ඉරිදා 09 අගෝස්තු 2020 - 1:34:52 පස්වරු (ප.ව.)

COVID-19 අර්බුදය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු කොරියානු සබඳතා තවදුරටත් ශක්තිමත් කරයි: අබ්දුල්ලා බින් සයීඩ්


සෝල්, 2020 ජූලි 9 (WAM) -- COVID-19 ගෝලීය සෞඛ්‍ය අර්බුදයේ පෙර නොවූ විරූ බලපෑම හේතුවෙන් ලෝකය අසාමාන්‍ය තත්ත්වයන්ට මුහුණ දී ඇති බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු කොරියාව ඔවුන්ගේ මිත්‍රත්වයේ වටිනාකම ඔප්පු කර ඇති අතර දෙරට අතර පොදු අවශ්‍යතා, අරමුණු සහ සාරධර්ම සැලකිල්ලට ගනිමින් රටවල් දෙකම සමීප සහයෝගීතාවයෙන් කටයුතු කර තිබෙන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍ය එච්. එච්. ෂෙයික් අබ්දුල්ලා බින් සෙයිද් අල් නහියාන් පවසයි.` දකුණු කොරියානු යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය (Yonhap News Agency) විසින් "A Model Partnership Made Even Stronger by COVID-19" තේමාව යටතේ ගෙන යන ලද ප්‍රකාශනයක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු කොරියාව අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 40 වන සංවත්සරය නිමිත්තෙන් දෙරට අතර ඇති කැපී පෙනෙන සබඳතා ෂෙයික් අබ්දුල්ලා බින් සෙයිද් විසින් ප්‍රශංසා කර තිබේ.

COVID-19 පසුගිය මාස කිහිපය තුළ ජාතික දේශසීමා හරහා ව්‍යාප්ත වූ විට, දකුණු කොරියාව එම වසංගතයට එරෙහිව සටන් කළ පළමු රටවල් අතරින් එකක් වන බවටද ඔහු පවසා තිබේ. එමෙන්ම වසංගතය මර්දනය කිරීමේ ක්‍රියාවලියේදී දකුණු කොරියාව විසින් ඔවුන් ලබාගත් වටිනා දැනුම හා විශේෂත්වයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෙසු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ විවෘතව බෙදාගැනීමට කටයුතු කර තිබෙන බවටද ඒ මහතා පවසා තිබේ. දකුණු කොරියාවේ ප්‍රවීණ දනුම වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා තීරණාත්මක සාධකයක්‌ වූ බවත් දැන් පුළුල් ලෙස පිළිගෙන ඇති ‘හොඳම භාවිතයන්’ අතරින් සැලකිය යුතු ක්‍රමවේදයක්ද වන බවත්, එපමණක් නොව,COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා දකුණු කොරියාව ඉතාමත් වගකීමෙන් යුතුව ක්‍රියා කළ අතර එම ක්‍රියාවලිය අනෙකුත් රටවලට අනුගමනය කළ හැකි ජාත්‍යන්තර ආකෘතියක් බවට පත්විය.

අත්‍යවශ්‍ය ගෝලීය සැපයුම් සේවාවන් පවත්වා ගෙන යමින් වෛරසයට ප්‍රතිචාර දක්වමින් දේශීය ආකාරයේ ප්‍රතිචාරයන් දක්වමින් දකුණු කොරියානු අත්දැකීම් උපයෝගී කර ගැනීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආඩම්බර වන බවද අමාත්‍යවරයා ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළේය. එමෙන්ම, කලාපයේ COVID-19 ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේ දී දකුණු කොරියානු පුරවැසියන් සහ ඔවුන්ගේ පවුල් ටෙහෙරානයෙන් ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහාය වූ බවත්, සියොල් සමඟ මගී හා වෙළඳ සම්බන්ධතා "අපේ දේශසීමා තාවකාලිකව වසා දැමීමට පෙර අපට හැකි තාක් කල්" විවෘතව තබා ගත් බවත් ෂෙයික් අබ්දුල්ලා සඳහන් කළේය.

Swabs වැනි COVID-19 පරීක්ෂණ වෛද්‍ය සැපයුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කිරීමට ප්‍රමුඛත්වය දීම පිළිබඳව දකුණු කොරියාවට සිය ස්තුතිය පළකර තිබේ. රට තුළ තත්වය පාලනය කිරීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු කොරියාව මානුෂීය මූලධර්ම මත පදනම්ව වෙනත් රටවලට අවශ්‍ය ආධාර ලබා දීමට කටයුතු කර තිබේ.

අරාබි ලෝකයේ පළමු න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොරියානු විදුලි බල සමාගම, හුන්ඩායි සහ සැම්සුන් සී ඇන්ඩ් ටී සමඟ ගිවිසුම් අත්සන් කිරීම මගින් දෙරට අතර සබඳතා සැලකිය යුතු සන්ධිස්ථානයකට පැමිණියේය. බරකා න්‍යෂ්ටික බලාගාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශීය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 25 ක් සපුරාලනු ඇති අතර එමඟින් හරිතාගාර වායු විමෝචනය වාර්ෂිකව ටොන් මිලියන 21 කින් අඩු කරනු ඇත.

අපගේ තෙල් නොවන ද්විපාර්ශ්වික වෙළඳා වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5 කට ආසන්න වන අතර දකුණු කොරියානු ජාතිකයින් 10,000 කට අධික සංඛ්‍යාවක් සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගෙන කොරියානු සමාගම් 50 කට වැඩි ප්‍රමාණයක් දැනට තිබෙන බවටද ෂෙයික් අබ්දුල්ලා බින් සෙයිද් අල් නහියාන් මහතා පවසා තිබේ.

http://wam.ae/en/details/1395302854115 WAM / Rushdy Nizar

WAM/Sinhala