ඉරිදා 09 අගෝස්තු 2020 - 1:42:35 පස්වරු (ප.ව.)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 පරීක්ෂණ 49,000 ක් සිදු කරයි, නව ආසාදිතයින් 532 ක් හඳුනාගනී, 1,288 ක් සුවවී, එක් මරණයක් වාර්තාවේ


අබු ඩාබි, 2020 ජූලි 9 (WAM) -- අති නවීන වෛද්‍ය පරීක්ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් COVID-19 පරීක්ෂණ 54,000 ක් සිදුකර තිබෙන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා (9) නිවේදනය කර තිබේ.

විශේෂයෙන් නව ආසාදිතයින් කල්තියා හඳුනා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා රට පුරා COVID-19 පරීක්ෂණ වැඩි කිරීමට සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශයේ සැලසුම් වලට අනුව මෙලෙස මෙම පරීක්ෂණයන් සිදු කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය බ්‍රහස්පතින්දා (9) නිවේදනය කළේ මෙලෙස කරනු ලැබූ COVID-19 පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස නව රෝගීන් 532 ක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව වාර්තා වන සමස්ත ආසාදන සංඛ්‍යාව 53,577 දක්වා ඉහළ ගොස් තිබෙන බවකි.

අමාත්‍යාංශයට අනුව, හඳුනාගත් ආසාදිත පුද්ගලයින් විවිධ ජාතීන්ට අයත් අය වන අතර, හඳුනාගත් නව ආසාදිතයින් ස්ථාවර තත්ත්වයේ පසුවන අතර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.

COVID-19 මගින් ඇතිවන සංකූලතා හේතුවෙන් එක් අයෙකු මරණයට පත්ව තිබෙන අතර රටේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 328 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය අයගේ පවුල්වලට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරමින් අනෙකුත් COVID-19 ආසාදිත රෝගීන්ට ඉක්මන් සහ සම්පූර්ණ සුවය ලැබෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රාර්ථනා කර සිටී.

ඒ අනුව වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 1,288 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු රෝගීන් ගණන 43,570 දක්වා ඉහළ ගොස් තිබෙන බවටද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

http://www.wam.ae/en/details/1395302854143 WAM / Rushdy Nizar

WAM/Sinhala