බදාදා 25 නොවැම්බර් 2020 - 6:20:31 පස්වරු (ප.ව.)

නයිජර් හි 'Al Medina' උදා ගම්මානය ERC විසින් ජනතා අයිතියට පත් කරයි  

  • بمتابعة حمدان بن زايد.. "الهلال" يفتتح قرية "المدينة" في النيجر
  • بمتابعة حمدان بن زايد.. "الهلال" يفتتح قرية "المدينة" في النيجر
  • بمتابعة حمدان بن زايد.. "الهلال" يفتتح قرية "المدينة" في النيجر
  • بمتابعة حمدان بن زايد.. "الهلال" يفتتح قرية "المدينة" في النيجر
  • بمتابعة حمدان بن زايد.. "الهلال" يفتتح قرية "المدينة" في النيجر
  • بمتابعة حمدان بن زايد.. "الهلال" يفتتح قرية "المدينة" في النيجر
  • بمتابعة حمدان بن زايد.. "الهلال" يفتتح قرية "المدينة" في النيجر
වීඩියෝ රූප

NIAMEY, Niger, 2020 නොවැම්බර් 10 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (The Emirates Red Crescent, ERC) විසින් නයිජර් හි "අල් මෙඩිනා ගම්මානය - Al Medina Village" බටහිර අප්‍රිකානු රටේ සංවර්ධන වැඩසටහන් වල රාමුව යටතේ ක්‍රියාත්මක කර ආරම්භ කරමින් උදා ගම්මානය ජනතා අයිතියට පත්කර තිබේ.

අල් දෆ්රා කලාපයේ පාලකයාගේ නියෝජිත සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (The Emirates Red Crescent, ERC) හි සභාපතිවරයා ද වන අතිගරු Sheikh Hamdan bin Zayed Al Nahyan ගේ අනු දැනුම යටතේ නයිජර් හි ERC හි ව්‍යාපෘතිවල අරමුණ වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි නායකත්වය සංවර්ධන හා නැවත ගොඩනැඟීමේ ක්ෂේත්‍රයන්හි උත්සාහයන් ශක්තිමත් කිරීම සහ නයිජර් පුරවැසියන්ට මූලික සේවාවන් සැපයීම වේ.

අතිගරු Sheikh Hamdan ගේ දයාබර බිරිඳ වන අතිගරු Sheikha Shamsa bint Hamdan bin Mohammed Al Nahyan ගේ නොමසුරුව පරිත්‍යාගයක් මගින් පිහිටුවන ලද මෙම උදා ගම්මානය වෛද්‍ය සායනයක්, පාසලක්, පල්ලියක්, ආටේෂියන් ළිඳක් සහ වාණිජ වෙළඳසැල් ඇතුළු බොහෝ නිවාස ඒකක සහ සේවා පහසුකම් වලින් සමන්විත වේ. මෙම උදා ගම්මානයේ පදිංචිකරුවන්ට ඔවුන්ගේ සමාජ හා ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා කෘෂිකාර්මික සැපයුම් හා උපකරණ ලබා දෙයි.

නයිජර් හි ERC හි ව්‍යාපෘති එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි නායකත්වය සංවර්ධන හා නැවත ගොඩනැඟීමේ ක්ෂේත්‍රයන්හි උත්සාහයන් ශක්තිමත් කරනු ඇති අතර එමගින් නයිජර් පුරවැසියන්ට මූලික සේවාවන් සපයනු ඇත.

සමාරම්භක උත්සවයට අමාත්‍යවරුන්, රජයේ නිලධාරීන් සහ පුණ්‍ය හා මානුෂීය සංවිධානවල නියෝජිතයින් මෙන්ම ප්‍රාදේශීය වැසියන් සහ නයිජර්හි ERC නියෝජිත කණ්ඩායම ද Rashid Al Kaabi ගේ නායකත්වයෙන් සහභාගී වී තිබේ.

නේවාසික ගම් ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්ව ඇති අතර නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ පිරිසිදු ජලය යන අංශවලින් පවුල් දහස් ගණනකට ප්‍රතිලාභ සැලසෙන අතර දේශීය ගොවීන්ට ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට සහ ස්ථාවර ආදායමක් සහතික කිරීමට හැකි වනු ඇති බවට එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (The Emirates Red Crescent, ERC) හි මහලේකම් ආචාර්ය Mohammed Ateeq Al Falahi මහතා අවධාරණය කර තිබේ.

විශේෂයෙන් සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස හා සේවා යන ක්ෂේත්‍රයන්හි මෙම ප්‍රජාවන් මුහුණ දෙන මානුෂීය ගැටලු සැලකිල්ලට ගනිමින්, අසරණ ප්‍රජාවන් සඳහා Sheikha Shamsa ගේ සංවර්ධන මුලපිරීම්වල වැදගත්කම පිළිබඳව ද ආචාර්ය Mohammed Ateeq Al Falahi අවධාරණය කරයි.

නයිජර්හි ප්‍රාදේශීය නිලධාරීන් කිහිප දෙනෙකු රටේ සංවර්ධනය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්යභාරය සහ ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව දක්වන සහයෝගය පැසසුමට ලක් කරමින් ගමේ වැදගත්කම අවධාරණය කරමින් අවදානමට ලක් වූ පවුල්වල ස්ථාවරත්වය සහතික කර තිබේ.

මෙම ව්‍යාපෘතිය දියත් කිරීම පිළිබඳව ඔවුන් Sheikha Shamsa සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (The Emirates Red Crescent, ERC) වෙත සිය විශේෂ ස්තූතිය පුද කළහ.

නයිජර් හි ආර්යාව වන ආචාර්ය Lalla Malika Issoufou විසින් Niamey ජනාධිපති මන්දිරයේදී ERC දූත පිරිස පිළිගත් අතර රටේ සංවර්ධනය හා මානුෂීය අවශ්‍යතා තක්සේරු කිරීමට ඔවුන් දැරූ උත්සාහය පිළිගත්තේය.

http://www.wam.ae/en/details/1395302885113 WAM / සිංහල

WAM/Sinhala