සෙනසුරාදා 26 සැප්තැම්බර් 2020 - 8:08:57 පස්වරු (ප.ව.)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ - ඊශ්‍රායිල සාම ගිවිසුම මගින් නව ආර්ථික හා ආයෝජන අපේක්ෂාවන් ඉස්මතු කරයි


වොෂිංටන්, 2020 සැප්තැම්බර් 15 (WAM) -- මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායිලය අතර අත්සන් කරන ලද සාම මගින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත්ව ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සඳහා නව මාර්ගයන් විවර කරනු ඇති අතර එමඟින් අන්‍යෝන්‍ය අවශ්‍යතා සපුරාලන අතර කලාපීය මට්ටමින් තිරසාර සංවර්ධනය සඳහා පදනම් වැඩි දියුණු කරනු ඇති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික කටයුතු අමාත්‍ය Abdullah bin Touq Al Marri මහතා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායිලය අතර මෙන්ම සමස්තයක් වශයෙන් කලාපීය වශයෙන් වෙළඳ හා ආයෝජන සහයෝගීතාව උත්තේජනය කිරීමේ කාර්යභාරය මත පදනම්ව ගිවිසුම අත්සන් කිරීමෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභවල වැදගත්කම ආර්ථික අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. මෙය ව්‍යාපාරික මට්ටමින් ලබා ගත හැකි නව අවස්ථා සහ ඉදිරි අදියරේදී දෙරට අතර සහයෝගීතාව සඳහා වඩාත් වැදගත් අංශ පිළිබඳව අවධානය යොමු කිරීමට හැකි වනු ඇති බවට ද ඔහු අවධාරණය කරමින් ඉස්මතු කර පෙන්වා දී තිබේ.

"දෙරටම අනාගත ආර්ථික සංවර්ධන න්‍යායපත්‍රවලට අනුව කටයුතු කරන අතර, අත්‍යවශ්‍ය අංශවල සහයෝගීතාව සඳහා මෙමගින් අපට හොඳ අවස්ථා විවර වී තිබේ. එමෙන්ම, මෙයට අභ්‍යවකාශ, ආරක්ෂක, ආරක්ෂාව, පර්යේෂණ සහ සංවර්ධන යන ක්ෂේත්‍රවලට අමතරව ඖෂධ, බලශක්තිය, ජීවිත විද්‍යාව, ආහාර සුරක්ෂිතතාව, මූල්‍ය සේවා, සංචාරක හා සංචාර යනාදී අංශයන් ඇතුළත් වේ." යනුවෙන් ද ඔහු පැහැදිළි කර තිබේ.

වොෂිංටන්හි පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වෙළඳ හා වාණිජ කාර්යාලයේ සහාය ඇතිව ඇමරිකානු-එමිරාටි ව්‍යාපාරික කවුන්සිලය සහ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ එක්සත් ජනපද-ඊශ්‍රායිල ව්‍යාපාර මුලපිරීම විසින් පවත්වන ලද ඒකාබද්ධ webinar හමුවකට අල් මාරි මහතා සහභාගී වෙමින් මේ බවට පවසා තිබේ.

මෙම ගිවිසුම්වලට නිල වශයෙන් අත්සන් කිරීම සඳහා එක්සත් ජනපදයට පැමිණ සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජිත කණ්ඩායමේ කොටසක් ලෙස අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මෙම webinar හමුව පවත්වා තිබෙන අතර ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායිලය අතර සබඳතා සාමාන්‍යකරණය වන අතර එමගින් ඊශ්‍රායිලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත් පළමු ගල්ෆ් රට බවට එමීර් රාජ්‍යය පත්වේ.

මෙම webinar හමුවට ව්‍යාපාරික කවුන්සිලය සහ වාණිජ මණ්ඩල සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් සහභාගී වූ අතර, වඩාත් කැපී පෙනෙන ලෙස එක්සත් ජනපද-එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරික කවුන්සිලය, එක්සත් ජනපද-ඊශ්‍රායිල ව්‍යාපාර මුලපිරීම සහ බහුජාතික සමාගම් කිහිපයක අධ්‍යක්ෂවරු ද සහභාගී වී තිබීම දක්නට ලැබුණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායිලය එක්ව සහයෝගීතාවයේ ක්ෂේත්‍ර ගවේෂණය කිරීමට සහ දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර අත්‍යවශ්‍ය හවුල්කාරිත්ව ව්‍යාපෘති ඒකාබද්ධව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව webinar හමුව අතරතුර අමාත්‍ය Abdullah bin Touq Al Marri මහතා සඳහන් කර තිබේ.

"මෙම ඓතිහාසික ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රතිඵල නව ව්‍යාපාර හා ආයෝජන අවස්ථාවන්ට මග පාදනු ඇති අතර, නව මුදල් ප්‍රවාහයන් සහ ශක්තිමත් ව්‍යාපාරික ක්‍රියාකාරකම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඊශ්‍රායිලයට ක්ෂණික ප්‍රතිලාභ ලබා දෙනු ඇත. තවද, දෙරටේ පෞද්ගලික අංශවලට ක්‍රියාකාරීත්වය හරහා කලාපීය ආර්ථිකයන්ට ද මෙම ගිවිසුමෙන් නිසැකවම ප්‍රතිලාභ ලැබෙනු ඇත." යනුවෙන් ඔහු අවධාරණය කර තිබේ.

"එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායිලය අතර ආර්ථික හා වාණිජ සබඳතා ඇති කර ගැනීම සඳහා ඇමරිකානු ව්‍යාපාරික අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත්. ඇමරිකානු ආයෝජකයින්ට සහ සමාගම්වලට මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලෙස මැදිහත්වී දායකත්වය ලබාදිය හැකි අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඔවුන්ගේ මූලස්ථාන සහ කාර්යාල වලින් ක්‍රියාත්මක වීමෙන් වැදගත් සම්බන්ධතා ඇති කර ගත හැකි වනු ඇති බවට ද." ඒ මහතා මෙසේ අදහස් දක්වා තිබේ.

එමෙන්ම, ගිවිසුමේ ඉදිරි අදියර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අනුගමනය කරන ලද ප්‍රධාන සැලසුම් සහ අරමුණු පිළිබඳව ඔහු විස්තර කළ අතර, රජයේ පොදු සැලැස්ම සහ ජාතික ආර්ථිකයට සහාය වීම සහ තිරසාර බව ප්‍රවර්ධනය කිරීම සඳහා මුල පිරීම් 33 ක පැකේජයක් පිළිබඳව ද එහිදී හැඳින්වීමක් කර තිබේ.

COVID-19 වෛරස් වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයන් මෙන්ම අභියෝග ජය ගැනීම, වර්ධනය ප්‍රවර්ධනය කිරීම, සියලු ප්‍රධාන අංශ හරහා ව්‍යාපාරික කටයුතුවලට සහාය වීම, ජාතික ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තරඟකාරිත්වය ඉහළ නැංවීම සහ දිගු කාලීනව සංවර්ධනය කිරීම සඳහා අපගේ දැක්මෙහි මෙම කොටසෙහි අපගේ උත්සාහයන් හා මුලපිරීම් කොටසක් වන බවට ද අමාත්‍යවරයා මෙලෙස අදහස් දක්වා තිබේ.

http://www.wam.ae/en/details/1395302870152 WAM / සිංහල

WAM/Sinhala