සෙනසුරාදා 26 සැප්තැම්බර් 2020 - 8:14:22 පස්වරු (ප.ව.)

Barakah න්‍යෂ්ටික බලශක්ති බලාගාරය සඳහා න්‍යෂ්ටික නිෂ්පාදන සැපයීම සඳහා ADNOC Distribution එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන සැපයුම්කරුවන් සමඟ එක් වෙයි


අබුඩාබි, 2020 සැප්තැම්බර් 15 (WAM) -- එමිරේට්ස් න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව (Emirates Nuclear Energy Corporation - ENEC) සහ එහි අනුබද්ධිත ආයතනය වන බරාකා න්‍යෂ්ටික බලශක්ති බලාගාරය (Barakah Nuclear Energy Plant), Nawah බලශක්ති සමාගම (Nawah Energy Company), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලශක්ති සැපයුම් දාමය සුදුසුකම් සහිතව ඛනිජ තෙල් නිෂ්පාදනවල පළමු දේශීය සැපයුම්කරු ලෙස ADNOC Distribution සංවර්ධනය කිරීමේ ඒකාබද්ධ ප්‍රයත්නයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.

ADNOC Distribution සමාගම දේශීය සමාගම් 73 ක් සමඟ සම්බන්ධ වන අතර එමිරේට්ස් න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව නොහොත් ENEC හි ව්‍යාපාර හා කාර්මික සංවර්ධන කණ්ඩායම සහ Nawah බලශක්ති සමාගම තත්ත්ව සහතික කණ්ඩායම බරාකා න්‍යෂ්ටික බලශක්ති බලාගාරය (Barakah Nuclear Energy Plant) සඳහා උසස් තත්ත්වයේ නිෂ්පාදන සැපයීමට සුදුසුකම් ලබා ඇත.

ADNOC Distribution සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බරකා බලාගාරය (Barakah Plant) සඳහා අවශ්‍ය වන ඛනිජ තෙල් නිෂ්පාදන සපයන පළමු සමාගම වන අතර NASL හි ඉහළම ආරක්‍ෂාව හා සම්බන්ධ ඉහළම කාණ්ඩය වන 'Q පන්තිය' ('Q Class') තුළ සුදුසුකම් ලැබීමෙන් පසුව ය. ඇමරිකානු යාන්ත්‍රික ඉංජිනේරු සංගමය (ASME) විසින් වැඩි දියුණු කරන ලද සහ නඩත්තු කරන ලද 'න්‍යෂ්ටික ශ්‍රේණිය' ('nuclear grade') NQA-1 ප්‍රමිතියට අනුගත වීමේ හැකියාව සැපයීම් සුදුසුකම් සඳහා අවශ්‍ය වේ.

මෑතකදී ලබපු මෙම ප්‍රබල ජයග්‍රහණ වන්නේ බරකා න්‍යෂ්ටික බලශක්ති බලාගාරයේ (Barakah Nuclear Energy Plant) ආරක්ෂිත, සුරක්‍ෂිත හා කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය සහ නඩත්තුව සඳහා මෙහෙයුම් සේවා, අමතර කොටස් සහ පරිභෝජන අවශ්‍යතා සපුරාලිය හැකි දේශීය සැපයුම් දාමයක සංවර්ධනයට හා වර්ධනයට සහාය වීමට Nawah බලශක්ති සමාගම සහ එමිරේට්ස් න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව (Emirates Nuclear Energy Corporation - ENEC) විසින් අවම වශයෙන් ඉදිරි අවුරුදු 60 සඳහා දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ද වේ.

"බරකා න්‍යෂ්ටික බලශක්ති බලාගාරය (Barakah Nuclear Energy Plant) සාර්ථකව පවත්වාගෙන යාමට සහ නඩත්තු කිරීමට දායක වීමට හැකිවන පරිදි දේශීය සමාගම් ගණනාවක් සමඟ ඔවුන්ගේ සුදුසුකම් සඳහා සහයෝගය දැක්වීම ගැන අපි ආඩම්බර වෙමු. එමෙන්ම, NASL සුදුසුකම් ලත් දේශීය සැපයුම්කරුවන් 73 දෙනෙකු සමඟ, බරකාහි අපගේ මෙහෙයුම්වල දිගුකාලීන තිරසාරභාවය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලශක්ති සැපයුම් දාමයේ අඛණ්ඩ වර්ධනය පිළිබඳව අපට විශ්වාසයක් පවතින බවට." Nawah බලශක්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Ali Al Hammadi මහතා මෙසේ පවසා තිබේ.

"න්‍යෂ්ටික බලශක්ති කර්මාන්තයට ලෝකයේ වඩාත්ම දැඩි ගුණාත්මක හා තාක්‍ෂණික ප්‍රමිතීන් ඇත. කර්මාන්තයේ අද්විතීය අවශ්‍යතා සපුරාලීම සඳහා ඒවායේ ක්‍රියාදාමයන් සහ පද්ධති වැඩිදියුණු කිරීමෙන් දේශීය සමාගම් විවිධ ආකාරවලින් ප්‍රතිලාභ ලබයි. බරකා බලාගාරයේ ක්‍රියාකාරිත්වයට සහාය වීමට අමතරව, සුදුසුකම් ලත් සමාගම්වලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජාත්‍යන්තර මට්ටමින් දැඩි ලෙස නියාමනය කරන ලද වෙනත් කර්මාන්තවල කොන්ත්‍රාත්තු සඳහා ලංසු තැබීමට හැකි වනු ඇත." යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර තිබේ.

"අප සපයන කර්මාන්තවල නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා අපි නිරන්තරයෙන් අපගේ නිෂ්පාදන විකාශනය කරමින් විප්ලවීය වෙනසක් සිදු කරමින් සිටිමු." යනුවෙන් ADNOC Distribution හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී Ahmed Al Shamsi මහතා මෙසේ පවසා තිබේ.

"එක්සත් ජාතීන්ගේ දෙමුහුන් වාහන ව්‍යාපෘතීන් (hybrid vehicles) සඳහා ජාත්‍යන්තරව සහතික කරන ලද ලිහිසි තෙල් පරාසය දියත් කිරීම තුළින් මෑතකදී පෙන්නුම් කළ පරිදි, ජාත්‍යන්තර ආයතන විසින් නියම කර ඇති ප්‍රමිතීන් සපුරාලීම පමණක් නොව, ඒවා කලාපීය වෙළඳපොළට ගෙන එන පළමු තැනැත්තා වීම අපගේ ඉලක්කයයි." යනුවෙන් ඔහු පෙන්වා දී තිබේ. එමෙන්ම, අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ නිශ්චිත ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලීම සඳහා නවීනතම තාක්‍ෂණය ඇතුළත් කරමින් නිෂ්පාදනයේ ඉහළම ගුණාත්මක භාවයට ප්‍රවේශය ඇති බව අපි සැමවිටම සහතික කරමු.

බරකා න්‍යෂ්ටික බලාගාරය (Barakah Nuclear Energy Plant) ආරක්ෂිතව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වාධීන න්‍යෂ්ටික නියාමකයා වන න්‍යෂ්ටික නියාමනය සඳහා වන ෆෙඩරල් අධිකාරිය, FANR හි ආරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලීම සඳහා අමතර කොටස් සහ විවිධ විශේෂිත සේවාවන් අවශ්‍ය වේ. මෙම ප්‍රමිතීන් NQAM හි Nawah තත්ත්ව සහතික කිරීමේ අත්පොතෙහි ඇතුළත් කර ඇත.

NQAM ශ්‍රේණිගත ප්‍රවේශයක් භාවිතා කරන අතර සියලුම කොටස් සහ සේවාවන් කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කර ඇති අතර, ඉහළම ඉල්ලුමක් ඇති ගුණාත්මක ප්‍රමිතිය නියෝජනය කරන 'Q පන්තිය - ආරක්ෂාව සම්බන්ධ' නොහොත් ‘Q Class – Safety Related’, පසුව 'ටී පන්තිය - ආරක්ෂිත බලපෑම' නොහොත් ‘T Class – Safety Impact’, 'ආර් පන්තිය - විශ්වසනීයත්වය බලපෑම' නොහොත් ‘R Class – Reliability Impact’ සහ 'එස් පන්තිය - කාර්මික ප්‍රමිතිය' නොහොත් ‘S Class – Industrial Standard’ වේ.

එමිරේට්ස් වානේ (Emirates Steel), ජාතික සිමෙන්ති (National Cement), ඩුබායි කේබල් සමාගම වන DUCAB, ජාතික සමුද්‍ර කැණීම් සමාගම (National Marine Dredging Company), බෝරෝජ් (Borouge), වෙස්ටර්න් බයිනූනා සමූහය (Western Bainoona Group) සහ හිලාල්කෝ (Hilalco) ඇතුළු සමාගම් සමඟ ENEC හි කැපවූ ව්‍යාපාර හා කාර්මික සංවර්ධන කණ්ඩායම සහ Nawah තත්ත්ව සහතික කණ්ඩායම කටයුතු කර ඇත.

NASL සුදුසුකම් ලත් දේශීය සැපයුම්කරුවන් 73 දෙනා තවත් දේශීය සැපයුම්කරුවන් 2,000 ක් සමඟ එක්වන අතර ඔවුන් බරකා බලාගාරයට (Barakah Nuclear Energy Plant) නිෂ්පාදන හා සේවා සපයන අතර කොන්ත්‍රාත්තු වටිනාකම ඩොලර් බිලියන 4.8 කි ($4.8 billion).

මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමකාමී න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන (UAE Peaceful Nuclear Energy Programme) සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පමණක් නොව, ගෝලීය න්‍යෂ්ටික කර්මාන්තයට භාණ්ඩ හා සේවා සැපයීම (supplying goods and services to the global nuclear industry) සඳහා ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමෙන් සමාගම්වලට තම පාරිභෝගික පදනම පුළුල් කර ගැනීමට අවස්ථාව සලසා දීමයි.

http://www.wam.ae/en/details/13953028700312 WAM / සිංහල

WAM/Sinhala