සෙනසුරාදා 26 සැප්තැම්බර් 2020 - 6:44:25 පස්වරු (ප.ව.)

Houthi ත්‍රස්තයින් විසින් යේමනයේ සහ සෞදියේ සිවිල් ඉලක්ක වලට මිසයිල එල්ල කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෙළා දකී


අබුඩාබි, 2020 සැප්තැම්බර් 15 (WAM) -- සෞදි අරාබියේ සහ යේමනයේ සිවිල් හා ආර්ථික පහසුකම්වලට ඉරාන පිටුබලය ලත් Houthi මිලීෂියාවන් විසින් බැලිස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් තරයේ හෙළා දැක තිබේ. මෙම ප්‍රහාරයන් යේමනයේ දැනට පවතින දරුණු මානුෂීය තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවට ද එහිදී අනතුරු අඟවා තිබේ. එමෙන්ම, යේමනයේ මානුෂීය හා ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීමට සහ අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දීමට දරන ප්‍රයත්නයන්ට රට තුළ ස්ථිර සටන් විරාමයක් සඳහා වූ යෝජනාව Houthi මිලීෂියාව විසින් ප්‍රතික්ෂේප කිරීම එහිදී දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

යේමනය සඳහා පත්කර සිටින එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ යේමනයේ තානාපති Martin Griffithsගේ උත්සාහයට සහය දැක්වීම සඳහා Houthi මිලීෂියාවන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බවට අවධාරණය කර තිබේ.

Houthi මිලීෂියාවේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස කලාපය වත්මනයේ මුහුණ දෙන අන්තරායන්හි ස්වභාවය ඉස්මතු වන බවත්, කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට මිලීෂියාවන් දරන උත්සාහයන් පිළිබඳ මෙය ප්‍රබල සාක්ෂියක් දරන බවත් අමාත්‍යාංශයේ ප්‍රකාශය මගින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

රියාද් ගිවිසුම (Riyadh Agreement) ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි අරාබිය දරන උත්සාහය එක්සත් අරාබි එමීර් රාජ්‍යය පැසසුමට ලක් කළ අතර එය යේමනයේ අර්බුදය අවසන් කිරීම අරමුණු කරගත් ප්‍රයත්නයන් සඳහා උපකාරී වනු ඇති බවට ද නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම, කලාපයේ ජනතාවට වාසි සැලසෙන සෑම දෙයක් සඳහාම එහි ආධාරක ප්‍රතිපත්තියේ කොටසක් ලෙස යේමනයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සහ සංවර්ධනය, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ නීත්‍යානුකූල අභිලාෂයන්ට සහාය දැක්වීමට ද එම ප්‍රකාශය මගින් යළිත් අවධාරණය කර තිබේ.

http://wam.ae/en/details/1395302869937 WAM / සිංහල

WAM/Sinhala