අඟහරුවාදා 29 සැප්තැම්බර් 2020 - 6:09:09 පස්වරු (ප.ව.)

ෆුජයිරා තෙල් නිෂ්පාදන තොග පහත වැටේ 


Fujairah, 2020 සැප්තැම්බර් 16 (WAM / S&P Platts) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නැගෙනහිර වෙරළබඩ වරාය වන Fujairah හි තෙල් නිෂ්පාදන තොග අඛණ්ඩව තෙවැනි සතියටත් මාස පහකට ආසන්න කාලයක් තුළ පහළම මට්ටමට පහත වැටී තිබෙන බවට වාර්තාවන් පවසයි.

අද නිකුත් කරන ලද Fujairah තෙල් කර්මාන්ත කලාපයේ (Fujairah Oil Industry Zone) දත්ත වලට අනුව, සැප්තැම්බර් 14 වන විට මුළු අගය බැරල් මිලියන 23.241 ක් (23.241 million barrels) වූ අතර එය සතියකට පෙර පැවති සියයට 0.3 කින් සහ අප්‍රේල් 20 න් පසු වාර්තාවූ අඩුම අගයයි. නැව් සඳහා සහ විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන ආවරණය වන Heavy distillates සියයට 6 කින් පහළ ගොස් බැරල් මිලියන 12.552 ක් (12.552 million barrels) වන අතර මාර්තු 9 න් පසු වාර්තාවූ අඩුම අගය වන බවට ද වාර්තා දත්තයන් පෙන්වා දෙයි.

Kpler දත්ත වලට අනුව, Fujairah බර ආසවනය අපනයනය අගෝස්තු මාසයේදී බැරල් මිලියන 9.088 ක් (9.088 million barrels) නිෂ්පාදනය කර තිබේ. Fujairah මෑතකදී සවුදි අරාබියේ ෂුකායික් බලාගාරයට (Shuqaiq power plant) high සල්ෆර් ඉන්ධන තෙල් (high sulphur fuel oil) බැරල් 750,000 ක් නැව්ගත කළ බව දත්ත මගින් පෙන්වා දෙයි.

ඔපෙක් + සන්ධානයේ (OPEC+ coalition) බොහෝ මැදපෙරදිග සාමාජිකයින් මීට පෙර S&P Global Platts වෙත පවසා ඇත්තේ වායු සමීකරණ ඒකක (air conditioning units) පූර්ණ ලෙස ක්‍රියාත්මක වන විට උණුසුම් අගෝස්තු මාසයේදී විදුලිබල උත්පාදනය සඳහා අමතර බොරතෙල් (extra crude supplies) අවශ්‍ය වන බවයි.

Fujairah තෙල් පර්යන්තය (Fujairah Oil Terminal) සහ GTI Fujairah ගබඩා පර්යන්ත (GTI Fujairah storage terminals) හිමිකාරීත්වය දරන Prostar ඉන්ධන සැපයීම අඛණ්ඩව සමෘද්ධිමත් වන බව පෙන්වන බවට වැඩි අදාල දත්ත මගින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

"Fujairah ඉතා හොඳින් කටයුතු කර ඇත. එය සිදු කිරීමට හේතුව එහි බංකර ව්‍යාපාරය තවමත් ඉහළ මට්ටමක පවතී." එමෙන්ම, "එය තවමත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන අතර එහි ඇති පර්යන්ත දෙක හරහා වෙළුම් හරහා එය අපට මැනවින් පෙනේ." යනුවෙන් Prostar Capital හි මෙහෙයුම් සහකරු අද Gulf Intelligence webinar හමුවේදී Tony Quinn මහතා මෙසේ පවසා තිබේ.

මධ්‍යම ආසවනයෙහි (middle distillates) තොග 0.3% කින් පහත වැටී බැරල් මිලියන 3.793 ක් (3.793 million barrels) වූ අතර එය සති හතරක් තුළ අඩුම අගය වන අතර සැහැල්ලු ආසවනය 12% කින් ඉහළ ගොස් බැරල් මිලියන 6.896 ක් (6.896 million barrels) වී තිබේ.

ඉන්වෙන්ටරි වාර්තාව 2017 වසරේ ජනවාරි සිට S&P Global Platts සඳහා පමණක් ලබා දී ඇත.

http://www.wam.ae/en/details/1395302870394 WAM / සිංහල

WAM/Sinhala