සෙනසුරාදා 26 සැප්තැම්බර් 2020 - 8:08:24 පස්වරු (ප.ව.)

විකිරණ පිළිබඳ NYUAD පර්යේෂණයන්ගෙන් උපකාර ලබාගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ග්‍රහයා මත මානව ජනාවාස ඉදිකිරීමට සැලසුම් කරයි

  • photo5958591147343458813
  • fg0i0418
  • photo5958591147343458815

බින්සාල් අබ්දු කාදර් විසිනි අබුඩාබි, 2020 සැප්තැම්බර් 7 (WAM) -- 2117 වසර වන විට අඟහරු ග්‍රහයා මත පළමු මානව ජනාවාස ඉදිකිරීමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභිලාෂක ව්‍යාපෘතියට විකිරණ පිළිබඳ නව පර්යේෂණ මගින් කරනු ලබන සොයාගැනීම් ඉවහල් වනු ඇතැයි විද්‍යාඥයෙක් එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සියට (Emirates News Agency, WAM) පවසා තිබේ.

"[එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඟහරු 2117 ව්‍යාපෘතිය] අඟහරු මත මානව ජනාවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට මෙන්ම දිගුකාලීන අභ්‍යවකාශ මෙහෙයුම් සැලසුම් කිරීමේදී විකිරණ විශාලතම බාධකයක් වී තිබෙන බවට." අබුඩාබි හි පිහිටි නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ (NYUAD) අභ්‍යවකාශ විද්‍යා මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය Dimitra Atri මෙසේ ප්‍රකාශ කර තිබේ. ආචාර්ය Dimitra Atri යනු දිගුකාලීන අභ්‍යවකාශ මෙහෙයුම් වලදී ගගනගාමී සෞඛ්‍යයට විකිරණවල බලපෑම පිළිබඳ සිය පර්යේෂණයෙන් වැදගත් සොයාගැනීම් කර ඇති විද්‍යාඥයෙකු වේ.

තාරකා භෞතික විද්‍යාත්මක ප්‍රභවයන්ගෙන් මිනිස් සිරුරේ විවිධ අවයවවල තැන්පත් වී ඇති විකිරණ මාත්‍රාව ඉතා නිවැරදිව ගණනය කිරීමට විද්‍යාඥ ආචාර්ය Dimitra Atri කණ්ඩායමට හැකි වී තිබේ.

ගගනගාමී සෞඛ්‍යය සහ විකිරණවල බලපෑම් - Radiation on astronaut health "ගගනගාමීන්ට විකිරණ නිරාවරණය වීම පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාරයේදී ලබා දෙන මාත්‍රාවට සාපේක්ෂව සමාන බව අපට පෙනී ගියේය" යනුවෙන් ඔහු සඳුදා සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කළේය.

"අපගේ ගණනය කිරීම් විකිරණ චිකිත්සක දත්ත සමඟ සංසන්දනය කිරීමෙන් අභ්‍යවකාශයේ පසුබිම් විකිරණ [ගැලැක්සි කොස්මික් කිරණ] සහ සූර්ය කුණාටු [සූර්ය ප්‍රෝටෝන සිදුවීම්] වලින් ගගනගාමීන්ට ඇති සෞඛ්‍ය අවදානම තක්සේරු කිරීමට අපට හැකි වී තිබේ." යනුවෙන් ද ආචාර්ය Dimitra Atri සඳහන් කර තිබේ.

"මෙම දැනුමෙන් සන්නද්ධව, විකිරණවල ශක්තියේ බලපෑම අවම කිරීම සඳහා තාක්‍ෂණයන් දියුණු කිරීමට සහ අඟහරු ග්‍රහයා මත මානව පදනමක් ඇති කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඛණ්ඩ උත්සාහයන්ට සහාය වීමට වඩා හොඳ තත්වයක ඔවුන් සිටින බවත්. අපි ඉතා ඉක්මණින් අපගේ සොයාගැනීම් ප්‍රකාශයට පත් කරන අතර අපගේ ප්‍රතිඵල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ විදේශයන්හි විද්‍යාත්මක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට බලාපොරොත්තුවෙමු." යනුවෙන් ඔහු වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

අඟහරු මත පළමු මානව නගරය ස්ථාපිත කිරීම - First city on Mars 2017 වසරේ දී ප්‍රකාශයට පත් කළ පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඟහරු 2117 වසර ව්‍යාපෘතියට අඟහරු සහ අභ්‍යවකාශ ගවේෂණය සඳහා එමිරාටිවරුන් සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම ද මෙයට ඇතුළත් වේ. වසර 100 ක් තුළ අඟහරු ග්‍රහයා මත පළමු නගරය ඉදිකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර එය විවිධ විද්‍යාත්මක සන්ධාන මගින් සාක්ෂාත් කර ගනු ඇත.

මෙම ව්‍යාපෘතිය අඟහරු වෙත වේගවත් ප්‍රවාහන පද්ධති ගවේෂණය කිරීම මෙන්ම නිවාස ඉදිකිරීම සහ බලශක්තිය හා ආහාර නිෂ්පාදනය කිරීම සම්බන්ධ පර්යේෂණ තේමාවන් සමඟ සම්බන්ධ වේ. අඟහරු ග්‍රහයා වෙත සහ ඉන් පිටතට ගමන් කිරීම සඳහා වේගවත් ප්‍රවාහන ක්‍රම සොයා ගැනීමට ද මෙම ව්‍යාපෘතිය මගින් උත්සාහ කරනු ඇත.

2020 වසරේ ජුලි 12 වන දින එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය (WAM) වාර්තා කළ පරිදි, නාසා ආයතනයේ ජාතික ගුවන් හා අභ්‍යවකාශ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු පවසා සිටියේ 2117 වසර වන විට අඟහරු ග්‍රහයා මත පළමු මානව ජනාවාස ඉදිකිරීමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැලැස්ම සාක්ෂාත් කර ගත හැකි බවකි "මම හිතන්නේ අපි එතනට එයි".("I think we'll get there," ) යනුවෙන් නාසා හි ග්‍රහලෝක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය Lori Glaze මෙසේ සඳහන් කර තිබේ. එමෙන්ම, "මම තවත් දෙයක් සඳහන් කරන්න කැමතියි, එනම් [අඟහරු ගවේෂණයේ] රටවල් කිහිපයක් සම්බන්දවී තිබීම අඟහරු ග්‍රහයා වෙත ආපසු යාමේ හැකියාව විද්‍යාඥයින් විසින් [ගෝලීයව] ප්‍රගුණ කර ඇත."

ISS මෙහෙයුමට සහාය වීම සඳහා අභ්‍යවකාශ ජීව විද්‍යාගාරය ස්ථාපිත කිරීම - Space biology laboratory to support ISS mission පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය Dimitra Atri දිගින් දිගටම කියා සිටියේ NYUAD හි අභ්‍යවකාශ විද්‍යා මධ්‍යස්ථානයේ සැලසුම්ගත අභ්‍යවකාශ ජීව විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ISS හි පර්යේෂණ සඳහා සහාය වනු ඇති බවයි.

"ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ අංගයකින් සමන්විත රසායනාගාරයට සංරචක දෙකක් ඇති අතර, එමඟින් ක්ෂුද්‍රජීවී සාම්පල සඳහා ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය අනුකරණය කරනු ඇති අතර, අප විසින් පාරජම්බුල කිරණවලට ක්ෂුද්‍රජීවී සාම්පල නිරාවරණය කරනු ඇත. විද්‍යාගාරයේ අභ්‍යවකාශයට සමාන තත්ත්වයන් අනුකරණය කිරීමට හැකිවීම මෙහි මූලික අදහස වන බවට." අඟහරු, බාහිර ග්‍රහලෝක, මානව අභ්‍යවකාශ ගමන් සහ තාරකා ජීව විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන තාරකා භෞතික විද්‍යාඥයෙකු වන ආචාර්ය Dimitra Atri ඒ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වර්ධනය වන මානව අභ්‍යවකාශ ගමන් වැඩසටහනක් ඇති අතර එහි මීළඟ පියවර වන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාත්මක අත්හදා බැලීම් සිදු කිරීම බවට ද ඔහු පෙන්වා දී තිබේ.

"රසායනාගාරයේ අපගේ පර්යේෂණ මගින් ISS තුළ සිදු කළ හැකි අත්හදා බැලීම් දියුණු කිරීමට සහ මෙම ක්ෂේත්‍රයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උත්සාහයන්ට සහාය වනු ඇත. අපි දැනට අපගේ ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ උපකරණ එකලස් කර පරීක්ෂා කරමින් සිටින අතර මේ වසර අගදී අත්හදා බැලීම් ආරම්භ කිරීමට හැකි විය යුතුයි." යනුවෙන් ද ආචාර්ය Dimitra Atri පවසා තිබේ.

'හෝප් ප්‍රොබ්' අභ්‍යවකාශ යානයේ දත්ත භාවිතා කිරීම - Using Hope Probe data මෙම පර්යේෂණ සඳහා NYAAD මධ්‍යස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඟහරු වෙත දියත් කරනු ලැබූ ඓතිහාසික මෙහෙයුම වන 'හෝප් ප්‍රොබ්' හි දත්ත භාවිතා කරනු ඇතැයි ඔහු පැවසීය.

"හෝප් ප්‍රොබ්' ගවේෂණ දත්ත සමඟ අපගේ එක් ඉලක්කයක් වන්නේ පසුබිම් මන්දාකිණි කොස්මික් විකිරණ සහ හදිසි සූර්ය කුණාටු වලින් නිකුත් වන විකිරණ අඟහරු වායුගෝලය සමඟ අන්තර්ක්‍රියා කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි."

"අපි අඟහරු ග්‍රහයා මත පිහිටි ගේල් ආවාටය (Gale crater) මත පදනම් වූ නාසා හි කියුරියෝසිටි රෝවර් දත්ත සමඟ 'හෝප් ප්‍රොබ්' වෙතින් දත්ත ඒකාබද්ධ කර විකිරණ පෘථිවි පෘෂ්ඨය දක්වා ව්‍යාප්ත වන ආකාරය අවබෝධ කර ගනිමු. අඟහරු ග්‍රහයා මත මිනිස් මෙහෙයුම් සැලසුම් කිරීමේදී ඉතා ප්‍රයෝජනවත් වන ආන්තික සිදුවීම් වලදී අඟහරු පෘෂ්ඨයේ ඇති විකිරණ පරිසරය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට මෙය අපට උපකාරී වනු ඇත." යනුවෙන් ද Atri මහතා අදහස් පළ කර තිබේ.

"අඟහරුගේ වායුගෝලය ඛාදනය වීමට සූර්ය විකිරණ දායක වන්නේ කෙසේද සහ එය කෙටි කාල පරිමාණයන්හි රසායනික සංයුතිය වෙනස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩිදුර ඉගෙනීමට අපි උනන්දු වෙමු." යනුවෙන් ඔහු අදහස් එක්කර තිබේ.

අඟහරු මත ජීවය පිළිබඳ පර්යේෂණ දියත් කිරීම - Research on life on Mars අඟහරු ග්‍රහයා මත ජීවය මෙන්ම ජීවීන් පිළිබඳ සිය පර්යේෂණ පිළිබඳව ආචාර්ය Atri මෙසේ සඳහන් කර තිබෙන අතර, එනම්, අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨය වසර ගණනාවක් තිස්සේ පුළුල් ලෙස අධ්‍යයනය කර ඇති නමුත් උප පෘෂ්ථීය පරිසරය ගවේෂණය කර නොමැති බවයි.

ජුලි මාසයේදී Nature science සඟරාවේ පළ වූ පුවත්පතක ඔහු අඟහරු ග්‍රහයා මත ජිවීන් පැවතියේ නම් වර්තමානයේ එහි මතුපිටට මඳක් පහළින් ජීවත්විය හැකි බවට යෝජනා කර තිබේ.

2022 දී දියත් කිරීමට නියමිත රුසියාවේ Roscosmos රාජ්‍ය සංස්ථාව සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය අතර ඒකාබද්ධ ප්‍රයත්නයක් වන ExoMars මෙහෙයුම පෘෂ්ඨයට මීටර් දෙකක් පමණ පහළින් සාම්පල අධ්‍යයනය කරනු ඇති අතර මේවා අධ්‍යයනයන් ද ඇතුළුව උප පෘෂ්ථීය පරිසරයේ පළමු ප්‍රතිඵල වනු ඇත යනුවෙන් ඒ පිළිබඳව මෙලෙස අදහස් දක්වා තිබේ.

"මෙහෙයුමක් ගොඩබෑමෙන් පසු පෘෂ්ථීය සාම්පල එකතු කිරීම ආරම්භ කළ විගසම දියුණුවක් ඇතිවීමේ හැකියාවක් තිබේ.

ExoMars 2022 අගෝස්තු සහ ඔක්තෝබර් අතර දියත් කිරීමේ කවුළුවක් ඇති බැවින් 2023 ගිම්හානය වන විට අපට ප්‍රතිඵල ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි." යනුවෙන් ආචාර්ය Dimitra Atri පවසා තිබේ.

http://www.wam.ae/en/details/1395302867981 WAM / සිංහල

WAM/Sinhala