ඉරිදා 09 අගෝස්තු 2020 - 1:18:53 පස්වරු (ප.ව.)

සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරන ලෙස නූරා අල් කාබිගෙන් ඉල්ලීමක් 


අබු ඩාබි, 2020 ජූලි 11 (WAM) -- සංස්කෘතික උරුමය ආරක්ෂා කළ යුතු මානව උරුමයක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංස්කෘතික හා තරුණ කටයුතු අමාත්‍ය සහ අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා ජාතික කමිටුවේ සභාපති නූරා බින්ට් මොහොමඩ් අල් කාබි මහත්මිය පැවසීය.

"මානුෂීය හැගීම ස්පර්ශ වන අයුරින් එය අනිසි ලෙස භාවිතා කිරීම හෝ වෙනස් කිරීම නොකළ යුතුය. විශේෂයෙන් යුනෙස්කෝව විසින් ලෝක උරුමය යටතේ සඳහන් කර ඇති ප්‍රදේශ සඳහාය. ඒවාට සුවිශේෂී ජාත්‍යන්තර වටිනාකමක් ඇති අතර සියලු ජාතීන්ගේ හා සංස්කෘතීන්ගේ පොදු උරුමය වේ." ඇය අවධාරණය කළාය.

මෙම ඓතිහාසික මන්දිරයේ ශිෂ්ඨාචාරමය වටිනාකම නොසලකා ඉස්තාන්බුල් හි හගියා සොෆියාගේ තත්ත්වය වෙනස් කිරීම සිදු කළ බව අමාත්‍යවරයා අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. "එය සැලකිය යුතු සංස්කෘතික උරුමයක් සහිත ගෝලීය සන්ධිස්ථානයක් ලෙස පවතී. එය විවිධ ජනයා සම්බන්ධ කරන පාලමක් ලෙසත් ඔවුන්ගේ බැඳීම් ශක්තිමත් කිරීමටත් ඉවහල් විය."ඇය පෙන්වා දුන්නාය.

මානව උරුමය සුරැකීම විවිධ ජාතීන් අතර ඉවසීමේ සහ සහජීවනයේ සාරධර්ම ශක්තිමත් කළ බව අල් කාබි පැවසීය.

"කාලයාගේ ඇවෑමෙන් ඉතිහාසය තුළ විකාශනය වූ විවිධ සංස්කෘතීන් හා ශිෂ්ඨාචාරයන් අතර දැනුම හුවමාරු කර ගැනීමේ වේදිකාවක් බවට ලෝක උරුම ස්ථාන පත්ව ඇත. හගියා සොෆියා ආසියාව සහ යුරෝපය අතර අන්තර්ක්‍රියාකාරිත්වයේ හා සංවාදයේ වැදගත් උදාහරණයකි.

හේගියා සොෆියා ඓතිහාසික ඉස්තාන්බුල්හි කොටසක් බව අවධාරණය කළ යුනෙස්කෝව නිකුත් කළ ප්‍රකාශයේ වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළේය.

"එය යුනෙස්කෝව විසින් උරුම කෞතුකාගාරයක් ලෙස නම් කර ඇත. එය වාස්තු විද්‍යාත්මක අරුම පුදුමයක් වන අතර එය සියවස් ගණනාවක් පුරා ආසියාව සහ යුරෝපය අතර අන්තර්ක්‍රියාකාරිත්වයට සුවිශේෂී සාක්ෂියකි. එය සංවාදයේ සංකේතයක්" යනුවෙන් ඇය පැහැදිලි කළාය.

යුනෙස්කෝව සිය ප්‍රකාශයෙන් ඉල්ලා සිටියේ සංස්කෘතික උරුමයන් ඇති රටවල් ඔවුන්ගේ කැපී පෙනෙන විශ්වීය වටිනාකමට හානි වන අයුරින් ඒවා වෙනස් නොකළ යුතු බවයි. ඕනෑම දෙයක් වෙනස් කිරීමට කැමති රටක් යුනෙස්කෝවට කල්තියා දැනුම් දිය යුතු අතර අවශ්‍ය නම් ලෝක උරුම කමිටුවට ඒ පිළිබඳව සොයා බැලිය හැක, යනුවෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය යුනෙස්කෝවේ විධායක මණ්ඩලයේ සාමාජිකයෙකි.

https://www.wam.ae/en/details/1395302854484 WAM / Rushdy Nizar

WAM/Sinhala