බදාදා 25 නොවැම්බර් 2020 - 6:23:33 පස්වරු (ප.ව.)

ඊශ්‍රායිල මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ Saif bin Zayed අතර හමුවක් 

  • سيف بن زايد يلتقي وزير الأمن الداخلي الإسرائيلي عن بعد
  • سيف بن زايد يلتقي وزير الأمن الداخلي الإسرائيلي عن بعد

අබුඩාබි, 2020 නොවැම්බර් 11 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලුතිනන් ජනරාල් අතිගරු Sheikh Saif bin Zayed Al Nahyan මහතා සහ ඊශ්‍රායිල මහජන ආරක්ෂක අමාත්‍ය Amir Ohana යන මහත්වරුන් දෙරට අතර සහයෝගීතාව වේගවත් කිරීම සහ ඒබ්‍රහම් ගිවිසුම (Abraham Accord) ක්‍රියාත්මක කිරීම පිළිබඳව පසුගිය බදාදා zoom හරහා අතථ්‍ය රැස්වීමක් පවත්වමින් සාකච්ඡා පවත්වා තිබේ.

දෙරටේම අමාත්‍යවරුන් අතර සිදුවූ සංවාදයේ දී Sheikh Saif සහ Ohana පොදු ව්‍යාපෘති, තාක්‍ෂණික නවෝත්පාදන ව්‍යාපෘති සහ අන්තර්ජාතික අපරාධවලට එරෙහිව සටන් කිරීමට අදාළ වැඩසටහන් මෙන්ම සිවිල් ආරක්ෂාව සම්බන්ධ වෙනත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කිරීමට ලක්කර තිබේ.

තම ප්‍රජාවන්ගේ ආරක්ෂාව පිළිබඳ පොදු සේවාවන් සංවර්ධනය කිරීම තුළින් තම රටවල ආර්ථික හා සංචාරක අංශ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ.

අනාගත දියත් කිරීමක් සඳහා සූදානම් වීමේ දී ව්‍යාපෘති හා වැඩසටහන් වල විශේෂතා පිළිබඳව කටයුතු කිරීම සඳහා ඒකාබද්ධ කණ්ඩායමක් පිහිටුවීමට දෙපාර්ශ්වය එකඟත්වයට පත්ව තිබේ.

http://www.wam.ae/en/details/1395302885663 WAM / සිංහල

WAM/Sinhala