බ්‍රහස්පතින්දා 06 අගෝස්තු 2020 - 5:38:46 පෙරවරු (පෙ.ව)

'Hope Probe' අඟහරු වෙත සාර්ථකව දියත් කිරීම පිළිබඳව අරාබි එමීර් ජනපතිට බ්‍රසීල නායකයාගෙන් සුබ පැතුම් 


අබු ඩාබි, 2020 ජූලි 21 (WAM) - අද (21) අඟහරුවාදා අඟහරු ග්‍රහයා වෙත 'Hope Probe' ගවේෂණ යානයසාර්ථකව දියත් කිරීමට හැකිවීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් කලීෆා බින් සයීඩ් අල් නහියාන් මහතාට බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro මහතා සුබ පැතුම් එක් කර තිබේ.

මේ බව බ්‍රසීලයේ උප ජනාධිපති Antonio Hamilton Martins Mourao මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ජනාධිපති කටයුතු පිලිබඳ අමාත්‍ය H.H. Sheikh Mansour bin Zayed Al Nahyan මහතාට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව, ඔහු විසින් බ්‍රසීලයේ ජනපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයන් ඩුබායි හි උප ජනාධිපති, අගමැති සහ පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා ඇතුළුව අබු ඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නාහ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර අණදෙන නිලධාරී ෂෙයික් මොහොමඩ් බින් සෙයිද් අල් නහියන්ට සහ උත්තරීතර කවුන්සිලයේ සාමාජිකයින් සහ එමිරේට්ස් හි පාලකයින් මෙන්ම රජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාව ද වැදගත් සන්ධිස්ථානයක සිටින බවට පවසමින් මෙලෙස එක්කර තිබේ.

මිත්‍ර රටවල් දෙකේ ජනතාවගේ යහපත උදෙසා කෘෂිකාර්මික හා ආහාර අංශයේ ආයෝජන අවස්ථාවන් මෙන්ම අනෙකුත් අංශයන් කෙරෙහි ද අවධානය යොමුකරමින් සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සෑම අංශයකින්ම ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවන් පිළිබඳව එච්.එච්. ෂෙයික් මන්සූර් සහ බ්‍රසීලයේ උප ජනාධිපතිවරයා මෙලෙස අවධානය යොමුකරමින් සාකච්ඡාවට ලක්කර තිබේ.

http://wam.ae/en/details/1395302856885 WAM / සිංහල

WAM/Sinhala