බ්‍රහස්පතින්දා 13 අගෝස්තු 2020 - 1:41:39 පෙරවරු (පෙ.ව)

මොහොමඩ් බින් සයීඩ් සහ ඕමානයේ සුල්තාන් Eid al-Adha සුබ පැතුම් පණිවිඩයන් හුවමාරු කර ගනී


අබු ඩාබි, 2020 ජූලි 29 (WAM) -- අබු ඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නාහ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර අණදෙන නිලධාරි ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්, ඕමානයේ රාජකීය සුල්තාන් හයිතම් බින් තාරික් බින් තායිමූර් අල් සයිඩ් සමඟ දුරකථනය මගින් සම්බන්දවෙමින් Eid al-Adha සුබ පැතුම් හුවමාරුව කර ගනී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ සහෝදර ජනයාගේ අඛණ්ඩ ප්‍රගතිය, සුභසාධනය සහ සමෘද්ධිය උදෙසා නායකයන් දෙදෙනා සර්වබලධාරී අල්ලාහ්ට දෙවියන්ට එහිදී යාච්ඤා කර තිබේ.

උත්තරීතර නායක ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් ඕමාන් සුල්තාන් වෙත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයීඩ් අල් නහියාන්ගේ සුබ පැතුම් එක් කළ අතර යහපත් සෞඛ්‍ය, යහපැවැත්ම සහ දීර්ඝායුෂ මෙන්ම ඕමානයේ ජනතාවගේ ප්‍රගතිය සහ සමෘද්ධිය උදෙසා ඔහුගේ සුබ පැතුම් ද එහිදී එක්කර තිබේ.

අති උත්කර්ෂවත් ආගමික අවස්ථාවට සුල්තාන් හයිතම් සහ ෂෙයික් කලීෆා බින් සයීඩ් සහ ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් යන උත්තරීතර නායකයින්ට සුබ පැතුම් එක් කරමින් ඔවුන්ට යහපත් සෞඛ්‍යයක් හා සතුට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාවට තවදුරටත් ප්‍රගතිය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කරන අතර ඉස්ලාමීය ගෞරවය හා ජාතියේ අභිමානය ආරක්ෂා කිරීමටද එහිදී සුබ පතා තිබේ.

http://www.wam.ae/en/details/1395302859012 WAM / සිංහල

WAM/Sinhala