සෙනසුරාදා 26 සැප්තැම්බර් 2020 - 2:29:18 පෙරවරු (පෙ.ව)

Khazna Data Centre යේ 26% කොටස් විකිණීමෙන් ඩිරාම් මිලියන 800 ක් ලබා ගැනීමට ඩුබායි හි du සමත්වෙයි 


ඩුබායි, 2020 සැප්තැම්බර් 15 (WAM) -- ඩුබායි මූලස්ථානයේ ටෙලිකොම් ක්‍රියාකරු du ( Dubai-headquartered telecom operator du) විසින් Khazna දත්ත මධ්‍යස්ථානයේ (Khazna Data Centre) සියයට 26 ක කොටස් (26 percent stake) අබුඩාබියේ ටෙක්නොලොජි හෝල්ඩින් සමාගමට (Abu Dhabi’s Technology Holding Company) විකිණීමෙන් එක්සත් අරාබි එමිරේට්ස් ඩිරාම් මිලියන 800 ක් (AED800 million) ලබා ගැනීමට කටයුතු කරයි. ගනුදෙනුවෙන් ලැබෙන ශුද්ධ ආදායම අරාබි එමිරේට්ස් ඩිරාම් මිලියන 521 ක් (AED521 million) පමණ විය හැකිය.

පසුගිය සතියේ දී du කළමනාකාරිත්වය විසින් එහි Khazna කොටස් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව තහවුරු කර තිබේ.

ගනුදෙනුව අවසන් වූ පසු, Technology Holding සමාගමට Khaznaහි සියයට සියයක කොටස් (100 percent) හිමිවනු ඇත.

"ගනුදෙනුවේ පූර්ණ හිමිකාරිත්වය හෝ වාණිජ හවුල්කාරිත්වයන් මගින් දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ සමාගමේ උපාය මාර්ගයට අනුකූල වන අතර එමඟින් මෙම අංශයේ වර්ධනය වේගවත් කිරීමට ඉඩ සැලසෙනු ඇති බවට."

du නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Khazna හි සියයට 26 ක් "indirect stake" නොහොත් "වක්‍ර කොටස්" ලෙස පවත්වා ගෙන යනු ලැබූ අතර එය කොටස් හිමියන්ගේ ණය සඳහා du හි ප්‍රචාරයේ ඇතුළත් වේ. එමෙන්ම, "ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස අක්සත් අරාබි එමිරේට්ස් ඩිරාම් මිලියන 800 ක (AED800 million) මුදල් ගලා ඒමක් සහ ශුද්ධ ලාභය ඩොලර් මිලියන 521 ක් (AED521 million) ලෙසට ගණන් බලා තිබෙන බවට." නිකුත් කරනු ලැබූ අදාළ ප්‍රකාශයේ දැක්වේ.

සැප්තැම්බර් 30 ට පෙර ගනුදෙනුව සිදු වුවහොත් මෙම ගනුදෙනුව පිලිබඳ ටෙලිකොම් ක්‍රියාකරුගේ තෙවන කාර්තුවේ මූල්‍ය කටයුතු තුළින් පිළිබිඹු වේ.

http://wam.ae/en/details/1395302869980 WAM / සිංහල

WAM/Sinhala