සෙනසුරාදා 26 සැප්තැම්බර් 2020 - 7:54:43 පස්වරු (ප.ව.)

කෘතිම බුද්ධිය පිලිබඳ පර්යේෂණ සඳහා MBZUAI සහ Weizmann විද්‍යා ආයතනය ඒකාබද්ධවී කටයුතු කරයි  


අබුඩාබි, 2020 සැප්තැම්බර් 13 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මොහොමඩ් බින් සයීඩ් කෘතිම බුද්ධි විශ්ව විද්‍යාලය (The Mohamed bin Zayed University of Artificial Intelligence MBZUAI) සහ ඊශ්‍රායිලයේ Weizmann විද්‍යා ආයතනය (Weizmann Institute of Science) විසින් ප්‍රගතිය ඉලක්ක කරගත් බහුවිධ අංශ සහයෝගිත්වයක් මගින් පුළුල් කෘතිම බුද්ධිය පිලිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඊශ්‍රායිලයේ උසස් අධ්‍යාපන ආයතන දෙකක් අතර අත්සන් තබන ලද පළමු වන අවබෝධතා ගිවිසුම වන මෙම ගිවිසුම හරහා දෙරටම අන්‍යෝන්‍ය වශයෙන් ශිෂ්‍ය මෙන්ම පශ්චාත් ආචාර්ය උපාධි හුවමාරු වැඩසටහන් ඇතුළුව සහයෝගීතාව සඳහා විවිධ අවස්ථාවන් ආවරණය කරයි. එමෙන්ම, සම්මේලන සහ සම්මන්ත්‍රණ, පර්යේෂකයන් විසින් අන්‍යෝන්‍ය වශයෙන් විවිධාකාර හුවමාරු ශිෂ්‍ය මෙන්ම පර්යේෂණ වැඩසටහන් පරිගණක සම්පත් බෙදාගැනීම සහ කෘතිම බුද්ධිය සඳහා ඒකාබද්ධ අථත්‍ය ආයතනයක් පිහිටුවීම ද මෙම අවබෝධතා ගිවිසුමට ඇතුලත් වේ.

මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායිලය අතර සබඳතා පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කරන ඓතිහාසික සාම ගිවිසුම්වලට දෙරටම අත්සන් කිරීමෙන් අනතුවය. ආයෝජන, සංචාරක, සෘජු ගුවන් ගමන්, ආරක්ෂාව, විදුලි සංදේශ, තාක්‍ෂණය, බලශක්තිය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය, පරිසරය, අන්‍යෝන්‍ය තානාපති කාර්යාල පිහිටුවීම සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාවයට රාජ්‍ය තාන්ත්‍රික කඩිනම් ගනුදෙනු ශක්තිමත්ව ස්ථාපිත කිරීමට හේතු වනු ඇත.

අක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය සහ MBZUAI භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා වන ආචාර්ය Sultan bin Ahmed Al Jaber සහ Weizmann විද්‍යා ආයතනයේ (Weizmann Institute of Science) සභාපති මහාචාර්ය Alon Chen යන මහත්වරුන් විසින් මෙලෙස පැවති අථත්‍ය රැස්වීමේදී මෙලෙස දෙරට අතර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.

2019 වසරේ දී පිහිටුවන ලද මොහොමඩ් බින් සයීඩ් කෘතිම බුද්ධි විශ්ව විද්‍යාලය ලොව ප්‍රථම උපාධි මට්ටමේ පර්යේෂණ පදනම් කරගත් AI විශ්ව විද්‍යාලය වේ. අබුඩාබි හි පදනම්ව තිබෙන විශ්ව විද්‍යාලය පරිගණක දර්ශනය, යන්ත්‍ර ඉගෙනීම සහ ස්වාභාවික භාෂා සැකසුම් යන ක්ෂේත්‍රයන්වල MSc සහ PhD වැඩසටහන් හඳුන්වාදෙමින් ආරම්භ කර තිබේ. MBZUAI, එහි පළමු ශිෂ්‍ය කණ්ඩායම 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා කෘතිම බුද්ධි (AI) ක්ෂේත්‍රයට නව අධ්‍යයන හා පර්යේෂණ ආකෘතියක් හඳුන්වා දෙමින්, ලෝකයේ සමහර උසස් AI පද්ධති සඳහා සිසුන්ට සහ පීඨයන්ට ප්‍රවේශ ලබා දෙමින් තාක්‍ෂණයේ පූර්ණ හැකියාවන් මුදා හැරීමට කටයුතු කරයි.

ඊශ්‍රායිලයේ Rehovot හි පිහිටි Weizmann විද්‍යා ආයතනය ලෝකයේ ඉහළම පෙළේ බහුකාර්ය පර්යේෂණ ආයතනයක් වන අතර පීඨ පහක් හරහා ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලබා දෙයි. ස්වාභාවික හා නිශ්චිත විද්‍යාවන් පිළිබඳ පුළුල් පරාසයක ගවේෂණය කිරීම සඳහා එය කැපී පෙනෙන විද්‍යා ආයතනයක් ද වේ. ආයතනයේ විද්‍යාඥයින් මානව මොළය, කෘතිම බුද්ධිය, පරිගණක විද්‍යාව සහ සංකේතනය, තාරකා භෞතික විද්‍යාව (astrophysics) සහ අංශු භෞතික විද්‍යාව (particle physics) පිළිබඳ පර්යේෂණ සිදු කරයි. ඊට අමතරව, ඔවුන් පිළිකා වැනි රෝග සමඟ කටයුතු කරන අතර පාරිසරික, සාගර හා ශාක විද්‍යාවන් හරහා දේශගුණික විපර්යාස ආපසු හැරවීමට උපකාරී වේ.

ගණිතය හා පරිගණක විද්‍යාව පිළිබඳ ආයතනයේ ප්‍රමුඛතාවය මත ගොඩනැඟෙන විද්‍යාත්මක සොයාගැනීම් සඳහා කෘතිම බුද්ධි ව්‍යවසාය වන Weizmann විද්‍යා ආයතනයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය මෙම සහයෝගිතාවය මගින් ඉදිරියට ගෙන යනු ඇති අතර ජෛව වෛද්‍ය විද්‍යාව, පාරිසරික පර්යේෂණ, රසායන විද්‍යාව, තාරකා භෞතික විද්‍යාව, අධ්‍යාපනය සහ තවත් අංශයන් පිළිබඳව ද ඉදිරියේදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.

"පුරෝගාමී විශ්ව විද්‍යාලයක් ලෙස, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මොහොමඩ් බින් සයීඩ් කෘතිම බුද්ධි විශ්ව විද්‍යාලය (The Mohamed bin Zayed University of Artificial Intelligence MBZUAI) අපගේ සාමූහික විද්‍යාත්මක අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීම සහ තාක්‍ෂණික නවෝත්පාදනවල සීමාවන් තල්ලු කිරීම සඳහා ඔවුන්ගේ ක්ෂේත්‍රවල නායකයින් සමඟ හවුල්කාරිත්වයක් අපේක්ෂා කරන බවත්. එබැවින්, Weizmann විද්‍යා ආයතනය වැනි සුප්‍රසිද්ධ ආයතනයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවස්ථාව මම සාදරයෙන් පිළිගනිමි. COVID-19 වසංගතයේ සිට දේශගුණික විපර්යාස සහ ඉන් ඔබ්බට ලෝකයේ වඩාත්ම දැවැන්ත අභියෝගයන්ට මුහුණ දීම සඳහා කෘතිම බුද්ධිය භාවිතා කිරීම සඳහා අපගේ ආයතන දෙකේම විශේෂඥ දැනුම මෙම අවබෝධතා ගිවිසුම තුළින් අපට ලබා ගත හැකිය." යනුවෙන් ආචාර්ය Sultan bin Ahmed Al Jaber මහතා පවසා තිබේ.

"මෙම අද්විතීය, පුරෝගාමී ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, කෘතිම බුද්ධි ක්ෂේත්‍රය එකට එක් කිරීමටත් අවස්ථාව ලැබීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙමු. ස්නායු විද්‍යාඥයෙකු ලෙස, AI යනු මිනිස් මොළයේ බලය හා සංකීර්ණත්වය ඩිජිටල් ක්ෂේත්‍රයට ව්‍යාප්ත කිරීම බව මම විශ්වාස කරමි. එහි ප්‍රතිවිපාක අතිමහත් වනු ඇති අතර එය අපගේ ජීවිතවලට සහ සෞඛ්‍යයට හා ගෝලීය ආර්ථිකයට බලපානු ඇත බවට." Weizmann විද්‍යා ආයතනයේ (Weizmann Institute of Science) සභාපති මහාචාර්ය Alon Chen මහතා අවබෝධතා ගිවිසුම පිලිබන්දව අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර තිබේ.

http://wam.ae/en/details/1395302869346 WAM / සිංහල

WAM/Sinhala