සෙනසුරාදා 26 සැප්තැම්බර් 2020 - 7:00:42 පස්වරු (ප.ව.)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ගෝලීය වශයෙන් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති කැපවීම අවධාරණය කරයි 


නිව් යෝර්ක්, 2020 සැප්තැම්බර් 13 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලොව පුරා සිටින ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බව අවධාරණය කරයි. විශේෂයෙන්ම ගැටුම්වලට මුහුණ දෙමින් සිටින ප්‍රදේශයන්වල පාසැල් ආරක්ෂා කිරීම සහ බරපතල උල්ලංඝනයන් වැළැක්වීම, මෙන්ම අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම සහ වඩාත් අවදානමට ලක් වූවන්ට සාධාරණය ඉටු කරමින් වර්ධනය වීමට අවස්ථා ලබා දීමේ අවශ්‍යතාව එමීර් රාජ්‍යය අවධාරණය කර තිබේ.

ළමුන් හා සන්නද්ධ ගැටුම් පිළිබඳ විවෘත විවාදය සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට කළ නිවේදනයක මෙසේ දැක්වේ: ළමුන්ගේ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස පාසල්වලට එල්ලවන ප්‍රහාරයන්ට එරෙහිවීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ළමයින්ට සන්නද්ධ ගැටුම්වල බලපෑම අවම කරමින් එහි බරපතලකම පැහැදිලි කිරීම අරමුණු කරගනිමින් ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩල යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට ඇති කැපවීම පිළිබඳව එහිදී යලිත් අවධාරණයට ලක්කර තිබේ.

"COVID-19 වසංගතය මගින් ලොව පුරා පාසල් සහ ගුරුවරුන් ඉටුකරන තීරණාත්මක කාර්යභාරය මැනවින් ඉස්මතු වී ඇත. නමුත් ගැටුම් තත්වයන් තුළ ජීවත් වන දරුවන්ට මෙය ඊටත් වඩා වැදගත් වේ." යනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසා තිබේ. "පාසල් යනු ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ආරක්ෂා කළ යුතු සිවිල් වස්තූන් පමණක් නොවේ. එමෙන්ම, ගැටුම්වලින් විනාශකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින ප්‍රජාව සඳහා ද ඒවා තීරණාත්මක වන අතර, ඉගෙනීමේ කුසලතා සහ නව අවස්ථාවන් හඹා යාමේ බලාපොරොත්තුවෙන් දරුවන්ට අනාගතය දෙස බැලිය හැකි ස්ථාන වන බවට." එහිදී සඳහන් කර තිබේ.

සමස්ත ප්‍රජාව නඟා සිටුවීම සඳහා අධ්‍යාපනය තීරණාත්මක ලීවරයක් ලෙස ආරක්ෂා කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීර්ඝකාලීන ප්‍රමුඛතාවයක් වන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහන් කළේ 2011 වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලීය වශයෙන් අධ්‍යාපන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.55 ක් (US$1.55 billion) පරිත්‍යාග කර ඇති අතර නැවත ගොඩනැඟීම ඇතුළුව 2017 වසරේ සිට රටවල් 59 ක ළමුන් මිලියන 20 කගේ අධ්‍යාපනයට සහාය වීම සඳහා UNICEF සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ කටයුතු කර ඇති අතර, 2019 වසරේ දී පමණක් මොසුල් සහ බැග්ඩෑඩ් හි පාසල් 16 ක් ප්‍රතිසංස්කරණය කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2019 වසරේ දී ළමුන්ට එරෙහි බරපතල උල්ලංඝනයන් සහ පාසල්වලට එරෙහිව සිදුකරන ලද ප‍්‍රහාරයන් පිළිබඳව දැඩි කනස්සල්ල ප්‍රකාශ කරමින් අනතුරු ඇඟවා තිබේ. ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ජීවිත අවදානමට ලක් කරමින් පාසල් අඛණ්ඩව ඉලක්ක කර ගනිමින් එල්ලවන ප්‍රහාරයන් ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දැඩි ලෙස හෙලා දැක තිබේ. ත්‍රස්තවාදී සහ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් බොහෝ විට පාසල්වලට හා ගුරුවරුන්ට පහර දෙන්නේ ජනගහනය තුළ භීතිය ඇති කිරීමට, ඔවුන්ගේ අන්තවාදී මතවාදය පතුරුවා හැරීමට, අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කිරීමට, ළමයින් බලහත්කාරයෙන් බඳවා ගැනීමට, ඉවසීම සහ සහජීවනය වැනි විවේචනාත්මක සංකල්ප ඉගැන්වීම වැළැක්වීමට සහ ඒවාට වල කැපීමටය යනුවෙන් ද එමීර් රාජ්‍යය එහිදී ඉස්මතුකර පෙන්වා දී තිබේ.

යේමනයේ නීත්‍යානුකූලභාවයට සහාය දැක්වීමේ සන්ධානයේ අනෙකුත් හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණය වෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය අදාළ ආරක්ෂක මණ්ඩල යෝජනා ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා දැඩි පියවර ගෙන තිබේ. ළමා ආරක්ෂණ ඒකකයක් පිහිටුවීම සහ ළමුන් හා සන්නද්ධ ගැටුම් පිළිබඳ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ද මෙයට ඇතුළත් ය. තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ අදාළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නැවත නිර්දේශ කරන ලෙසයි.

http://www.wam.ae/en/details/1395302869354 WAM / සිංහල

WAM/Sinhala