීමට සහ බාහිර නිෂ්පාදන මත යැපීම අවම කිරීමට දායක වේ.

හිටපු ෂෙයික් සයීඩ් බින් සුල්තාන් අල් නහියන් රටේ කෘෂිකර්මාන්තයට විශාල වැදගත්කමක් ලබා දුන්නේය. ඔහු එයට සහයෝගය දැක්වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කෘෂිකර්මාන්තයට අනාගතයක් නැතැයි සිතන අයට ඔහු ඇහුම්කන් දුන්නේ නැත. ඔහුට දැක්මක් තිබූ අතර කෘෂිකර්මාන්තය ඕනෑම සමාජයක කොඳු නාරටිය බව ඔහු සැමවිටම විශ්වාස කළේය. එම ප්‍රවේශය ජනාධිපති උත්තරීතර ෂෙයික් කලීෆා බින් සෙයිද් අල් නහියන් අඛණ්ඩව පවත්වා ගෙන යන අතර ගොවීන්ට ඔවුන්ගේ කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා පූර්ණ සහයෝගය හා දිරිගැන්වීම් ලබා දෙයි.

තරුණ ගොවීන් වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපෘතිවල සාර්ථකත්වය ප්‍රාර්ථනා කළ ඔහු, ගොවීන්ට සහයෝගය දැක්වීමට සහ ජාතික නිෂ්පාදන දිරිගැන්වීමට නායකත්වයේ උනන්දුව ප්‍රකාශ කළේය.

ඔහු මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා සිටින ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ගොවිපල සඳහා ආයෝජනය කරන ලෙසත්, ඒවා රටේ කෘෂිකාර්මික අංශයට ආධාරකයක් බවට පත් කිරීම සඳහා නව්‍ය ක්‍රම භාවිතා කරන ලෙසත්ය.

ෂෙයික් මොහොමඩ්ගේ සංචාරය පිළිබඳව ගොවිපල හිමිකරුවන් සතුට පළ කළ අතර කෘෂිකාර්මික අංශයේ සේවය කරන තරුණ තරුණියන්ට නායකත්වයේ අසීමිත සහයෝගය ප්‍රශංසා කළහ.

https://www.wam.ae/en/details/1395302853080 WAM / Rushdy Nizar

WAM/Sinhala