බ්‍රහස්පතින්දා 06 අගෝස්තු 2020 - 5:57:12 පෙරවරු (පෙ.ව)

Fujairah තෙල් නිෂ්පාදන තොග මාස දෙකක අවමයට පහත වැටීමක් පෙන්නුම් කරයි


Fujairah, 2020 ජූලි 22 (WAM / S & P Platts) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නැඟෙනහිර වෙරළබඩ වරාය වන Fujairah හි පිරිපහදු කළ තෙල් නිෂ්පාදන තොග ජූලි 20 වන විට මාස දෙකක අවම මට්ටමකට පහත වැටි තිබෙන බවට වාර්තාවන් පවසයි එමෙන්ම, සමුද්‍ර බංකර (marine bunkers) සහ විදුලිබල උත්පාදනය (power generation) සඳහා භාවිතා කරන ඉන්ධන සඳහා මාස හතක විශාලතම සතිපතා ඇදවැටීම මෙමගින් වාර්තාවේ.

Fujairah තෙල් කර්මාන්ත කලාපය විසින් ජූලි 22 නිකුත් කළ දත්ත වලට අනුව ඉන්වෙන්ටරි බැරල් මිලියන 25.342 (Inventories stood at 25.342 million barrels) ක් වූ අතර එය සතිය තුළ සියයට 5.7 කින් අඩුවී අප්‍රේල් 27 න් පසු වාර්තාවූ අඩුම අගය ද වේ. සමුද්‍ර බංකරවල සහ විදුලිබල උත්පාදනය සඳහා භාවිතා කරන අධික ආසවනය හා අපද්‍රව්‍ය බැරල් මිලියන 14.09 දක්වා සියයට 14 කින් පහත වැටී ඇති අතර එය 2019 දෙසැම්බර් 2 න් පසු වාර්තාවූ විශාලතම සතිපතා පහත වැටීම වන අතර අප්‍රේල් 27 න් පසු වාර්තාවූ අඩුම අගය ද වේ.

"වාර්තාගත නිෂ්පාදන කප්පාදුව ලිහිල් කිරීමට ඔපෙක් + තීරණය (OPEC+ decision) කිරීමෙන් පසු ජූලි 15 වන දින, වායු සමීකරණ සඳහා විදුලිබල උත්පාදනය ඉහළ මට්ටමක පවතින මැද පෙරදිග බොහෝ ඔපෙක් රටවල් විසින් සෘතුමය පරිභෝජනය වෙළඳපල තවදුරටත් ඉහළ යනු ඇති බවට." ගෝලීය තෙල් ඉල්ලුම "යථා තත්ත්වයට පත්වෙමින් තිබේ" ("recovery path,") යැයි සෞදි අරාබියේ බලශක්ති අමාත්‍ය අබ්දුල් අසිස් බින් සල්මාන් මෙලෙස පවසා තිබේ.

වර්තමාන අවපාත පිරිපහදු ආන්තික පරිසරය තුළ සෞදි අරාබිය විසින්ම ඉන්ධන තෙල් සඳහා සෘජුවම බොරතෙල් දහනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව සිංගප්පූරුවේ Kpler දත්ත බුද්ධි සමාගමේ ආසියා පැසිෆික් කලාපීය විශ්ලේෂක Kevin Wright පවසයි. මැදපෙරදිග තෙල් සැපයුම්කරුවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පාකිස්තානයට කුඩා පරිමාණයෙන් අපනයන කිරීමක් සිදු කරමින් සිටින අතරතුර තමන්ගේම දේශීය තෙල් පරිභෝජනය කෙරෙහි ද වත්මනයේ අවධානය යොමු කරමින් සිටින බවට ද ඒ මහතා පවසා තිබේ.

ඩුබායි හි බංකර ඉන්ධන පිළිබඳ තැරැව්කරුවකු වන මාස්ක් කොම් (Founder of Masc Co. DMCC) හි නිර්මාතෘ Apurva Mali පවසන පරිදි සමුද්‍ර බංකර ඊට වෙනස්ව මෙම කලාපයේ කිසිඳු වැඩිවීමක් පෙන්නුම් නොකරන බවට ප්‍රකාශ කර සිටී. එමෙන්ම, සමුද්‍ර බංකර ණය මත විකුණනු ලබන බැවින්, වසංගතය හේතුවෙන් ආර්ථික මන්දගාමිත්වය නිසා ඉල්ලුමට බලපා ඇත්තේ කෙසේද යන්න වසර අග වන තෙක් කිසිඳු අවබෝධයක් නොමැති බවටද ඔහු අදහස් පළ කර තිබේ.

මුළු තොග අඛණ්ඩව සති හතරක් දක්වා පහත වැටී ඇති අතර එය 2019 මැයි 27 සිට ජූලි 1 දක්වා සති පහක පසුබෑමෙන් පසු වාර්තාවූ දීර්ඝතම අඩුවීම ද වේ. කොරෝනා වෛරස් වසංගතය සියලු වර්ගවල තෙල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩපණ කර ඇති තත්ත්වයක් තුළ ඉන්වෙන්ටරි ජුනි 17 වන දින වාර්තා කළ බැරල් මිලියන 30.71 සිට සියයට 17 කින් පහත වැටීමක් පෙන්නුම් කරයි.

අප්‍රේල් සහ මැයි මාසවලදී තොග දෙගුණයකට වඩා වැඩි වීම නිසා ඉල්ලුමේ පසුබෑමෙන් දැඩි ලෙස පීඩාවට පත් වූයේ ගෑස්, ඩීසල්, සමුද්‍ර බංකර ගැසොයිල්, ජෙට් ඉන්ධන සහ භූමිතෙල් ඇතුළත් වන මැද ආසවනයයි (Middle distillates). වත්මනයේ එය පහත වැටෙමින් පවතින අතර මැද සතියේ ආසවනය ඉන්වෙන්ටරි අළුත් සතියේදී සියයට 9 කින් පහළ ගොස් බැරල් මිලියන 3.941 ක් බවට වාර්තා වේ.

සැහැල්ලු ආසවනය සියයට 17 කින් ඉහළ ගිය අතර එය අපේ‍්‍රල් 27 න් පසු විශාලතම වැඩිවීම සති තුනක ඉහළම බැරල් මිලියන 7.311 දක්වා ඉහළ ගියේය. මෙම ගණයට අයත් නිෂ්පාදන වන්නේ ගෑස්ලීන්, ප්‍රතිසංස්කරණ වැනි ගෑස්ලීන් මිශ්‍ර කිරීමේ සංරචක (reformate) සහ නැප්තා (naphtha) සහ අනෙකුත් සැහැල්ලු ඛනිජ රසායනික පෝෂක කොටස් ය (light petrochemical feedstocks).

S&P Global Platts යනු 2017 ජනවාරි මාසයේදී එකතු කිරීමට පටන් ගත් දත්තවල නිල ප්‍රකාශකයා වේ.

http://wam.ae/en/details/1395302857122 WAM / සිංහල

WAM/Sinhala