බ්‍රහස්පතින්දා 13 අගෝස්තු 2020 - 1:55:41 පෙරවරු (පෙ.ව)

එක්සත් ජාතීන්ගේ, තිරසාර, සංවර්ධන ,අරමුණු, සඳහා, space-solutions database, නිර්මාණය, කිරීම, සඳහා ,අබුඩාබියේ, UNOOSA, කාර්යාලය ,පියවර, ගනී,


අබු ඩාබි, 29 ජුලි 2020 (WAM) -- එක්සත් ජාතීන්ගේ බාහිර අභ්‍යවකාශ කටයුතු (Office for Outer Space Affairs) පිළිබඳ කාර්යාලය, UNOOSA, මෙම වසර අග භාගයේදී අබු ඩාබියේ විවෘත කිරීමට බලාපොරොත්තුවන අතර, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක,(United Nations’ Sustainable Development Goals, SDGs), සාක්ෂාත් කර ගැනීම සඳහා අභ්‍යවකාශය පදනම් කරගත් විසඳුම් පිළිබඳ දත්ත සමුදායක් සකස් කිරීමට සැලසුම් කරයි.

"සෑම SDGs 17 ක්ම විශ්ලේෂණය කර අභ්‍යවකාශ ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ කර ඇත්තේ පෘථිවියේ තිරසාරභාවය සඳහා අවකාශය භාවිතා කිරීමේ වැඩසටහනේ කොටසක් වශයෙනි. අපගේ ප්‍රධාන කාර්යාලය [වියානාහි] පිහිට තිබෙන අතර, අදාළ යෝජිත මෙහෙවරයන් එහිදී අඛණ්ඩව සිදු කරනු ඇති බවට." UNOOSAහි අධ්‍යක්ෂක Simonetta Di Pippo මහත්මිය වියානාහි සිට ස්කයිප් තාක්ෂණය මගින් සම්බන්දවෙමින් WAM හි එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සියත් සමඟ පවතී සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස ප්‍රකාශ කර තිබේ.

"අභ්‍යවකාශ තිරසාරභාවය සහ සංවර්ධන ගැටළු සඳහා අවකාශය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ප්‍රගතියක් ඇති කිරීම සඳහා නව ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස අබුඩාබි කාර්යාලය අපට සියලු විසඳුම් සහ හොඳම භාවිතයන් [SDGs හා සම්බන්ධ] දත්ත සමුදායක් නිර්මාණය කිරීමට ඉඩ ප්‍රස්ථාවන් සලස්වා දෙනු ඇති බවත්. UNOOSA පමණක් නොව සමස්ත අභ්‍යවකාශ ප්‍රජාවම ලොව පුරා වත්මනයේ සංවර්ධනය වෙමින් පවතින බවට ද" ඇය එහිදී අවධාරණය කර තිබේ.

අබුඩාබියේ UNOOSA කාර්යාලය මැද පෙරදිග ස්ථාපිත කර තිබෙන එවැනි පළමු කාර්යාලය බවට පත්වේ. මේ වන විට UNOOSA කාර්යාල තුනක් ඇත, වියානා (ඔස්ට්‍රියාව), බොන් (ජර්මනිය) සහ බීජිං (චීනය) යනාදී නගරයන්හි පදනම්ව මෙහෙයුම් කටයුතු සිදු කරගෙන යමින් තිබෙන බවට වාර්තාවන් පවසයි.

නව කාර්යාලය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබුණද, වර්තමාන ගෝලීය සෞඛ්‍ය තත්වය හේතුවෙන් සීමිත ගමන් සහ සැපයුම් කටයුතු ප්‍රමාද වීමට හේතු වී තිබේ. මෙම වසර අගදී හෝ අළුත්ම කාර්යාලය අබුඩාබියේ Masdar නගරයේ විවෘත කරනු ඇති බවට Di Pippo මහත්මිය අනාවරණය කර තිබේ.

"තිරසාර තාක්‍ෂණික විසඳුම් මධ්‍යස්ථානයක්" Masdar නගරය පදනම් කරගෙන පිහිටුවමින් ක්‍රියාත්මක කිරීම එවැනි කාර්යාලයක් පවත්වාගෙන යෑමට සුදුසුම ස්ථානය බවට ද." ඇය පවසා තිබේ.

අබුඩාබියේ ඒජන්සියේ කාර්යාලය විවෘත කිරීමට මග පෑදූ අභ්‍යවකාශ ක්‍රියාකාරකම්වල දිගුකාලීන තිරසාරභාවය පිළිබඳ සහයෝගීතාව වැඩි කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා අවකාශය භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා UNOOSA සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය ජුනි මාසයේදී ගිවිසුමකට අත්සන් කර තිබේ.

පෘථිවියේ තිරසාර බව සමඟ බැඳී ඇති අභ්‍යවකාශයේ තිරසාරභාවය පිළිබඳ සංකල්පය ශක්තිමත් කරන ව්‍යාපෘති සංවර්ධනය කිරීමට මෙම නව කාර්යාලය ඉවහල් වනු ඇතැයි Di Pippo ප්‍රකාශ කර තිබේ.

"අප කරන්නේ අභ්‍යවකාශ ගවේෂණවල ප්‍රතිලාභ සෑම තැනකම සෑම තැනකටම ගෙන ඒමට උත්සාහ කිරීම බැවින් මෙමගින් සියල්ලෙකුම ආවරණය වනු ඇති බවටද.." ඇය ප්‍රකාශ කර තිබේ.

උදාහරණයක් ලෙස ඇය අඟහරු ගවේෂණය සහ පෘථිවියේ තිරසාරභාවය සමඟ ඇති විය හැකි සම්බන්ධතාවය ගැන ද සඳහන් කර තිබේ.

"අඟහරු වෙත යාමට නම්, ඔබ පෘථිවියට බලපෑමක් ඇති කළ හැකි තාක්‍ෂණික විසඳුම් ගණනාවක් වැඩි දියුණු කළ යුතුය. එබැවින් මෙවැනි ක්‍රියාකාරකම් අබුඩාබියේ කාර්යාලයේ මෙහෙයුම්හි කොටසක් ද වනු ඇති." බවට ඇය ප්‍රකාශ කර තිබේ.

"එම නිසා, උදාහරණයක් ලෙස, 2015 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද 2030 තිරසාර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස, තිරසාර සංවර්ධන ඉලක්ක 17, SDGs, සාක්ෂාත් කර ගැනීම සඳහා අවකාශය භාවිතා කරන්නේ කෙසේදැයි සාකච්ඡා කළ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද," UNOOSAහි අධ්‍යක්ෂවරයා එහිදී අවධාරණය කර තිබේ.

එමෙන්ම, SDG අංක හතර ගුණාත්මක අධ්‍යාපනය වන අතර; අංක හය - පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව; අංක 11 - නගර සහ මානව ජනාවාස සියල්ල ඇතුළත්, ආරක්ෂිත, ඔරොත්තු දෙන සහ තිරසාර හෝ ස්මාර්ට් නගර සංවර්ධනය කරන්නේ කෙසේද; මේ සියල්ල විශ්ලේෂණය කර අභ්‍යවකාශ ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ කළ හැකි බවටද ඇය එහිදී තව දුරටත්පැ හැදිලි කළාය.

"එබැවින් මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යවකාශ ඒජන්සිය(UAE Space Agency) සහ UNOOSA එක්ව ලෝක ප්‍රජාවට ලබා දෙන සේවාවක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්. තවද මෙම ඉතා වැදගත් කාලෝචිත අදහස සහ මේ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ එක්ව ආරම්භ කිරීමට හැකිවීම ගැන තමන් ආඩම්බරයට පත්වන බවටත්." එහිදී පවසා තිබේ.

ජුලි 19 වන දින WAM වාර්තා කළ පරිදි, Di Pippo පැවසුවේ එමිරේට්ස් අඟහරු මෙහෙයුම, 'Hope Prob'e, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුළු ලෝකයටම කළ දායකත්වය බවයි.

"එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැමවිටම අනාගතය දෙස ඉතාමත් බුද්ධිමත්ව මෙන්ම තික්ෂණයෙන් බලා සිටී. එය අපගේ ප්‍රබල සහකරුවෙක්ය වන බවටද ඇය එහිදී ප්‍රකාශ කර තිබේ. වැදගත්ම දෙය නම් ඔවුන් මෙය කරන්නේ [හෝප් ප්‍රොබ්] තමන් වෙනුවෙන් නොව කලාපය සහ මුළු ලෝකය වෙනුවෙන්මයි." යනුවෙන් ද ඇය එහිදී ප්‍රකාශ කර තිබේ.

"Hope Probe ගැන මම ඉතා සතුටට පත්වෙනවා. මෙයින් පෙනී යන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැබවින්ම අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නෙකු බවට පත්වෙමින් සිටින බවට ද." එහිදී ඉස්මතුකර පෙන්වා දී තිබේ.

හෝප් ගවේෂණය (Hope probe) ජූලි 20 වන දින ජපානයේ ටෙනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කරන ලදී. එමිරේට්ස් හි සාමාජිකන් ලද මෙය ඓතිහාසික ජයග්‍රහණය සනිටුහන් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වර්ණ ජුබිලි සැමරුමට සමගාමීව 2021 පෙබරවාරි මාසයේදී අඟහරුගේ කක්ෂය කරා ළඟා වීමට නියමිතව තිබෙන අතර, එය මාස හතක් තුළ කිලෝමීටර් මිලියන 493.5 ක් ගමන් කරනු ඇත.

බින්සාල් අබ්දුල් කාදර් විසිනි http://www.wam.ae/en/details/1395302858997 WAM / සිංහල

WAM/Sinhala