අඟහරුවාදා 29 සැප්තැම්බර් 2020 - 6:31:38 පස්වරු (ප.ව.)

පාරිසරික කටයුතු සඳහා වගකිව යුතු අමාත්‍යවරුන්ගේ GCC කමිටුවේ 22 වන අතථ්‍ය රැස්වීමේ මුලසුන Belhaif Al Nuaimi දරයි 

  • بلحيف النعيمي يترأس الاجتماع الـ 22 لمجلس الوزراء المسؤولين عن شؤون البيئة بدول التعاون
  • بلحيف النعيمي يترأس الاجتماع الـ 22 لمجلس الوزراء المسؤولين عن شؤون البيئة بدول التعاون

ඩුබායි, 2020 සැප්තැම්බර් 8 (WAM) -- දේශගුණික විපර්යාස හා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පාරිසරික කටයුතු සඳහා වගකිව යුතු අමාත්‍යවරුන්ගේ GCC කමිටුවේ 22 වන අතථ්‍ය රැස්වීම පවත්වා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශගුණික විපර්යාස හා පරිසර අමාත්‍ය ආචාර්ය Abdullah Belhaif Al Nuaimi මහතා විසින් GCC හි පරිසර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ අදාල රැස්වීමට මුලසුන හොබවා තිබේ.

"2020 දී GCC රටවල් සඳහා පාරිසරික උපදෙස්: වර්තමාන පාරිසරික තත්ත්වය සඳහා වන අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කර තිබේ." COVID-19 වෛරස් වසංගතය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී GCC සාමාජික රටවල් ගනු ලැබූ ප්‍රයත්නයන් පිළිබඳ මහලේකම් කාර්යාලයේ වාර්තාව මෙන්ම උපදේශන වාර්තාවේ නිර්දේශයන්ට අනුකූලව කලාපයේ රටවල් අතර පාරිසරික සහයෝගීතාව සඳහා පුළුල් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීම ද ඔවුහු සමාලෝචනය කළහ.

කාරක සභාවේ උපායමාර්ගික සැලැස්ම, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමඟ සහයෝගීතා ගිවිසුමට අනුකූලව ව්‍යාපාරවල ප්‍රගතිය, UNEP, GCC පාරිසරික ඊ-ද්වාරය (E-Portal) යාවත්කාලීන කිරීම මෙන්ම ජාත්‍යන්තර උත්සාහයන් සහ උපායමාර්ගික ක්‍රියාමාර්ගයන් පිළිබඳව එහිදී අවධාණය යොමු කර තිබේ.

එමෙන්ම, සහභාගී වූවන් උපාය මාර්ගික අනු කමිටුවල රැස්වීම්, GCC ඕසෝන් ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීම් සහ GCC රටවල වනජීවී සංරක්ෂණය සහ ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන පිළිබඳ සම්මුතිය සඳහා නිත්‍ය කමිටුවේ 18 වන රැස්වීමෙහි ප්‍රතිඵල පිළිබඳව අවධාණය යොමු කරමින් ඒවාහි ප්‍රගතීන් පිළිබඳවද පරීක්ෂාවට ලක්කර තිබේ.

GCC සාමාජික රටවල් අතර සම්බන්ධීකරණය හා සහයෝගීතාවයට නව වැදගත්කමක් එක් කළ සුවිශේෂී තත්වයන් යටතේ මෙම රැස්වීම පැවැත්වෙන බවට ආචාර්ය Al Nuaimi සිය කතාවේදී සඳහන් කර තිබේ.

සියලු ආර්ථික ප්‍රතිසාධන සැළසුම් තුළ පාරිසරික හා දේශගුණික අංශයන් ඇතුළත් කර ඇති අතර, ඒවා දිගු කාලීන තිරසාර වර්ධනයක් ඇති කරන හරිත සැලසුම් බවට පත්කිරීමේ අවශ්‍යතාවය සහ වසංගත හා දේශගුණික විපර්යාස වැනි ගෝලීය පාරිසරික අවදානම් ඇතුළු අනාගත තර්ජන අවම කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර තිබේ.

එමෙන්ම,පශ්චාත් COVID-19 වසංගත කාලයේදී GCC රටවල් 2020වසර සඳහා පාරිසරික උපදෙස් ක්‍රියාත්මක කිරීම, GCC රටවල් අතර පාරිසරික සහයෝගීතාවයේ උපායමාර්ග, කමිටුවේ උපායමාර්ගික සැලැස්ම, පරිසර හා තිරසාර සංවර්ධනය සඳහා වන GCC හරිත මුලපිරීම, සහ වෙනත් වැදගත් ව්‍යාපෘති පිළිබඳව ද ඔවුන් එහිදී අවධාණය යොමු කර තිබේ.

වසර 40 කට පෙර අබුඩාබියේ ආරම්භ වූ හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස GCC කලාපයේ විවිධ සන්ධිස්ථානීය ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වූ අතර ජාත්‍යන්තර සංසදවල ක්‍රියාකාරී ආයතනයක් ලෙස කවුන්සිලය සිටීම ශක්තිමත් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම සහ කලාපයට සහ ලෝකයේ සෙසු රටවලට වඩා හොඳ අනාගතයක් ගොඩනැගීම සඳහා ඔවුන්ගේ බුද්ධිමත් නායකත්වයේ නියමයන්ට අනුව GCC සාමාජික රටවල් අතර සහයෝගීතාව වේගවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

තවද, අනෙකුත් කමිටු සාමාජිකයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැස්වීමට මුලසුන දැරූ සභාපතිත්වයට ඔවුන්ගේ ස්තූතිය පුද කර සිටි අතර COVID-19 වෛරස් වසංගතයට එරෙහිව සටන් කිරීමට GCC කලාපයේ රටවල පරිසර අමාත්‍යාංශ සහ ආයතන දැරූ උත්සාහයන් ද එහිදී ඔවුන්ගේ පැසසුමට ලක්ව තිබේ.

කලාපීය හා ගෝලීය සංවිධාන සමඟ එක්ව GCC රටවල් 2020 වසර සඳහා පාරිසරික අංශයේ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට කමිටුව තීරණය කළ අතර එහි අන්තර්ගතය සාමාජික රටවල්වල පරිසර අමාත්‍යාංශවල උපායමාර්ගවල මෙන්ම උපායමාර්ගයේ මෙහෙයුම් සැලසුම් වල ඒකාබද්ධ කිරීමට ද එහිදී තීරණය කර තිබේ.

GCC රටවල ඕසෝන් ස්ථරය ක්ෂය කරන ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ඒකාබද්ධ මාර්ගෝපදේශ නියාමනයට කෙටුම්පත් සංශෝධනයක් සකස් කිරීම සඳහා GCC ඕසෝන් ක්‍රියාකාරී කණ්ඩායම මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය සහ වියානා සම්මුතියේ යාවත්කාලීන කිරීම් පිළිබඳව සොයා බලනු ඇතැයි රැස්වීම නිගමනය කිරීමට ලක්කර තිබේ.

http://wam.ae/en/details/1395302868339 WAM / සිංහල

WAM/Sinhala