අඟහරුවාදා 29 සැප්තැම්බර් 2020 - 6:25:36 පස්වරු (ප.ව.)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24ක් තුළ COVID-19 පරීක්ෂණ 93,682 ක් සිදු කරයි, නව ආසාදිතයින් 674 ක් හඳුනාගනී, 654 ක් සුවවී, එක් මරණයක් පමණක් වාර්තාවේ 


අබුඩාබි, 2020 සැප්තැම්බර් 16 (WAM) -- අති නවීන වෛද්‍ය පරීක්ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් විසින් පැය 24ක් තුළ COVID-19 පරීක්ෂණ 93,682 ක් සිදුකර තිබෙන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය බදාදා (16) නිවේදනය කර තිබේ.

විශේෂයෙන් නව ආසාදිතයින් කල්තියා හඳුනා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා රට පුරා COVID-19 පරීක්ෂණ වැඩි කිරීමට සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශයේ සැලසුම් වලට අනුව මෙලෙස මෙම පරීක්ෂණයන් සිදු කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කළේ මෙලෙස කරනු ලැබූ COVID-19 පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස නව ආසාදිතයින් 842 ක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව වාර්තා වන සමස්ත ආසාදන සංඛ්‍යාව 81,782 දක්වා ඉහළ ගොස් තිබෙන බවකි.

COVID-19 ආශ්‍රිත එක් මරණයක් පමණක් වාර්තාවී තිබෙන බවට සෞඛ්‍ය අමාත්යංශය නිවේදනය කළ අතර රටේ සිදුවූ සමස්ත COVID-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 402 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අමාත්‍යාංශයට අනුව, හඳුනාගත් ආසාදිත පුද්ගලයින් විවිධ ජාතීන්ට අයත් අය වන අතර, හඳුනාගත් නව ආසාදිතයින් ස්ථාවර තත්ත්වයේ පසුවන අතර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.

ඒ අනුව වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 821 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු රෝගීන් ගණන 71,456 දක්වා ඉහළ ගොස් තිබෙන බවටද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

සෞඛ්‍ය බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, සියලු දෙනාගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා සමාජ දුරස්ථ ප්‍රොටෝකෝල සහ වැළැක්වීමේ පියවර අනුගමනය කරන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

http://wam.ae/en/details/1395302870495 WAM / සිංහල

WAM/Sinhala