බ්‍රහස්පතින්දා 13 අගෝස්තු 2020 - 2:07:01 පෙරවරු (පෙ.ව)

එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුව hyperloop සඳහා පැහැදිලි නියාමන රාමුවක් සහ මාර්ගෝපදේශ ලේඛනයක් නිකුත් කරයි


ඩුබායි, 2020 ජූලි 27 (WAM) -- ෆෙඩරල් ප්‍රදානයන් සහ ණය ලබාදෙන ව්‍යාපෘති සඳහා සුදුසුකම් ලබන බව එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමත් සමඟ hyperloop යථාර්ථය කරා තවත් ඉදිරි පියවරක් ගෙන තිබේ.

මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ එක්සත් ජනපදයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ සාම්ප්‍රදායික නොවන හා නැගී එන ප්‍රවාහන තාක්‍ෂණය වන, NETT, කවුන්සිලය විසින් එක්සත් ජනපදයේ hyperloop සඳහා පැහැදිලි නියාමන රාමුවක් පිළිබඳ මාර්ගෝපදේශ ලේඛනයක් නිකුත් කිරීමෙන් පසුව ය.

"මෙම මාර්ගෝපදේශයන් නව නිපැයුම්කරුවා සහ නියාමකයා අතර ඇති පරතරය අවම කරන අතර, නවෝත්පාදනයන්ට කිසිඳු බාධාවක් නොකර සංවර්නදමය ක්‍රියාවලියේදී ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙනු ලබන අතර, කර්මාන්තය අංශය සහ රජය අතර අන්‍යෝන්‍ය දැනුවත්භාවය මෙන්ම ශක්තිමත් සබඳතා ද ප්‍රවර්ධනය කරනු ඇති බවට." සජීවීව විකාශය වූ උත්සවයකදී USDOT ලේකම් Elaine Chao මෙලෙස පවසා තිබේ.

DP World යනු Virgin Hyperloopහි තනි විශාලතම ආයෝජකයා ද වන අතර, hyperloop තාක්‍ෂණය දියුණු කිරීමේ කාණ්ඩයේ ප්‍රමුඛයා වන අතර හයිපර්ලූප් පරිමාණයෙන් සාර්ථකව අත්හදා බැලූ එකම සංවිධානය බවට පත්වේ. විද්‍යුත් චුම්භක ප්‍රචාලනය (electromagnetic propulsion) සහ විද්‍යුත් චුම්භක ලෙවීටින් (electromagnetic levitation) භාවිතා කරමින් පද්ධතිය ආසන්න රික්ත තත්වයන් යටතේ නල හරහා වේගයෙන් ගමන් කරයි. hyperloop වලින් පසු, ශතවර්ෂයකට අධික කාලයක් තුළ පළමු හා වඩාත්ම තිරසාර නව ප්‍රවාහන ක්‍රමය මෙය බවට පත් වනු ඇත.

නියාමන මාර්ගෝපදේශන ලේඛනය කාලසටහනට මාස ගණනකට පෙර පැමිණ ඇති අතර එය ලොව ප්‍රථම එක බවට පත්වේ. ඇමරිකා එක්සත් ජනපදයේ, Virgin Hyperloop පසුගිය වසර එකහමාරක කාලය තුළ තාක්‍ෂණය දියුණු කිරීම සඳහා hyperloop ආරක්ෂිතව හා ඉක්මණින් යෙදවිය හැකි බව සහතික කිරීම සඳහා NETT කවුන්සිලය සමඟ සමීපව කටයුතු කරයි.

"මෙම Hyperloop ව්‍යාපෘති ඕනෑම මැග්ලෙව් හෝ චුම්බක ලෙවීටින් ව්‍යාපෘතියක් (maglev or magnetic levitation project) මෙන් ප්‍රදානය කිරීමට සුදුසුකම් ඇති බව අපි තීරණය කර ඇත්තෙමු." යනුවෙන් සජීවී විකාශනය අතරතුර ප්‍රවාහන ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් ෆින්ච් ෆුල්ටන් මෙලෙස පවසා තිබේ.

"මෙයට ෆෙඩරල් දුම්රිය මාර්ග පරිපාලනය ඒකාබද්ධ දුම්රිය යටිතල පහසුකම් සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීම්, CRISI, වැඩසටහන - ලේකම් කාර්යාලය BUILD and INFRA grants සහ ඒ ආකාරයේ වැඩසටහන් ද අන්තර්ගත වේ. මෙයින් අදහස් කරන්නේ දෙපාර්තමේන්තුවේ ණය සහ ණය දීමේ වැඩසටහන් සඳහා ඔවුන් සුදුසුකම් ලබා තිබෙන බවකි.

"නගර සම්බන්ධ කරන පළමු මෙහෙයුම් hyperloop පද්ධතිය ගොඩනැගීම සඳහා තාක්ෂණය වේගයෙන් ඉදිරියට යමින් තිබෙන බවත්, ප්‍රවාහන සේවයේ විප්ලවීය වෙනසක් කිරීමට Hyperloop සතුව ඇති බවට වැඩි විශ්වාසයක් පෙන්නුම් කරන එක්සත් ජනපද රජයේ නිවේදන අපි සාදරයෙන් පිළිගනිමු." යනුවෙන් DP World හි සමූහ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සහ Virgin Hyperloop හි සභාපති සුල්තාන් බින් සුලෙයිම් මහතා මෙලෙස අදහස් දක්වා තිබේ.

"අපගේ හවුල්කරු Virgin Hyperloop සමඟ DP World හි අපගේ පරමාර්ථය වන්නේ hyperloop සඳහා මග පෙන්වීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තාක්ෂණයේ දියුණුව සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් කිරීමයි."

Virgin Hyperloop එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය සහ ඉන්දියාව ඇතුළු කලාපයේ රජයන් සමඟ ද කටයුතු කරමින් සිටී.

සවුදි අරාබියේ, Virgin Hyperloop මෑතකදී ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ හවුල් වී නැගෙනහිර ප්‍රදේශයන්හි Dammam සහ Jubail අතර මාර්ගයක් ඇතුළුව ජාතික මට්ටමින් ලෝකයේ පළමු හයිපර්ලූප් අධ්‍යයනය සිදු කර තිබේ.

http://www.wam.ae/en/details/1395302858379 WAM / සිංහල

WAM/Sinhala