ඉරිදා 09 අගෝස්තු 2020 - 12:12:39 පස්වරු (ප.ව.)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු මුඛ ආවරණ නිෂ්පාදන මධ්‍යස්ථානයට 2020 වසර අවසන් වනතුරුම ඇණවුම් 

  • whatsapp image 2020-07-11 at 12.01.43 pm
  • whatsapp image 2020-07-11 at 12.01.44 pm

2020 ජූලි 11 වන දින බින්සාල් අබ්දුල්කාදර් විසින් - Al AIN (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු ශ්වසන යන්ත්‍ර නිෂ්පාදනය මැයි මාසයේදී අල් අයින් හි ස්ථාපිත කරන ලදී. එය වාර්ෂිකව ඒකක මිලියන 30 කට අධික ධාරිතාවයකින් යුක්ත වන අතර 2020 වසර අවසානය දක්වාම මේ වන විටත් ඇණවුම් ලබාගෙන ඇති බව එහි විධායකය එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වෙත පැවසීය.

"අපි දැනටමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය සේවකයින් සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ සේවකයින් ඇතුළුව මෙම වසංගත මර්ධනයේ පෙරමුණේ සිටින අය සඳහා N95 මුඛ ආවරණ සපයා ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙනත් ආයතනවලින් වසර අවසානය දක්වා වැඩිදුර ඇණවුම් ලබා ගත හැක".අබුඩාබි හි ස්වෛරී ආයෝජකයෙකු වන මුබඩලා ඉන්වෙස්ට්මන්ට් සමාගම යටතේ ස්ට්‍රාටා මැනුෆැක්චරින් හි ප්‍රධාන විධායක ඉස්මයිල් අලි අබ්දුල්ලා මහතා පැවසීය.

ඔහු පැහැදිලි කළේ "හනීවෙල් සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය නිසා අරාබි ගල්ෆ් කලාපයේ N95 මුඛ ආවරණ සඳහා පළමු නිෂ්පාදන මාර්ගය ස්ථාපිත කිරීමට ස්ට්‍රාටාට හැකි වී ඇත. ඒ අනුව විදේශීය නිෂ්පාදකයින්ගෙන් වෙස්මුහුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවය අවම කර තිබේ.මේ යටතේ දිනකට ඒකක 90,000 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති අතර රටේ අවශ්‍යතා සපුරාලීමට අපි කැපවී සිටිමු. එසේම ජාත්‍යන්තර රටවලටඅවශ්‍ය වන ප්‍රමාණ නිෂ්පාදනය කිරීම අපගේ මීළඟ ඉලක්කයයි" යනුවෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය N95 මුඛ ආවරණ අපනයන කරුවෙකු බවට පත් කිරීමේ සමාගමේ අරමුණ පිළිබඳව විමසූ විට අබ්දුල්ලා මහතා, "අපගේ අවධානය මුලින් දේශීය ඉල්ලුම සපුරාලීමයි. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උත්සාහයට සහාය වීම කෙරෙහි අවධානය යොමු කර ඇත. කෙසේ වෙතත්, අපි ජාත්‍යන්තර ඉල්ලුම කෙරෙහිද අවධානය යොමු කරමින් සිටිමු. එසේ කිරීමට ඇති ස්ථාවරය, ගෝලීය ප්‍රයත්නයට සහාය වීම සඳහා අතිරේක ප්‍රමාණයක් අපනයනය කිරීම පිළිබඳවද අපි ගවේෂණය කරන්නෙමු.

"COVID-19 පැතිරීම සීමා කිරීම සඳහා PPE (පුද්ගලික ආරක්ෂණ උපකරණ) වෙත ප්‍රවේශ වීම රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන මුහුණ දෙන විශාලතම අභියෝගයක් බව අපි දනිමු"ඔහු පැවසීය .

නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, විවිධ දේශීය හා ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිති බලධාරීන්ගෙන් අවශ්‍ය සියලු සහතික ලබාගෙන ඇති බව ඔහු පැවසීය.

නිෂ්පාදන මාර්ගය අධීක්ෂණය කිරීම, අපගේ බැඳීම් අවබෝධ කර ගැනීම සහ ජාත්‍යන්තර රෙගුලාසි පිළිපැදීම සහතික කිරීම, අප කාර්මික ශිල්පීන් 10 දෙනෙකු සමඟ ආරම්භ කළ අතර මේ වන විට තාක්‍ෂණ ශිල්පීන් 30 කට වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතියේ වැඩ කරමින් සිටී.2011 සිට ස්ට්‍රාටා සමඟ සිටින එමිරාති, මරියම් හරේබ් අල් නයඩි විසින් අධීක්ෂණය කරනු ලැබයි.

නිෂ්පාදනයේ පිරිවැයේ ඵලදායීතාවය පිළිබඳව විමසූ අබ්දුල්ලා මහතා, "දේශීය නිෂ්පාදනය තුළින්, නැව්ගත කිරීම, වෙනත් සැපයුම් වියදම්, ගබඩා කිරීම, ප්‍රවාහන හා තීරුබදු ගාස්තු වැනි N95 මුඛාවරණ ආනයනය කිරීමෙන් පෙර සිදු වූ පිරිවැය අඩු කිරීමට සැලකිය යුතු බලපෑමක් කිරීමට අපට හැකි වී තිබේ" යැයි පැවසීය.

ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ,"එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ දේශීය පරිභෝජනය සඳහා මෙම මුඛාවරණ නිෂ්පාදනය කිරීම ලාභදායී විසඳුමක් ඉදිරිපත් කරයි. විශේෂයෙන් PPE සඳහා ඉල්ලුම ඉහළ මට්ටමක පවතින මෙම තීරණාත්මක අවස්ථාවක්" බවයි.

"ශ්වසන යන්ත්‍ර නිෂ්පාදනය ආරම්භ කිරීම මුබඩලාගේ‘ #WeAreDedicated ’ව්‍යාපාරයේ කොටසක් වන අතර එය වර්තමාන සෞඛ්‍ය තත්වයට ප්‍රතිචාර වශයෙන් නිර්මාණය කරන ලද සමූහ ව්‍යාප්ත වැඩසටහනකි.

"දේශීය හා විදේශීය ප්‍රජාවන්ට සහාය වීම සහ වසංගතය පැතිරීම සීමා කිරීම සඳහා එහි ව්‍යාපාරික වේදිකා සහ වත්කම් හරහා මුලපිරීම් සහ උත්සාහයන් සම්බන්ධීකරණය කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණයි" යනුවෙන් අබ්දුල්ලා මහතා වැඩිදුරටත් පැවසීය.

"අපගේ නිෂ්පාදන විශේෂඥතාව උපයෝගී කර ගනිමින්, අපි මෙම සටනට සම්බන්ධ වී PPE සඳහා වන දේශීය ඉල්ලුමට විසඳුම් ලබා දෙන්නෙමු. අපි තව දුරටත් මුල පිරීම් සංවර්ධනය කරමින් සිටිමු. ස්ට්‍රාටාගේ ප්‍රතිචාර ක්‍රමෝපාය නිරන්තරයෙන් විකාශනය වෙමින් පවතී. මෙම අර්බුදයෙන් එකට වැඩ කිරීමෙන් අපි සාමූහිකව ශක්තිමත් හා වඩා ඔරොත්තු දෙන ප්‍රජාවක් ලෙස ඉස්මතු වනු ඇතැයි අපට විශ්වාසයි "යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී පැහැදිලි කළේය.

"ස්ට්‍රාටා එහි නිෂ්පාදන විශිෂ්ටත්වය සහ ගුණාත්මකභාවය නිසා ප්‍රසිද්ධියක් උසුලයි. අපගේ විශේෂඥතාව COVID-19 ට එරෙහි ගෝලීය සටනට විශාල දායකත්වයක් සපයනු ඇති අතර පෙරටුගාමී සේවකයින් ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරමු."

http://wam.ae/en/details/1395302854378 WAM / Rushdy Nizar

WAM/Sinhala