ඉරිදා 29 නොවැම්බර් 2020 - 5:45:38 පෙරවරු (පෙ.ව)

මුදල් අමාත්‍යාංශය විසින් 'Taxation Agreements and Transfer Pricing' පිළිබඳව අතථ්‍ය සම්මන්ත්‍රණයක් සංවිධානය කරයි

  • وزارة المالية : الإمارات تعمل على تطوير شبكة شاملة للمعاهدات الضريبية
  • وزارة المالية : الإمارات تعمل على تطوير شبكة شاملة للمعاهدات الضريبية

අබුඩාබි, 2020 නොවැම්බර් 19 (WAM) -- ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානයේ (Organisation for Economic Cooperation and Development - OECD) සහයෝගයෙන් මුදල් අමාත්‍යාංශය (Ministry of Finance - MoF) විසින්, අථත්‍ය සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබේ. 'බදුකරණ ගිවිසුම් සහ හුවමාරු මිලකරණය - Taxation Agreements and Transfer Pricing' යන මැයෙන් ඊයේ පැවති සම්මන්ත්‍රණය අවසන් වූ අතර ජාත්‍යන්තර බදුකරණයට අදාළ ප්‍රධාන වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට කටයුතු කර තිබේ.

මෙම අවස්ථාව සුදුසුකම් ලත් බදු විශේෂඥයින්ගේ ජාලයක් ගොඩනැගීම සඳහා අමාත්‍යාංශයේ කැපවීමේ කොටසක් වන අතර; සහ විවිධ ගෝලීය හා කලාපීය සංවිධාන සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙමගින් ප්‍රයත්න දරයි.

මුදල් අමාත්‍යාංශයේ (Ministry of Finance - MoF) නියෝජ්‍ය ලේකම් Younis Haji Al Khoori මහතා සහ රාජ්‍ය නිලධාරීන්, ආරාධිත වාණිජ හා උපදේශන සමාගම් සහ ආරාධිත රටවල සාකච්ඡා විශේෂඥයින් ගණනාවක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වී තිබේ.

සිය ආරම්භක කතාවේදී Al Khoori මහතා සහභාගී වූවන්ව සාදරයෙන් පිළිගත් අතර බදු පරිසරය වැඩිදියුණු කිරීම සහ නවතම වර්ධනයන් පිළිබඳව දැනුවත් කිරීම වැනි සම්මන්ත්‍රණවල වැදගත්කම අවධාරණය කරමින් - අවසානයේදී වඩාත් ස්ථාවර ජාත්‍යන්තර බදු නීති ඉදිරියට ගෙන යෑම අවධාරණය කර තිබේ. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම මගින් ගෝලීය ගෝලීය ප්‍රතිචාරයක් අවශ්‍ය වන අභියෝග රාශියක් ගෙන එන බව ඔහු සඳහන් කළේය.

"එක්සත් අරාබි එමීර් රාජ්‍යය වාණිජ හා මූල්‍ය අංශ සඳහා ප්‍රමුඛ ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස රටෙහි ස්ථාවරත්වය ඉහළ නැංවීම, බදු අරමුණු සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමේදී එහි ඵලදායී කාර්යභාරය වැඩි කිරීම සහ බදු ගිවිසුමට පුළුල් ප්‍රතිචාර දැක්වීම සඳහා පුළුල් බදු ගිවිසුම් ජාලයක් සකස් කරමින් සිටින බවට ද." Al Khoori මහතා සඳහන් කර තිබේ.

සම්මන්ත්‍රණය මගින් අන්තර්ජාතික බදු සම්බන්ධ නවතම වර්ධනයන්, විශේෂයෙන් මූලික ඛාදනය හා ලාභ මාරුව (Base Erosion and Profit Shifting - BEPS) මුලපිරීම ඇතුළු විවිධ මාතෘකා ඉදිරිපත් කරන ලදී; ආර්ථිකයේ ඩිජිටල්කරණය සහ හුවමාරු මිලකරණය නිසා පැන නගින බදු අභියෝගයන්ට මුහුණ දිය හැකි ක්‍රම පිළිබඳව ද එහිදී අවධාණය යොමු කරමින් සාකච්ඡාවට ලක්කර තිබේ. බදුකරණ ගිවිසුම මුහුණ දෙන සුවිශේෂී අභියෝග අවම කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රතිචාරයක් වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

2006 වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානය (Organisation for Economic Cooperation and Development - OECD) සමඟ සහයෝගයෙන්, MENA කලාපයේ බදුකරණ ගිවිසුම් ජාලයක් ගොඩනැගීම සඳහා වාර්ෂික සම්මන්ත්‍රණ 13 කට වැඩි ප්‍රමාණයක් සංවිධානය කර ඇති අතර, කලාපයේ නිලධාරීන් සහ ආරාධිත රටවල් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ OECD සමඟ ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කර ගත්හ.

http://www.wam.ae/en/details/1395302887990 WAM / සිංහල

WAM/Sinhala