අඟහරුවාදා 29 සැප්තැම්බර් 2020 - 6:20:47 පස්වරු (ප.ව.)

DP World, ඩුබායි රේගුව සහ ඊශ්‍රායිලයේ DoverTower එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර වෙළඳ සබඳතා තක්සේරු කරයි


ඩුබායි, 2020 සැප්තැම්බර් 16 (WAM) -- ස්මාර්ට් එන්ඩ්-එන්ඩ් (end-to-end) ලොජිස්ටික් විසඳුම් සපයන ප්‍රමුඛ පෙළේ ගෝලීය සැපයුම්කරු වන DP World සහ ඩුබායි රේගුව (Dubai Customs) විසින් අවබෝධතා ගිවිසුම් මාලාවක් අත්සන් කිරීමෙන් පසුව ඊශ්‍රායිලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වෙළඳ සබඳතා වර්ධනය කර ගැනීමේ අවස්ථා ගවේෂණය කරනු ඇත.

DP World හි සමූහ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Sultan Ahmed bin Sulayem මහතා සහ DoverTower හි හිමිකරු වන ඊස්රායිල නැව් යාත්‍රා සහ Eilat වරායේ සම හිමිකරු වන Shlomi Fogel යන මහත්වරුන් විසින් මෙම අවබෝධතා ගිවිසුම් වලට අත්සන් කර තිබේ.

සාමය, සංවාදය සහ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරට අතර ඇති සම්බන්ධතාවයේ කොටසක් වන අවබෝධතා ගිවිසුම් මගින් ඊශ්‍රායිලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර මෙන්ම ඊශ්‍රායිලය තුළ වෙළඳාම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවස්ථාවන් තක්සේරු කිරීමේදී සමාගම් එකට වැඩ කිරීමට රාමුවක් නිර්මාණය කරනු ඇති අතර එමගින් කලාපීය ස්ථාවරත්වය ස්ථාපිත වනු ඇති බවට ද විශ්වාසය ඵල කරයි.

අවබෝධතා ගිවිසුම් පුළුල් සහයෝගීතා අංශ තුනක් ආවරණය කරයි: DP World විසින් ඊශ්‍රායිල වරාය සහ නිදහස් කලාප සංවර්ධනය කිරීම සහ Eilat සහ Jebel Ali අතර සෘජු නැව් මාර්ගයක් ඇති කිරීමේ හැකියාව තක්සේරු කරනු ඇත; රේගු හොඳම පුහුණුවීම් සහ බාධාවකින් තොරව නව්‍යකරණ ක්‍රියාවලීන් හරහා ඩුබායි රේගුව දෙරටේ පෞද්ගලික ආයතන අතර වෙළඳාම ප්‍රවර්ධනය හා පහසුකම් සපයනු ඇත; සහ Drydocks World විසින් ISL නිෂ්පාදන සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ අලෙවිකරණය සඳහා හවුල් ව්‍යාපාරයක් සඳහා ඊශ්‍රායිල නැව් යාත්‍රා සමඟ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කරනු ඇත.

"අවබෝධතා ගිවිසුම් ආර්ථික හා වෙළඳ සහයෝගීතා අවස්ථාවන් උපයෝගී කර ගැනීමට දරන උත්සාහයන්ට දායක වන අතර දෙරට අතර සංවර්ධන අරමුණු කරගත් සම්බන්ධතා සඳහා පහසුකම් සපයයි. DP World හි මෙහෙවර වන්නේ ගෝලීය වෙළඳාම සක්‍රීය කිරීමයි - එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊශ්‍රායිලය සහ ඉන් ඔබ්බට වෙළඳ මාර්ග ගොඩනැගීම සඳහා අපගේ වැඩ කටයුතු අපගේ ගනුදෙනුකරුවන්ට කලාපයේ වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ව්‍යාපාර කිරීමට උපකාරී වනු ඇත." යනුවෙන් DP World හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Sultan Ahmed bin Sulayem මහතා මෙසේ අදහස් දක්වා තිබේ.

"සුල්තාන් බින් සුලෙයිම් සමඟ වැඩ කිරීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙය මහත් ගෞරවයක්. එමෙන්ම,ඊශ්‍රායිලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වාණිජ සම්බන්ධතාවය ශක්තිමත් කරන අතරම ගෝලීය වෙළඳාමට හා ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරන උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා වන අපගේ අන්‍යෝන්‍ය මිත්‍රත්වය සහ දැක්ම ගැන මම ආඩම්බර වෙමි." යනුවෙන් DoverTower Group හි සභාපති සහ හිමිකරු, Haifa හි ඊශ්‍රායිල නැව් අංගනයේ වරායේ කොටස් හිමියා සහ Eilat වරායේ හවුල්කරු වන Shlomi Fogel එළැඹි අවබෝධතා ගිවිසුම් පිළිබඳව මෙලෙස අදහස් දක්වා තිබේ.

"මෙම ගිවිසුම අන්‍යෝන්‍ය හා දිගු සහයෝගීතාවයේ ආරම්භයක් පමණක් බව මම විශ්වාස කරමි. විවිධ කර්මාන්ත හරහා DP World සහ DoverTower Group අතර තවත් ගිවිසුම් ඇති වේ.

"Haifa වරාය පුද්ගලීකරනය සඳහා වන ටෙන්ඩරයට සහභාගී වන හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට DP World සහ ඊස්රායිල නැව් යාත්‍රා සහයෝගයෙන් කටයුතු කරන බව සතුටින් ප්‍රකාශ කරමි."

http://wam.ae/en/details/1395302870335 WAM / සිංහල

WAM/Sinhala