බ්‍රහස්පතින්දා 13 අගෝස්තු 2020 - 1:17:38 පෙරවරු (පෙ.ව)

බරකා න්‍යෂ්ටික බලාගාරයේ 1 වන ඒකකය සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව එමිරාටිවරුන් ආඩම්බරයෙන් සමරනු ඇති බවට කලීෆා බින් සයීඩ් පවසයි 


අබු ඩාබි, 2020 අගෝස්තු 1 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමකාමී න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන යටතේ සාමකාමී න්‍යෂ්ටික බලශක්තිය භාවිතය සඳහා අරාබි ලෝකයේ පළමු බලාගාරය වන බරකා න්‍යෂ්ටික බලශක්ති බලාගාරයේ 1 වන ඒකකය ක්‍රියාත්මක කිරීමේදී එමිරාටි කණ්ඩායමේ සාමාජිකයින් විසින් ලබා ඇති සාර්ථකත්වය ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයීඩ් අල් නහියන් මහතා පැසසුමට ලක් කර තිබේ.

"Hope Probe දියත් කර දින කිහිපයකට පසු අත්කරගෙන තිබෙන මෙම ඓතිහාසික ජයග්‍රහණය ඉතාමත් වැදගත් එකක් වන බවත්, එමෙන්ම, එමිරාටි කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන අපගේ මෙම සාමකාමී න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳවූ ජයග්‍රහණය මින් ඉදිරියේදී සෑම ක්ෂේත්‍රයකම ශක්තිමත් දැනුම පදනම් කර ගනිමින් බුද්ධිය ඉලක්ක කරගත් සැලසුම් මාලාවක් සමඟ අඛණ්ඩව ඉදිරියට ගමන් කරන බව මෙමගින් සනාථ කරනු ඇති බවට." ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයීඩ් මෙලෙස සිය අදහස් පළකර තිබේ.

"අපගේ විද්‍යාත්මක පර්යේෂණ ආයතන" දැනුමෙන් හා පුළුල් අත්දැකීම් වලින් සමන්විත දියත් කරනු ලැබූ මෙම වැඩසටහනට දායකත්වය ලබාදුන් අයට ඔහු සුබ පැතුම් පණිවිඩයන් එක්කර තිබේ.

"අනාගතය සඳහා වූ අපගේ දැක්ම හැඩගස්වන මෙම තීරණාත්මක ජයග්‍රහණය පිලිබඳ අපගේ ජනතාවට අපි සුබ පතන්නෙමු. අපගේ දැක්ම සහ අරමුණු යථාර්ථයට පරිවර්තනය කළ අපගේ ජාතික සේවකයින් පිළිබඳව මුළු ලෝකයම අපි ගැන ආඩම්බර වනු ඇත."

"වාසනාවකට මෙන්, අදත්, මෑතකදීත් අප අත්කර ගෙන ඇති ජයග්‍රහණය, අපේ ජාතියේ ඓතිහාසික අරාබි සංධානය ලැබූ ජයග්‍රහණය සනිටුහන් කරමින් ස්වර්ණ ජයන්තිය සැමරීම අරාබි ලෝකයේම සිදුවූ හැරවුම් සන්ධිස්ථානයක් " යැයි ජනාධිපතිවරයා තවදුරටත් පවසා තිබේ.

"අප ලැබූ මෙම ජයග්‍රහණය ගැන අපි ආඩම්බර වන අතර අපගේ තරුණ විද්‍යාඥයින්ගේ හැකියාවන් ගැන දැඩි විශ්වාසයකින් සිටිමු ... එය අද අප ජීවත්වන සිත්ගන්නාසුලු අවස්ථාවක් වන අතර එය ඉදිරි පරම්පරාවන් විසින් මහත් ආඩම්බරයෙන් සිහිපත් කරනු ඇත."

සීමිත රටවල් කිහිපයක පමණක් සුවිශේෂී ජයග්‍රහණයක් වන මෙම අත්‍යවශ්‍ය අංශය තුළ අපගේ රාජ්‍යයේ ප්‍රබලත්වය තහවුරු කරන ඉහළ වටිනාකමක් ඇති ගුණාත්මක එකතු කිරීමක් විදහා පෙන්වමින් ජාතික නිපුණතාවන්ගේ සැබෑ හා ක්‍රියාකාරී සහභාගීත්වයෙන් ලබාගත් මෙම ජයග්‍රහණය ඉතාමත් වැදගත් ජයග්‍රහණයක් වන බවට ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ.

භූමියේ අත්පත් කර ගෙන ඇති මෙම ජයග්‍රහණය පිළිබඳව ඔහු ආඩම්බරයට පත්වෙමින් එය අගය කිරීමට ලක් කළ අතර, එමඟින් මෙම මෙහෙවරේ ඉතිරි කාර්යභාරය එකම අධිෂ්ඨානයකින් යුතුව ඉදිරියට කර ගෙන යාම සඳහා "අපේ දරුවන්ට" උද්යෝගය සහ ශක්තිමත් පෙළඹවීමක් මෙතුලින් ලබා දෙනු ඇති බවට ඔහු විශ්වාසය පළකර සිටී.

"අපේ රාජ්‍යය විශ්වාස කරන්නේ විද්‍යාව හා තරුණයින්ගේ හැකියාවන් සඳහා ආයෝජනය කිරීම අනාගතය ජයග්‍රහණය කිරීමට හා ලබා දීමට ඇති සාර්ථක පරදුවක් බවයි."

උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලකයා වන උත්තරීතර නායක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්,අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නාහ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර අණදෙන නිලධාරී මෙන්ම උත්තරීතර නායක ෂෙයික් මොහොමඩ් බින් සෙයිද් අල් නහියන්, මෙම උත්කර්ෂවත් අවස්ථාවට ඔවුන්ගේ උත්තරීතර කවුන්සිලයේ සාමාජිකයන් සහ එමිරේට්ස් හි පාලකයින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාවට ජනාධිපතිවරයා සුබ පැතුම් එක්කර සිටි අතර, "අනාගතය කරා ගමන් කළ හැකි ප්‍රබල මෙන්ම දියුණු රාජ්‍යයක් සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමූ අභාවප්‍රාප්ත ෂෙයික් සයීඩ් බින් සුල්තාන් අල් නහියන් සහ අනෙකුත් ආරම්භක නායකයින් අපට සිහිපත් වේ." යනුවෙන්ද ඔහු සඳහන් කර තිබේ.

http://www.wam.ae/en/details/1395302859664 WAM / සිංහල

WAM/Sinhala