අඟහරුවාදා 24 නොවැම්බර් 2020 - 11:03:13 පෙරවරු (පෙ.ව)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා උප ජනාධිපති විසින් ‘Designing the Next 50’ දියත් කරයි


ඩුබායි, 2020 සැප්තැම්බර් 28 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප සභාපති සහ අගමැති මෙන්ම ඩුබායි හි පාලකයාද වන අතිගරු Sheikh Mohammed bin Rashid Al Maktoum මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනාගතය හැඩගැස්වීම ඉලක්ක කරමින් මහජනයා සම්බන්ධ කර ගැනීම සඳහා ‘Designing the Next 50’ ව්‍යාපෘතිය දියත් කරයි.

'2020 වර්ෂය' ප්‍රකාශයට පත් කිරීමේ කොටසක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 2071 සියවස් සැලැස්මේ කුළුණු සහ සංරචක ස්ථාපිත කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් සමාජයේ සියලුම සාමාජිකයින් එක්කරනු ඇත: එමෙන්ම, 2021 වසරෙන් ඔබ්බට ඉදිරි දශක පහ සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා ඊළඟ ‘Designing the Next 50’ ඉලක්ක කරයි.

"මීට වසර 50 කට පෙර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භකයින් අද අප දකින රටේ අනාගතය හැඩගැස්වීම සඳහා මිනිසුන් සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවත්. ඔවුන් කාන්තාරයේ සිට අභ්‍යවකාශයට ළඟා වූ අභිලාෂයන් සමඟ ඔවුන්ගේ දැඩි කැපවීමෙන් විවිධ මෙහෙයුම් ආරම්භ කර තිබේ. තවද, විවිධ තත්ත්වයන් යටතේ අඩු සම්පත් ප්‍රමාණයක් සහිතව ජීවත්වන ඔවුන් මිනිසුන්ගේ අදහස් එක්රැස් කර සාකච්ඡා කළ නමුත් සමුළුව ඉලක්ක කරගත් එකම අධිෂ්ඨානයෙන් හා උත්සාහයන්ගෙන් ඔවුන් එකාවන්ව එක්සත්ව නැගී සිටීමට තීරණය කර තිබේ. ඔවුන්ගේ මෙහෙවරයන් මගින් ඉතිහාසය වෙනස් විදිහකින් ලිවීමට හැකිවී තිබෙන අතර නූතන සමාජ පිළිබඳ සංකල්පය නැවත අර්ථ දැක්වීමක් ද මෙමගින් සිදුව තිබෙන බවට." අතිගරු Sheikh Mohammed bin Rashid Al Maktoum ප්‍රකාශ කර තිබේ.

"අද අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භකයින්ගේ මෙහෙවර පුනර්ජීවනය කරමු. අද අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියවස දක්වා දිවෙන ඉදිරි වසර 50 සඳහා සූදානම් වීමේ මෙහෙවර ආරම්භ කර ඇත්තෙමු. අපගේ යුතුකම වන්නේ අනාගත පරපුර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැලසුම් කිරීම සහ අපගේ ආරම්භකයින් කළාක් මෙන් අපගේ ජනතාව මෙම මෙහෙයුමට සම්බන්ධ කර ගැනීමයි. එමෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනාගතය හැඩගැස්වීමට අප හා එක්වන ලෙස අපි පුරවැසියන්ට සහ නිවැසියන්ට ආරාධනා කරමු." යනුවෙන් ද ඔහු සියල්ලන්ගේම ඉල්ලා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති කටයුතු පිලිබඳ අමාත්‍ය අතිගරු Sheikh Mansour bin Zayed Al Nahyan මූලිකත්වයෙන් 50 වසරක සංවර්ධන සැලසුම් කමිටුව විසින් මෙම මහා ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිරි වසර 50 හැඩ ගැස්වීමේ සැලසුම දියත් කිරීමට බලාපොරොත්තුවේ.

'Designing the Next 50' ව්‍යාපෘතියේ කොටසක් ලෙස සෞඛ්‍ය (health), අධ්‍යාපනය (education), සමාජ සංවර්ධනය (social development), ආර්ථිකය (economy), පරිසරය (environment), නිවාස (housing), සංචාරක (tourism), ව්‍යවසායකත්වය (entrepreneurship) ඇතුළු බහුවිධ ක්ෂේත්‍රයන්හි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිරි වසර 50 හැඩගැස්වීම පිළිබඳ පුරවැසියන්ගෙන් සහ වැසියන්ගෙන් අදහස් එක්රැස් කිරීම සඳහා ඩිජිටල් වේදිකාවක් දියත් කිරීමට නියමිතව තිබේ. ආයෝජනය, නිපුණතා සංවර්ධනය, සමාජීය වටිනාකම්, සංස්කෘතිය, පවුල් සබඳතා, ක්‍රීඩා, තරුණ, ආහාර සුරක්ෂිතතාව, විද්‍යාව සහ උසස් තාක්ෂණයන් පිළිබඳවද මෙහිදී නොඅඩුව අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවේ.

විවිධ රැස්වීම් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇමතිවරුන් මහජනතාව සමඟ විවිධ සමාජයේ විවිධ කොටස් නියෝජනය කරන අතර රටේ අනාගත අපේක්ෂාවන් ග්‍රහණය කර ගනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා සියළුම අංශවල සහ ක්ෂේත්‍රවල අනාගතය හැඩගැස්වීමේ අදහස් හා නිර්දේශයන් වර්ධනය කිරීම සඳහා කමිටු සාකච්ඡා සහ මොළය සැකසීමේ සැසි මහජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට මහජනතාව සමඟ එක්වනු ඇත.

මහජනතාවගෙන් ප්‍රතිපෝෂණ ලබා ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන දුරස්ථ රැස්වීම්, සමීක්ෂණ සහ සාකච්ඡා සැසි ඇතුළු අන්තර්ක්‍රියාකාරී මෙවලම් භාවිතා කරනු ඇත. මෙම මෙවලම් මෙන්ම තාක්ෂනයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ වැදගත් අංශවල අනාගතය, එනම් අධ්‍යාපනය (education), සෞඛ්‍ය සේවා (healthcare), තිරසාරභාවය (sustainability)සහ උසස් තාක්‍ෂණයන්හි (advanced technologies) අනාගතය හැඩගස්වා ගැනීමට මිනිසුන්ගේ අදහස් ග්‍රහණය කර ගනු ඇත.

රටේ ජාතික හා ගෝලීය සමාගම්, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (Small and Medium-sized Enterprises-SMEs), කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ආරම්භක ව්‍යාපාර (startups) සහ ව්‍යවසායකයින්ට විවිධ සිදුවීම් හා සාකච්ඡා වලදී සත්කාරකත්වය සැපයීම තුළින් 'ඊළඟ 50 සැලසුම් කිරීම' නොහොත් 'Designing the Next 50' සඳහා පෞද්ගලික අංශයේ ප්‍රධාන කාර්යභාරය ඉස්මතු කෙරේ. අන්තර්ක්‍රියාකාරී සිදුවීම් මාලාව මඟින් පුද්ගලික අංශය රටේ නිල ව්‍යාපාරික අංශ නියෝජිතයන් සමඟ ගෙන එනු ඇති අතර එමඟින් ආර්ථිකය මෙහෙයවීමේදී පෞද්ගලික අංශයේ වැදගත් කාර්යභාරය ඉස්මතු වේ. 'Designing the Next 50' ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සෑම අංශයකින්ම ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා පෞද්ගලික අංශයේ අනාගතය හැඩ ගැස්වීමයි.

යෞවන යෞවනියන් අතර සංවාදයක් ඇති කිරීම සහ ඔවුන්ගේ හැකියාවන් සහ අපේක්ෂාවන් අනාගතය වෙත යොමු කිරීම සඳහා සංස්කෘතික හා තරුණ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව තරුණ කවයන්ගේ විශේෂ සංස්කරණය පැවැත්වේ. දුරස්ථ සැසිවාරයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා සිටින තරුණ පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියවස් සැලැස්ම සකස් කිරීමේදී සහ රටේ අනාගතය සැලසුම් කිරීම සඳහා අනාගත අදහස් ඉදිරිපත් කිරීමට සත්කාරකත්වය සපයනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද දක්වා ළඟා වී ඇති සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා සිය ඉතිහාසය පුරා දිගුකාලීන දර්ශන, සැලසුම් සහ උපාය මාර්ග ක්‍රියාත්මක කරමින් සිටී. අනාගතය සඳහා වන සූදානම අඛණ්ඩව මතුවෙමින් පවතින වෙනස්කම් සමඟ සාර්ථකව කටයුතු කිරීම, ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම සහ සිහින හා අවස්ථාවන්ගේ දේශය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාවරය ශක්තිමත් කිරීම අරමුණු කරයි.

'Designing the Next 50' නවෝත්පාදනයන් සාක්ෂාත් කර ගැනීම සඳහා චින්තනයන් හා දර්ශනයන් ඒකාබද්ධ කිරීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංවර්ධනයේ නව අදියරක් සඳහා හවුල්කාරිත්වයක් ඇති කිරීම ඉලක්ක කරයි.

මෙම ව්‍යාපෘතියේ නොයෙකුත් සිදුවීම් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරි දශක පහ තුළ ජීවත් වීමට ලෝකයේ හොඳම රටවල් අතරට එක්වීම සඳහා ඒකාබද්ධ සමාජ දැක්මක් ඇති කරයි. 2071 වසර සඳහා සූදානම් වීමේ පුළුල් ප්‍රයත්නයන් පශ්චාත් තෙල් යුගය (post-oil era) සඳහා සියලු අංශ සංවර්ධනය කිරීම, දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම (knowledge-based economy), මානව හැකියාවන් සඳහා ආයෝජනය කිරීම, ඉවසීම (tolerance), විවෘතභාවය සහ සහජීවනය මත පදනම් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වටිනාකම් පද්ධතිය ශක්තිමත් කිරීම, ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම සහ තිරසාර බව අනාගත පරපුර සඳහා සංවර්ධනය කිරීම ඉලක්ක කරයි.

අතිගරු Sheikh Mohammed bin Rashid Al Maktoum සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නාහ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර අණදෙන නිලධාරී අතිගරු Sheikh Mohamed bin Zayed Al Nahyan විසින් 2020 ඉදිරි වසර 50 සඳහා සූදානම් වීමේ වසර ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

http://wam.ae/en/details/1395302873118 WAM / සිංහල

WAM/Sinhala