සඳුදා 23 නොවැම්බර් 2020 - 11:30:24 පස්වරු (ප.ව.)

G20 මුදල් අමාත්‍යවරුන් සඳහා වන අවසන් රැස්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහභාගී වේ


අබුඩාබි, 2020 නොවැම්බර් 21 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය Obaid Humaid Al Tayer මහතා G20 මුදල් අමාත්‍යවරුන් සඳහා වූ අවසන් රැස්වීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් සහභාගී වී තිබේ. අතථ්‍ය ලෙස පැවති මෙම රැස්වීම ඊයේ පැවති අතර COVID-19 වසංගතයෙන් පසු මූල්‍ය මාර්ග සැලසුම් වලට අදාළ නවතම වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට කටයුතු කර තිබේ.

මෙම රැස්වීම සෞදි අරාබියානු නායකත්වය යටතේ පැවති අතර එහිදී G20 මුදල් අමාත්‍යවරුන් මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්ද රැස්වීමට සහභාගී වී තිබේ.

COVID-19 වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් මූල්‍යයේ වැදගත්කම සහ ශක්තිමත්, පුළුල් හා සමබර ගෝලීය ආර්ථික වර්ධනයක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ආයෝජන ගලා ඒම පිළිබඳව අමාත්‍ය Al Tayer මහතා අදහස් දක්වා තිබේ. "අපගේ ඒකාබද්ධ ප්‍රකෘතිමත් මාවතට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා නව මූල්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරීම අවශ්‍ය වනු ඇතැයි අපි විශ්වාස කරමු. සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා පෞද්ගලික අංශය සමඟ නව ආයෝජන ආකෘතීන් සමඟ කටයුතු කරන්නෙමු." යනුවෙන් ද Al Tayer මහතා සඳහන් කර තිබේ.

එසේම, මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ 7 ත් වන රැස්වීම නොවැම්බර් මස 13 වන දින පවත්වන ලද අතර, G20 රටවල මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් සහ ආගන්තුක රටවල් සහ ජාත්‍යන්තර හා කලාපීය සංවිධානවල නියෝජිතයින් ද සහභාගී වී තිබේ. රැස්වීම නවතම ආර්ථික වර්ධනයන් සාකච්ඡා කිරීමට ප්‍රයත්නයන් දරා තිබෙන අතර; ණය සේවා අත්හිටුවීමේ මුලපිරුම (Debt Service Suspension Initiative - DSSI) පිළිබඳවද අවධාණය යොමු කර තිබේ.

G20 හි ණය සේවා අත්හිටුවීමේ මුලපිරුම (Debt Service Suspension Initiative - DSSI) ප්‍රවර්ධනය කිරීමේදී ජාත්‍යන්තර සංවිධානවලට කළ හැකි කාර්යභාරය පිළිබඳව ද රැස්වීමේදී Al Tayer මහතා අවධාරණය කර තිබේ. "ණය සේවා අත්හිටුවීමේ මුලපිරුම (Debt Service Suspension Initiative - DSSI) COVID-19 වසංගතයේ ප්‍රතිවිපාක අවම කිරීම සඳහා අවශ්‍ය රටවලට මූල්‍ය සම්පත් සැපයීම සඳහා ආදර්ශමත් පියවරක් වන අතර එය දුරදිග යන බලපෑමක් ඇති කරනු ඇතැයි අපි විශ්වාස කරමු යනුවෙන් ද ඔහු ඉස්මතුකර පෙන්වා දී තිබේ. අවශ්‍යතා ඇති රටවල් සමඟ සන්නිවේදනය සඳහා පහසුකම් සැලසීමෙන් මෙම මුලපිරීම පුළුල් කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධානවලට සුවිශේෂී අවස්ථාවක් තිබේ.

http://www.wam.ae/en/details/1395302888468 WAM / සිංහල

WAM/Sinhala