බ්‍රහස්පතින්දා 13 අගෝස්තු 2020 - 1:40:21 පෙරවරු (පෙ.ව)

අර්බුද ජය ගැනීම සඳහා ජාතික ආර්ථිකය ශක්තිමත් බවට Al Khoori පවසයි 


අබු ඩාබි, ජොලි ගත කළේ 2020 (WAM) -- COVID-19 වසංගතය මර්දනය කිරීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයට ආදර්ශයක් බව ඔප්පු කර ඇත බවත්, රටේ බුද්ධිමත් නායකත්වයට ස්තුතිය පළකර තිබේ, ඒමෙන්ම, රජය විසින් පනවනු ලැබූ නීති උපදෙස් එලෙසම ප්‍රජාව විසින් පිළිපදිම්න් රටේ සියලුම බලධාරීන් අතර සහයෝගිතාවය තිබීම නිසා වෛරසය පැතිරීම අවම කිරීමට හැකිවී තිබෙන බවට මුදල් අමාත්‍යාංශයේ උප ලේකම් Younis Haji Al Khoori පවසයි.

එබැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ආර්ථිකය ශක්තිමත් නිසා මෙවැනි අර්බුදයන්ට ඔරොත්තු දෙමින් අර්බුද ජය ගැනීමට හැකියාව ඇති බවටද ඔහු පවසා තිබේ.

COVID-19 වසංගතයට මුහුණ දීමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික උපායමාර්ගයේ පොදු රාමුව තුළ කටයුතු ප්‍රධාන අදියර දෙකක් මත පදනම් වී ඇති අතර, සෞඛ්‍ය උපදෙස් සැලකිල්ලට ගනිමින් ආර්ථිකය හා ව්‍යාපාර කටයුතු ක්‍රමයෙන් විවෘත කිරීම. තවද, ආර්ථික කටයුතු සැලසුම් සහිතව වඩාත්ම බලපෑමට ලක් වූ අංශවලට යථාතත්ත්වයට පත්වීමට අවශ්‍ය සහාය ලබාදීමටද කටයුතු කර තිබේ. මේ වන විට අරාබි එමිරේට්ස් ඩිරාම් බිලියන 282.5 (AED282.5) ක් වැයකර තිබෙන අතර එමඟින් ව්‍යවසායකයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීමට කටයුතු යොදා තිබේ.

"මෙය මනාව නිර්වචනය කරන ලද සැලසුම් සහ ඵලදායි යාන්ත්‍රණයන් මත පදනම්ව අදාළ අංශවලට ප්‍රතිලාභ ගෙන එන ආකාරයට සම්බන්ධ කරයි," ඔහු ජූලි මාසයේදී MoF ඊ-ප්‍රවෘත්ති පත්‍රයේ පළ කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස ප්‍රකාශ කර තිබේ.

දෙවන අදියර සඳහා Al Khoori පැහැදිලි කළේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය වේගවත් කිරීම සඳහා දිගු කාලීන උත්තේජක සැලැස්මක අවශ්‍යතාවයක් තිබෙන බවකි. ආර්ථික ආකෘතියේ නම්‍යශීලීභාවය සහ තිරසාර බව වැඩි දියුණු කරමින් අභියෝග තත්ත්වයන් අවස්ථාවන් බවට පරිවර්තනය කිරීම සහ තිරසාර ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා එය එලෙස කටයුතු කරයි. ඉහළ අනාගත විභවයක් සහිත අංශ සඳහා මූල්‍යකරණය සහ ආයෝජනයන්ද එමගින් දිරිගන්වයි.

අනාගතයේ දී ඩිජිටල් ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු වනු ඇතැයි ඔහු පැවසීය. තවද, කෘතිම බුද්ධිය, AI, 5G, ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස්, IoT, smart cities, සහ හරිත ආර්ථික සංකල්ප සහ පුනර්ජනනීය බලශක්තිය වැනි කර්මාන්ත ඇතුළුව ගොඩ නැගෙනු ඇති බවටද ඔහු පවසා තිබේ.

ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයන් සහ රොබෝ තාක්ෂණයන් ඒකාබද්ධ කිරීමෙන් ඵලදායිතාව ඉහළ නැංවීම, AI, ජෛව තාක්ෂණය හා ජාන ඉංජිනේරු වැනි උසස් තාක්ෂණයන් භාවිතා කරමින් ආහාර සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීමෙන් විදුලි කාර් සහ ක්‍රියාකාරී ආර්ථිකයක් ස්ථාපිතවනු ඇත.

අමාත්‍යාංශය මෙවැනිම සමාන ආකාරයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා එයට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරමින්, අර්බුදය සමඟ කටයුතු කිරීමේදී අනෙක් අයට වඩා දුෂ්කරතාවන්ට මුහුණ දුන් ක්ෂේත්‍රවල අඩුපාඩු පරීක්ෂා කිරීම මෙන්ම වඩා ඔරොත්තු දෙන ඒවාට සහාය වීම මෙම යෝජිත ප්‍රතිපත්තීන් මගින් බලාපොරොත්තුවේ.

වර්තමාන අර්බුදය සැලකිල්ලට ගනිමින් නිකුත් කරන ලද වැදගත් නීති අතර, රටේ උපන් පුද්ගලයින් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද්‍රවශීලතා නීතිය, ණය ගෙවීමේදී මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන ඕනෑම කෙනෙකුට ඇති බර ලිහිල් කරයි. මෙයට පුරවැසියන් මෙන්ම පදිංචිකරුවන් ද ඇතුළත් ය.

http://www.wam.ae/en/details/1395302858699 WAM / සිංහල

WAM/Sinhala