අඟහරුවාදා 29 සැප්තැම්බර් 2020 - 6:57:00 පස්වරු (ප.ව.)

අබුඩාබි තිරසාර සතිය ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතය

  • أسبوع أبوظبي للاستدامة 2021 يعقد افتراضيا يناير المقبل
  • أسبوع أبوظبي للاستدامة 2021 يعقد افتراضيا يناير المقبل

අබුඩාබි, 2020 සැප්තැම්බර් (WAM) -- තිරසාර සංවර්ධනය වේගවත් කිරීමේ ගෝලීය වේදිකාව වන අබුඩාබි තිරසාර සතිය (Abu Dhabi Sustainability Week, ADSW), 2021 වසරේ ජනවාරි 18 සිට 21 වන දින දක්වා පැවැත්වෙන අතර එය යළිත් මෙමගින් ප්‍රතිනිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ.

සියලුම සහභාගිවන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීම, තිරසාර සංවර්ධනය වේගවත් කිරීමේ ගෝලීය වේදිකාව වන අබුඩාබි තිරසාර සතිය (ADSW 2021) සහ සතියේ ඉහළ මට්ටමේ සිදුවීම් සැබවින්ම සාර්ථකව සිදුවීමට නියමිතය. ඊට අමතරව, එහි සත්කාරක Masdar ඇතුළු හවුල්කරුවන් ADSW සමුළුව ඇතුළු සියලුම සිදුවීම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම්ව සිටී.

Masdar විසින් පවත්වනු ලබන ADSW සමුළුව ජනවාරි 19 වන දින පැවැත්වේ. හරිත ප්‍රකෘතියක් ස්ථාපිත කිරීම සඳහා කැපවී ඇති මෙම සමුළුවේ දේශන, ඉදිරිපත් කිරීම් සහ පැනල් විවාද සැසි තුනක් ඇතුළත් වන අතර එය විවිධ කාල කලාප හරහා ගෝලීය ප්‍රේක්ෂකයින් අතරට ක්‍රමනුකුලව ළඟා වෙනු ඇත.

"අබුඩාබි තිරසාර සතිය යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාරභාවය පිළිබඳ ක්‍රියාශීලී හා ඉදිරි චින්තන ප්‍රවේශය සහ අද ලෝකය හැඩගස්වන ප්‍රධාන සමාජ, ආර්ථික හා තාක්‍ෂණික කරුණු පිළිබඳ අපගේ අවබෝධය තවදුරටත් වර්ධනය කිරීමට ඇති කැපවීම වන බවට." යනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය සහ මස්ඩාර් හි සභාපතිවරයාද වන ආචාර්ය Sultan bin Ahmed Al Jaber ඒ පිළිබඳව මෙසේ අදහස් පළ කර තිබේ.

"2021 වසරේ දී ADSW අතථ්‍ය ආකෘතියකින් පැවැත්වීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැක්මට අනුකූලව තිරසාර න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට අපට මෙහෙවින් ඉඩ සලසනු ඇති බවත්, එසැමට සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත සහ තිරසාර අනාගතයක් අත්කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කෙරෙහි ලෝකයේ අවධානය යොමු වී ඇති බව සහතික කිරීම මෙමගින් සිදු වනු ඇති බවට අපේක්ෂා කරනු ලබයි."

තිරසාර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා දශකයක සාමූහික ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවට වන පණිවුඩය ADSW 2021 මගින් ශක්තිමත් කරනු ඇති අතර, COVID-19 වෛරස් වසංගතය කාලය තුල පෙර නොවූ විරූ ආර්ථික මෙන්ම අනෙකුත් සියළුම අභියෝගයන් සැමට සැබවින්ම තිරසාර ප්‍රකෘතියක් අත්කර ගැනීමේ තීරණාත්මක වැදගත්කම තවදුරටත් විදහා දක්වයි.

මේ අතර, අන්තර්ජාතික පුනර්ජනනීය බලශක්ති ඒජන්සිය (International Renewable Energy Agency, IRENA) සමුළුව සෑම වසරකම අබුඩාබි තිරසාර සතියේ සන්දර්භය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වේ.

"වාර්ෂික එක්රැස්වීම යනු අන්තර්ජාතික පුනර්ජනනීය බලශක්ති ඒජන්සියේ (International Renewable Energy Agency, IRENA) උත්තරීතර තීරණ ගැනීමේ ආයතනය වන අතර එය ගෝලීය බලශක්ති න්‍යාය පත්‍රයේ වඩාත්ම වැදගත් කරුණු ආමන්ත්‍රණය කිරීම සහ ඒජන්සියේ ප්‍රමුඛතා ස්ථාපිත කිරීම සිදු කරයි. අන් කිසිඳු දිනකටත් වඩා, IRENA ඒජන්සිය එහි ගෝලීය සාමාජිකත්වයේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දක්වයි. සුවිශේෂී තත්වයන් තිබියදීත්, ඊළඟ සභාව විසින් එය නිර්වචනය කිරීම සඳහා ඇතුළත් කර ඇති විනිවිදභාවය මූර්තිමත් කරනු ඇති බවට අපගේ විශ්වාසයි. IRENA තිරසාර ප්‍රකෘතියක් සහ පුළුල් ගෝලීය බලශක්ති පරිවර්තනයක් සඳහා ඉදිරියෙන් සිටින බව මේ හරහා සහතික කරනු ලබන බවට." අන්තර්ජාතික පුනර්ජනනීය බලශක්ති ඒජන්සියේ (International Renewable Energy Agency, IRENA) අධ්‍යක්ෂ ජනරාල් Francesco La Camera මෙසේ අදහස් දක්වා තිබේ.

අබුඩාබි තිරසාර සතියේ 2020 සංස්කරණය සඳහා රටවල් 170 කින් 45,000 ක් පමණ සහභාගී වූ අතර ලොව පුරා ඉහළ පෙළේ කථිකයන් 500 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

http://wam.ae/en/details/1395302868476 WAM / සිංහල

WAM/Sinhala