බදාදා 20 ජනවාරි 2021 - 3:08:17 පස්වරු (ප.ව.)

Microsoft සහ Plug and Play හවුල්කාරිත්වය තුළින් ආරම්භක ව්‍යාපාර සඳහා ADIO අබුඩාබියේ ව්‍යාපාරික අවස්ථා වේගවත් කරයි


අබුඩාබි, 2021 ජනවාරි 12 (WAM) -- අබුඩාබි ආයෝජන කාර්යාලය (Abu Dhabi Investment Office - ADIO) Microsoft සහ Plug and Play සමඟ තනි තනිව හවුල් වෙමින් ආරම්භකයින්ට සහ ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර සාර්ථකව පරිමාණයට ගෙන ඒමට සහ ධනාත්මක බලපෑමක් ඇති කරන අදහස් සාක්ෂාත් කර ගැනීම සඳහා මෙවලම් සහ සම්පත් ලබා දීම සඳහා විවිධාකාරයේ මුල පිරීම් සමඟ සම්බන්ධවෙමින් අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ.

අබුඩාබි ආයෝජන කාර්යාලය (ADIO) විසින් එමිරේට්ස් හි නවෝත්පාදක ආරම්භකයින්ට සාර්ථක වීමට හැකි වන පරිදි දක්ෂතා වලින් පිරිපුන් ව්‍යාපාරික පරිසරයක් ගොඩනඟා ඇති අතර එය ලෝක බැංකුවේ පහසුවෙන් කළ හැකි ව්‍යාපාර උප ජාතික වාර්තාව 2020 හි ගෝලීය වශයෙන් 12 වන ස්ථානයට පත්ව ඇත. අබුඩාබියේ නවෝත්පාදන පරිසර පද්ධතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා, ADIO, Microsoft සහ Plug and Play සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය තුළින්, මුල් අවධියේ, වර්ධනයට බලපාන සමාගම්වලට සහාය වන ප්‍රධාන ව්‍යාපෘති සඳහා උපායමාර්ගික අරමුදල් සපයනු ඇත.

"අබුඩාබි ආයෝජන කාර්යාලය (ADIO) විසින් ආරම්භකයින්ට නිර්භීත අදහස් ජීවිතයට ගෙන ඒමට උපකාරී වන මාර්ග සහ අවස්ථාවන්ට ප්‍රවේශ විය හැකි පරිසරයක් නිර්මාණය කර තිබේ. 2021 වසරේ දී ආයෝජකයින් සහ නවෝත්පාදකයින් සඳහා අපගේ සහයෝගය ගැඹුරු කිරීමට අපි කැපවී සිටින අතර මූල්‍ය, ජාල සහ උපදේශන සේවා සඳහා ප්‍රජාවට වැඩි ප්‍රවේශයක් ලබා දීම සඳහා ලොව පුරා ප්‍රමුඛ පෙළේ ආරම්භක සක්‍රීය කරන්නන් සමඟ හවුල් වී කටයුතු කරන බවත්. ගෝලීය ආර්ථිකය අනාගතය දෙස බලන විට අබුඩාබියේ පරිසර පද්ධතිය විශාල චින්තකයින්ට ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා කලාපයේ ප්‍රමුඛතම ආයෝජන ගමනාන්තය ලෙස හොඳින් ස්ථානගත වී ඇති බවට." අබුඩාබි ආයෝජන කාර්යාලයේ (Abu Dhabi Investment Office - ADIO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Tariq Bin Hendi මහතා පවසයි.

ආරම්භක ව්‍යාපාර සඳහා වර්ධන අවස්ථා වේගවත් කිරීම අරමුණු කර ගනිමින් තාක්‍ෂණය (technology), Azure cloud සේවා, ව්‍යාපාර ආධාරක මෙවලම් (business support tools) සහ කුසලතා වර්ධනය කිරීම සඳහා වැඩසටහන් සපයන "ආරම්භකයින් සඳහා මයික්‍රොසොෆ්ට් - Microsoft for Startups" වැඩසටහන යටතේ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට ADIO මයික්‍රොසොෆ්ට් සමඟ හවුල් වී ක්‍රියාත්මක අරනු ඇත. ගිවිසුම යටතේ, Microsoft සමාගම විසින් කලාපීය තාක්‍ෂණික ආරම්භක පරිසර පද්ධතියට සහාය වීම සඳහා වසර පහක කාලයක් තුළ වැඩසටහන් කිහිපයක් කළමනාකරණය කරනු ඇත.

පළමු වැඩසටහන් දෙක වන්නේ "Microsoft Growth X Accelerator", දේශීය හා කලාපීය ආරම්භක පුද්ගලයින් බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන අතථ්‍ය ත්වරණ වැඩසටහනක් සහ "Highway to 100 Unicorns", ඉහළ මට්ටමේ බඳවා ගැනීම සඳහා කලාපීය පරිසර පද්ධති හවුල්කරුවන් හරහා ආරම්භක කේන්ද්‍රීය ක්‍රියාකාරකම් මෙහෙයවන ආරම්භක වැඩසටහනකි.

එමිරාටිවරුන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට ද ව්‍යවසායකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඉදිරි මාසවලදී එය දියත් කිරීමට බලාපොරොත්තු වේ.

නවෝත්පාදන රැල්ල මෙහෙයවීම සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ආරම්භකයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අබුඩාබි යනු ආරම්භකයින්ට ඔවුන්ගේ අදහස් ජීවිතයට ගෙන ඒමට සහ ගෝලීය වශයෙන් පරිමාණයට ගෙන ඒම සඳහා හොඳ දියත් කිරීමේ ස්ථානයක් බවට පත්ව ඇත. එමෙන්ම, අබුඩාබි ආයෝජන කාර්යාලය (Abu Dhabi Investment Office - ADIO) සමඟ අපගේ උපායමාර්ගික හවුල්කාරිත්වය, දියුණු වෙමින් පවතින ව්‍යවසායකයින්ට නව්‍ය තාක්‍ෂණයෙන් පරිණාමීය ව්‍යාපාර සංවර්ධනය කිරීමට, පරිමාණයට හා ගොඩනැගීමට හැකිවන පරිදි ගෝලීය තාක්‍ෂණ හවුල්කරුවෙකු ලෙස Microsoft හි කැපවීම ගැන ඉස්මතු කර පෙන්වන බවට." Microsoft එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමාන්‍යාධිකාරී Sayed Hashish පවසයි.

ඉහළම ආරම්භකයින් සහ ලෝකයේ විශාලතම සමාගම් සහ රජයේ ආයතන එකට ගෙන එන නවෝත්පාදන වේදිකාවක් වන Plug and Play දැනට මැද පෙරදිග වේගවත් කිරීමේ වැඩසටහන් එමිරේට්ස් හි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වන අබුඩාබි ග්ලෝබල් මාර්කට් (Abu Dhabi Global Market - ADGM) වෙතින් ක්‍රියාත්මක කරයි. 2017 සිට, Plug and Play සහ ADGM අතර ඇති හවුල්කාරිත්වය කලාපයේ නවෝත්පාදනයන් මෙහෙයවීමේ ප්‍රමුඛ බලවේගයක් වී ඇත.

FinTech සහ HealthTech වෙත අවධානය යොමු කරමින් මෙන්ම දැනට පවතින ත්වරණ වැඩසටහන් දෙකකට සහය දැක්වීම සඳහා Plug and Play සමඟ හවුල් වීමෙන් වේදිකාව ඊළඟ මට්ටමට ගෙනයාමට ADIO මෙම සාර්ථකත්වය ගොඩනඟා ගනිමින් තුන්වන අංශයක් සඳහා අතිරේක ත්වරණ වැඩසටහනක් දියත් කරයි. 2021 වසරේ පළමු භාගය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වේ. ගිවිසුමේ කොටසක් ලෙස, අබුඩාබි ආයෝජන කාර්යාලය (Abu Dhabi Investment Office - ADIO) විසින් accelerators සඳහා අරමුදල් සපයන අතර කලාපයේ ප්‍රධාන අංශ හරහා අබුඩාබි නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා Plug and Play සමඟ සමීපව කටයුතු කරනු ඇත.

"එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ GCC හරහා වර්ධනය වීමට සුවිශේෂී තාක්‍ෂණික ආරම්භක සහ කුසලතා සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීම සඳහා අබුඩාබි ආයෝජන කාර්යාලය සමඟ හවුල් වීමට Plug and Play ආඩම්බරයට පත් වන බවත්.

පසුගිය වසර 3 තුළ සහ ඉදිරියට යන විට අපගේ ඉලක්කය වනුයේ ආයතනික හා රජයේ සහයෝගීතාවයෙන් තීරණාත්මක අංශ කෙරෙහි කල්පවතින බලපෑමක් ඇති කළ හැකි නව්‍ය දේශීය, කලාපීය සහ ජාත්‍යන්තර ආරම්භක ව්‍යාපාර සඳහා සැබෑ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමය" ඉලක්ක කරන බවට Plug and Play හි ප්‍රධාන විධායක නිලධාරී Saeed Amidi අවධාරණය කරමින් කියා සිටී.

Microsoft සහ Plug and Play සමඟ ඇති හවුල්කාරිත්වයට අමතරව, එමිරේට්ස් හි නවෝත්පාදන පරිසර පද්ධතිය අඛණ්ඩව වර්ධනය කිරීම සඳහා ADIO, ADGM, Hub71, ADQ සහ Mubadala ඇතුළු හවුල්කරුවන් සමඟ කටයුතු කරයි. එමෙන්ම, අබුඩාබි ආයෝජන කාර්යාලයේ (Abu Dhabi Investment Office - ADIO) කාර්යභාරයට අබුඩාබියේ පරිසර පද්ධතිය හරහා ආයෝජකයින් සහ සමාගම් අදාළ අවස්ථාවන්ට සම්බන්ධ කිරීම, එමිරේට්ස් හි වර්ධනයට හා ව්‍යාප්ත වීමට උපකාර කිරීම සඳහා නිවැරදි හවුල්කාරිත්වයන් එක් කිරීම සහ කලාපයේ දිගුකාලීන, තිරසාර සාර්ථකත්වය සඳහා ඒවා සැකසීම ඇතුළත් වේ.

http://wam.ae/en/details/1395302900891 WAM / සිංහල

WAM/Sinhala