බ්‍රහස්පතින්දා 13 අගෝස්තු 2020 - 1:57:17 පෙරවරු (පෙ.ව)

ආයෝජන අවස්ථාවන් පිළිබඳව Dr. Thani bin Ahmed Al Zeyoudi බ්‍රිතාන්‍ය වෙළඳ අමාත්‍යවරයා සමඟ  සාකච්ඡා කරයි 


ඩුබායි, 2020 ජූලි 28 (WAM) -- ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළදාම පිලිබඳ රාජ්‍ය අමාත්‍ය Dr. Thani bin Ahmed Al Zeyoudi මහතා බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය රනිල් ජයවර්ධන මහතා සමඟ අතථ්‍ය රැස්වීමක් පවත්වා තිබේ.

දෙරට අතර උපායමාර්ගික හා සංවර්ධන අභිලාෂයන් ඉලක්ක කරමින් සේවය කිරීම සඳහා ඉදිරි අදියරවල ප්‍රමුඛතාවන්ට අනුකූලව පවත්නා හවුල්කාරිත්වයේ විෂය පථය පුළුල් කිරීමට අවශ්‍ය නව අවස්ථා පිළිබඳව ද රැස්වීමේදී අවධානය යොමුකර තිබේ.

මෙම රැස්වීමට එක්සත් රාජධානියේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Mansoor Abulhoul සහභාගී විය; විදේශ වෙළඳ කටයුතු පිළිබඳ ආර්ථික අමාත්‍යාංශයේ උප ලේකම් Abdullah bin Ahmed Al Saleh, විදේශ වෙළඳ කටයුතු පිළිබඳ ආර්ථික අමාත්‍යාංශයේ සහකාර උප ලේකම් Juma Mohammed Al Kait, සහ ආර්ථික අමාත්‍යාංශයේ වෙළඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Mohammed Nasser Hamdan Al Zaabi යන මහත්වරුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් සහභාගී වී තිබෙන අතර, බ්‍රිතාන්‍ය පාර්ශ්වය නියෝජනය කරමින් මැද පෙරදිග සඳහා පත්කර තිබෙන බ්‍රිතාන්‍ය වෙළඳ කොමසාරිස් සහ තවත් නිලධාරීන් ගණනාවක් රැස්වීමට සහභාගී විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ-එක්සත් රාජධානියේ හයවන ඒකාබද්ධ ආර්ථික කමිටුව කැඳවීම සම්බන්ධීකරණය කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සහයෝගීතා ප්‍රයත්නයන් සම්බන්ධ ලිපිගොනු කිහිපයක් පිළිබඳවද මෙම රැස්වීමෙන් අනතුරුව අවධානය යොමු කරමින් සාකච්ඡාවට ලක්කර තිබේ. සුවිශේෂී අංශවල ආයෝජන අවස්ථා පිළබඳව සොයාබැලීම සහ දිරිගැන්වීම්, පුනර්ජනනීය බලශක්තිය, සෞඛ්‍ය සේවා, ආහාර සුරක්‍ෂිතතාව සහ උසස් තාක්‍ෂණ සේවා පිළිබඳ සමාලෝචනයක් මෙන්ම දෙරටේ වෙළඳපල අතර සංචාරක ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන අවශ්‍යතා ගණනාවක් ද මෙයට ඇතුළත් වීය.

මෙයට අමතරව, GCC සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳවද සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

එක්සත් රාජධානිය සහ එක්සත් අර්රබි අමීර් රාජ්‍යය සමඟ සියලු ප්‍රධාන මෙන්ම අත්‍යවශ්‍ය යැයි සැලකෙන ක්‍ෂේත්‍රයන්හි, විශේෂයෙන් වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැඩි අවධානය යොමුව තිබෙන බවට එහිදී ආචාර්ය අල් සෙයූඩි අවධාරණය කර තිබේ. Covid-19 වසංගතය සහ Brexit විසින් ගෙන එන ගෝලීය ආර්ථික භූ දර්ශනයේ මෑත කාලීන වෙනස්වීම් මගින් ඉදිරිපත් කර ඇති අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා වත්මන් වාතාවරණය තුළ වෙන කවරදාටත් වඩා ඒකාබද්ධ සංවාදයක් මෙන්ම කථිකාවතක් ඉල්ලා සිටින බවටද ඔහු පෙන්වා දී තිබේ. මෙම කාල පරිච්ඡේදය තුලදී දෙරට අතර තීව්‍ර, මෙන්ම සමෘද්ධිමත් සහ ශක්තිමත් ආර්ථික සහයෝගීතාවයේ යුගයක ආරම්භය සනිටුහන් කළ හැකි බව ඔහු පැවසීය.

මේ අතර, ජයවර්ධන විසින් දෙරට අතර ගොඩනැගී තිබෙන ශක්තිමත් සබඳතා සුවිශේෂී සබඳතා බවට පරිවර්තනය කරමින් සහ මිත්‍රත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන හවුල් අභිලාෂයන් සහ සහයෝගීතාවයේ සීමාවන් පුළුල් කිරීම සඳහා වැඩි අවස්ථාවන් ගවේෂණය කිරීම, විශේෂයෙන් ආර්ථික විවිධාංගීකරණය සහ අනෙකුත් ප්‍රමුඛතා අංශවල න්‍යාය පත්‍රයට සේවය කරන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය එහිදී අවධාරණය කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලාපයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවා වන අතර එය නියෝජනය කරන අත්‍යවශ්‍ය වෙළඳ අපේක්ෂාවන්ට අමතරව කලාපයේ වෙළඳ හා ආයෝජන සඳහා පහසුකම් සැලසීමේදී අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන බව බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා පැවසීය.

http://www.wam.ae/en/details/1395302858663 WAM / සිංහල

WAM/Sinhala