බ්‍රහස්පතින්දා 06 අගෝස්තු 2020 - 5:59:11 පෙරවරු (පෙ.ව)

BREAKING: බරකා න්‍යෂ්ටික බලශක්ති බලාගාරයේ 1 වන ඒකකයේ ආරක්ෂිත ආරම්භය සාර්ථක වේ 

  • مؤسسة الإمارات للطاقة النووية تعلن بداية التشغيل الآمن لأولى محطات براكة للطاقة النووية السلمية
  • مؤسسة الإمارات للطاقة النووية تعلن بداية التشغيل الآمن لأولى محطات براكة للطاقة النووية السلمية
  • مؤسسة الإمارات للطاقة النووية تعلن بداية التشغيل الآمن لأولى محطات براكة للطاقة النووية السلمية
  • مؤسسة الإمارات للطاقة النووية تعلن بداية التشغيل الآمن لأولى محطات براكة للطاقة النووية السلمية
වීඩියෝ රූප

- ආරම්භ කිරීම යනු ඉදිරි විමෝචනය රහිත විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන පියවරකි - ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන න්‍යෂ්ටික ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා නියාමන අවශ්‍යතා අනුව මෙම ක්‍රියාවලිය සිදුවේ අබු ඩාබි, 2020 අගෝස්තු 1 (WAM) -- එමිරේට්ස් න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව, ENEC, එහි මෙහෙයුම් හා නඩත්තු උප සමාගම වන Nawah බලශක්ති සමාගම (Nawah Energy Company), විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබියේ අල් දෆ්රා කලාපයේ පිහිටි බරකා න්‍යෂ්ටික බලශක්ති බලාගාරයේ (Barakah Nuclear Energy Plant) 1 වන ඒකකය සාර්ථකව ආරම්භ කළ බව නිවේදනය කරයි.

ඉදිරි වසර 60 සඳහා ජාතිය සඳහා පිරිසිදු විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමකාමී න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන (UAE Peaceful Nuclear Energy Programme) මේ දක්වා මේ සම්බන්දව ගෙන ඇති වැදගත්ම සන්ධිස්ථානය මෙය වන බවට ද වාර්තාවන් පවසයි.

2020 පෙබරවාරි මාසයේදී න්‍යෂ්ටික රෙගුලාසි සඳහා වන ෆෙඩරල් අධිකාරියෙන් (FANR) මෙහෙයුම් බලපත්‍රය ලැබීමෙන් පසු, සහ 2020 මාර්තු මාසයේදී ඉන්ධන එකලස් කිරීම සම්පූර්ණ කිරීමෙන් පසුව, එමිරේට්ස් න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව (ENEC) සහ කොරියාවේ විදුලි බල සංස්ථාවේ (KEPCO) ඒකාබද්ධ ව්‍යාපාර න්‍යෂ්ටික මෙහෙයුම් සහ නඩත්තු අනුබද්ධ උප සමාගම වන Nawah බලශක්ති සමාගම, බරකා බලාගාරයේ (Barakah plant) පළමු න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරකයේ ආරම්භය සාර්ථකව නිම කිරීමට පෙර පුළුල් පරීක්ෂණ වැඩසටහනක් හරහා ආරක්ෂිතව දියත් කර තිබේ.

ඒකකය 1 හි ආරම්භය සනිටුහන් කරන්නේ ප්‍රතික්‍රියාකාරකය ආරක්ෂිතව තාපය නිපදවන පළමු අවස්ථාව වන අතර එය වාෂ්ප සෑදීම සඳහා භාවිතා කරන අතර විදුලි බලය ජනනය කිරීම සඳහා ටර්බයිනයක් හරවයි. Nawah බලශක්ති සමාගම (Nawah Energy Company) සුදුසුකම් ලත් සහ බලපත්‍රලත් න්‍යෂ්ටික ක්‍රියාකරුවන්ගේ කණ්ඩායම අවධානය සම්පුර්ණයෙන්ම යොමු කර තිබෙන්නේ බරකා බලාගාරයේ (Barakah plant) ක්‍රියාවලිය ආරක්ෂිතව පාලනය කිරීම සහ ප්‍රතික්‍රියාකාරකයේ බල ප්‍රතිදානය පාලනය කිරීම සඳහා ය.

සති කිහිපයකට පසු සහ ආරක්ෂිත පරීක්ෂණ රාශියක් සිදු කිරීමෙන් අනතුරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලිබල ජාලයට (UAE’s electricity grid) සම්බන්ධ වීමට පළමු ඒකකය (Unit 1) සූදානම් වන අතර, එහිදී පළමු මෙගාවොට් පිරිසිදු විදුලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාස හා ව්‍යාපාර වෙත ලබා දීමට අවශ්‍ය පියවර ගැනෙනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වාධීන න්‍යෂ්ටික නියාමකයා වන FANR හි අඛණ්ඩ අධීක්ෂණය යටතේ පරීක්ෂණ සිදු කර ඇති අතර ලෝක න්‍යෂ්ටික ක්‍රියාකරුවන්ගේ සංගමය වන WANO, ව අනුගමනය කරමින්, Pre Start-up Review, PSUR හි පූර්ව ආරම්භක සමාලෝචනයන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, 2020 ජනවාරි මාසයේදී න්‍යෂ්ටික බලශක්ති කර්මාන්තයේ ජාත්‍යන්තර හොඳම භාවිතයන් පිළිපදිමින් සහ ඒවා අනුගමනය කරමින් පළමු ඒකකය (Unit 1) පෙළ ගැසී ඇති බව සහතික කරන මෙහෙයුම් බලපත්‍රය ලැබී තිබේ.

"අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සැබවින්ම ඓතිහාසික අවස්ථාවක් වන බවත්. එය දශකයකට වැඩි කාලයක දැක්ම, උපායමාර්ගික සැලසුම්කරණය සහ ශක්තිමත් වැඩසටහන් කළමනාකරණයේ මුලාරම්භ පදනම වන බවත්. මෑත කාලීන ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, අපගේ කණ්ඩායම 1 වන ඒකකය ආරක්ෂිතව ලබා දීම සඳහා කැපී පෙනෙන කැපවීමක් පෙන්නුම් කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් දක්වා සැපයීම සහ එහි අනාගත වර්ධනය සුරක්ෂිත, විශ්වාසදායක සහ විමෝචන රහිත විදුලියෙන් බල ගැන්වීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීමට අපි දැන් තවත් පියවරක් ඉදිරියට තබා තිබෙන බවට." ඒ පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව, ENEC වේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් ඉබ්‍රාහිම් අල් හම්මඩි මහතා මෙසේ පවසා තිබේ.

"අපගේ නායකත්වයේ දැක්ම සාක්ෂාත් කර ගැනීම තුළින් බරකා න්‍යෂ්ටික බලශක්ති බලාගාරය (the Barakah Nuclear Energy Plant) ජාතියේ වර්ධන එන්ජිමක් බවට පත්ව ඇත. එමෙන්ම, එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලියෙන් සියයට 25 ක් ශුන්‍ය කාබන් විමෝචනයකින් ලබා දෙන අතර තිරසාර දේශීය න්‍යෂ්ටික බලශක්ති කර්මාන්තයක් සහ සැපයුම් දාමයක් පිහිටුවීම තුළින් ඉහළ වටිනාකම් සහිත රැකියා දහස් ගණනක් නිර්මාණය කරමින් ආර්ථික විවිධාංගීකරණයට සහාය වනු ඇති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බළධාරීන් විශ්වාස කරයි.

අපගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාර්ශවකරුවන්ගේ සහ කොරියානු හවුල්කරුවන්ගේ සහයෝගය ඇතිව මෙම විශිෂ්ට ජයග්‍රහණය සිදුකිරීමට නායකත්වය දක්වන අඛණ්ඩ සහයෝගයට අපි ස්තූතිවන්ත වන අතර මෙම සුවිශේෂී වැඩසටහනට දායකත්වය ලබාදුන් සැමට සුබ පතන්නෙමු යනුවෙන් ද ඔහු එහිදී පවසා තිබේ.

ඒකකය විදුලිබල පද්ධතියට සම්බන්ධ වූ පසු, න්‍යෂ්ටික ක්‍රියාවලිය විසින් ක්‍රමානුකූලව විදුලිබල මට්ටම ඉහළ නැංවීමේ ක්‍රියාවලියක් (Power Ascension Testing, PAT) සිදු කරනු ඇත. සියළුම නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව සහ ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඒකකය පූර්ණ විදුලි නිෂ්පාදනය කරා ඉදිරියට යද්දී ඒකක 1 හි පද්ධති අඛණ්ඩව අධීක්ෂණය කර පරීක්ෂා කිරීමට ලක්කරනු ඇත. මාස ගණනාවක් පුරා මෙම ක්‍රියාවලිය අවසන් වූ පසු, ඉදිරි දශක ගණනාව තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වර්ධනය හා සමෘද්ධිය සඳහා බලශක්තිය සැපයීම සඳහා බලාගාරය බහුල වශයෙන් බේස්ලෝඩ් විදුලිය (baseload electricity) පූර්ණ ධාරිතාවයෙන් ලබා දෙනු ඇත.

"ඒකක 1 ක ආරම්භ කිරීම Nawah බලශක්ති සමාගමට (Nawah Energy Company) වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ආරක්ෂාව සහ ගුණාත්මකභාවය පිළිබඳ ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බලාගාරය ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම සඳහා වූ අපගේ වගකීම අප විසින් ඉටු කරනු ලැබේ. අපගේ ජනතාවගේ කැපවීම මෙන්ම අපගේ කොරියානු හවුල්කරුවන් සමඟ අපගේ සමීප සම්බන්ධතාවය සහ ජාත්‍යන්තර විශේෂඥන්ගේ සහ සංවිධාන ගණනාවක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මෙම ජයග්‍රහණය සඳහා ඉවහල් වී තිබේ. ගෝලීය න්‍යෂ්ටික කර්මාන්තයේ විශේෂඥතාව ඉහළ නැංවීම තුළින් සමස්ත ආරම්භක ක්‍රියාවලිය තුළ ඉහළම ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ මෙහෙයුම් විනිවිදභාවය පිළිබඳ ප්‍රමිතීන් ඉහළ නැංවීමට අපගේ කැපවීම මෙයින් මැනවින් පිළිබිඹු වන බවට." එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලශක්ති මෙහෙයුම්වල මෙම වැදගත් සන්ධිස්ථානය ගැන අදහස් දක්වමින් Nawah සමාගමේ ප්‍රධාන ඉංජිනේරු, විධායක නිලධාරී අලි අල් හම්මඩි මහතා මෙසේ අදහස් පළකර තිබේ.

"අපගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ඉංජිනේරුවන් සහ න්‍යෂ්ටික වෘත්තිකයන් මෙන්ම ඒකක 1 ක ඉදිකිරීමට දායක වූ න්‍යෂ්ටික වෘත්තිකයන් මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ජ්‍යෙෂ්ඨ ප්‍රතික්‍රියාකාරක ක්‍රියාකරුවන් සහ ඔවුන් පිළිබඳව අපගේ ජාත්‍යන්තර විශේෂඥයින් සමඟ ඉදිරි දශක ගණනාව තුළ ඒකකයේ ආරක්‍ෂිත හා තිරසාර මෙහෙයුම් සහතික කිරීමට මම බලා‍පොරොත්තු වෙමි." යනුවෙන් ඉංජිනේරු අල් හම්මඩි මහතා ප්‍රකාශ කර සිටී.

ලෝකයේ පිරිසිදු හා විශ්වාසදායක බේස්ලෝඩ් විදුලිය (baseload electricity) ජනනය කිරීම සඳහා න්‍යෂ්ටික බලශක්ති බලාගාර සංවර්ධනය කරනු ලබන අරාබි ලෝකයේ පළමු රට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්වන අතර, ගෝලීය වශයෙන් 33 වන රට බවට ද මෙමගින් ලැයිස්තුගත වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලශක්ති ක්ෂේත්‍රයේ විද්‍යුත්කරණය හා විදුලිබල නිෂ්පාදනය කාබන්හරණය කිරීම (decarbonisation of electricity production) සඳහා බරාකා බලාගාරය සැලකිය යුතු දායකත්වයක් සපයයි.

සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වන විට, බලාගාරය ගිගාවොට් 5.6 ක විදුලියක් නිපදවන අතර සෑම වසරකම කාබන් විමෝචනය ටොන් මිලියන 21 කට වඩා වැඩි ප්‍රමාණයක් මුදා හැරීම වළක්වනු ඇත. එමෙන්ම , එය වාර්ෂිකව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ග වලින් මෝටර් රථ මිලියන 3.2 ක් ඉවත් කිරීමට සමාන වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමකාමී න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන 2009 දී ආරම්භ වූ දා සිට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වාධීන න්‍යෂ්ටික නියාමකයා වන FANR හි නියාමන රාමුවට අනුකූලව එමිරේට්ස් න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව, ENEC, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය, IAEA සහ WANO ඇතුළු ජාත්‍යන්තර න්‍යෂ්ටික ආයතන සමඟ සමීපව කටයුතු කර ඇත. අද වන විට, බරකා බලාගාරය සහ එහි ජනතාව සහ ක්‍රියාවලීන් න්‍යෂ්ටික ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සපුරාලීම සහතික කිරීම සඳහා FANR විසින් පරීක්ෂණ 255 කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත. මෙම සඳහා IAEA සහ WANO විසින් තක්සේරු කිරීම් සහ සමාලෝචන 40 කට වඩා ලබා දී ඇත.

න්‍යෂ්ටික මෙහෙයුම් සහ නඩත්තු අනුබද්ධ උප සමාගම වන Nawah බලශක්ති සමාගම විසින් දැන් ඒකක 2 හි ඉදිකිරීම් අවසන් කරන බව එමිරේට්ස් න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව, ENECය මෑතකදී නිවේදනය කර තිබේ. බරකා න්‍යෂ්ටික බලාගාරයේ ඒකක 3 සහ 4 ඉදිකිරීම අවසන් අදියරේ පවතින අතර ඒකක හතරේ සමස්ත ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට 94 කින් අවසන් වී තිබේ.

http://www.wam.ae/en/details/1395302859575 WAM / සිංහල

WAM/Sinhala