ඉරිදා 09 අගෝස්තු 2020 - 1:00:34 පස්වරු (ප.ව.)

ලිබියානු සාම ක්‍රියාවලියට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන කැපවීම ගාර්ගාෂ් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සහතික කරයි


අබු ඩාබි, 2020 ජූලි 9 (WAM) - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අන්වර් බින් මොහොමඩ් ගාර්ගාෂ් ඊයේ අවධාරණය කළේ, ලිබියානු අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දරන උත්සාහයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නොසැලෙන සහයෝගයක් බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසිවාරයේදී කළ අදහස් දැක්වීමේදී ආචාර්ය ගාර්ගාෂ් ලිබියාවේ විදේශීය කලාපීය මැදිහත්වීම් සහ කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වයට මෙන්ම එම රටේ සාම ක්‍රියාවලියට ඇති තර්ජනය පිළිබඳව ද වැඩි වැඩියෙන් කනස්සල්ල පළ කළේය.

" ලිබියානු අර්බුදය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය දිගු කලක් තිස්සේ ස්ථාවර හා පැහැදිලි ස්ථාවරයක් දරයි.ගැටුම නිරාකරණය කිරීම සඳහා ඇති එකම ගැළපෙන විකල්පය, දේශපාලන විසඳුමකි. අපි ක්ෂණික හා පුළුල් සටන් විරාම ගිවිසුමක් ඉල්ලා සිටිමින් එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ ලිබියානු නායකත්වයෙන් යුත් දේශපාලන සංවාදයක් නැවත ආරම්භ කරමු" ගාර්ගාෂ් ප්‍රකාශ කළේය.

"සටන් විරාමයක් සහ දේශපාලන සංවාදයක් යනු ලිබියාවේ කල්පවත්නා ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමකි. එසේම මෙය ලිබියානු ජනතාවගේ දුක් වේදනා අවසන් කිරීමට ඇති එකම මාර්ගයයි. COVID-19 වසංගතයට ඵලදායී ප්‍රතිචාර දැක්වීමට සටන් විරාමයක් හදිසි ප්‍රමුඛතාවයක් බවට පත්ව ඇත.මේ නිසා වසංගතයෙන් සහ සිවිල් ජනතාව වැඩි වශයෙන් දුක් විඳීම වැළැක්විය යුතුය "ඔහු තවදුරටත් පැවසීය.

ලිබියානු ගැටුමේ පාර්ශවකරුවන් එක්රැස් කිරීම වෙනුවෙන් ජර්මානු රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහයෝගය ලබා ගැනීම වෙත යොමුවූ බව ඔහු අවධාරණය කල අතර "බර්ලින් සමුළුවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලිබියානු ගැටුමේ පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ලිබියාවේ එක්සත් ජාතීන්ගේ ආධාරක මෙහෙයුමට සහය දෙන ලෙසයි. ආර්ථික, දේශපාලන, ආරක්ෂාව, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති ක්‍රියාකාරී කණ්ඩායම්වලට අමතරව ලිබියාව පිළිබඳ ජාත්‍යන්තර පසු විපරම් කමිටුවේ රැස්වීම්වලට ද අපි ක්‍රියාශීලීව හා හොඳ විශ්වාසයකින් යුතුව අපි ඊට සහභාගී වෙමු" ඔහු පැවසීය .

කෙසේ නමුත්, සමුළුවෙන් මාස හයකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍ය,ය රටේ ආරක්ෂක තත්ත්වය පිරිහීම ගැන කනගාටු වන බවත් මෙම පසුබෑමට හේතුව ලිබියාවේ අභ්‍යන්තර කටයුතුවලට අඛණ්ඩව විදේශීය කලාපීය මැදිහත් වීමක් සිදුවීමයි. එපමණක් නොව, කලාපීය මැදිහත්වීම සහ කුලී හේවායන් ලිබියානු පිටියට ගෙන්වීම ගැටුම උග්‍ර කර ඇති කළ අතර එය අරාබි රාජ්‍යයක ආරක්ෂාවට තර්ජනයක් වන අතර එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බව ගාර්ගාෂ් අනතුරු ඇඟවීය.

මේ සම්බන්ධයෙන්, ගාර්ගාෂ්, බර්ලින් සම්මන්ත්‍රණ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීමට සහය දැක්වීමට කයිරෝ මුලපිරුමේ දී ඊජිප්තුවේ කාර්යභාරය සහ එහි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ඊජිප්තුවට ඇති අයිතිය පැසසුමට ලක් කළේය. ලිබියාවේ එක්සත් ජාතීන්ගේ සහායක දූත මෙහෙවර තත්වය ලිහිල් කිරීමට සහ ලිබියානු පක්ෂ අතර විශ්වාසය ගොඩනැංවීමේ පියවරයන්හි යෙදීම සම්බන්ධයෙන් ඔහු ප්‍රශංසා කළ අතර බර්ලින් සමුළුවට සහභාගී වූ අත්සන්කරුවන් විසින් සාමූහික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේදී යුරෝපා සංගමයේ මෙහෙයුම, ඉරිනිට කළ හැකි වැදගත් කාර්යභාරය ගැන සඳහන් කළේය.

ලිබියාවේ පවතින අස්ථාවරභාවය වැළැක්වීම සහ ගැටුමට පුළුල් දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා ආරක්ෂක කවුන්සිලය දිගින් දිගටම මැදිහත් වන ලෙස ගාර්ගාෂ් සිය කතාව අවසන් කරමින් ඉල්ලා සිටියේය. ලිබියාවේ ස්ථාවරත්වය හා සාමය ළඟා කර ගැනීම සඳහා නව විශේෂ නියෝජිතයෙකු පත් කිරීමේ හදිසි අවශ්‍යතාවයද ඔහු මෙහිදී අවධාරනය කළේය.

http://www.wam.ae/en/details/1395302854127 WAM / Rushdy Nizar

WAM/Sinhala