බදාදා 20 ජනවාරි 2021 - 2:51:37 පස්වරු (ප.ව.)

WAM විශේෂාංගය: ගැඹුරු මුහුදේ මුතු පෙට්ටිය සහ මුතු-කිමිදුම් චාරිකා පිළිබඳ පුදුමාකාර කතාන්දර දිග හැරේ

  • d4.jpg
  • d3.jpg
  • d1.jpg
  • d2.jpg
වීඩියෝ රූප

බින්සාල් අබ්දුල් කාදර් විසිනි අබුඩාබි, 2021 ජනවාරි 12 (WAM) -- Jasim Abdullah සිය මුතු පෙට්ටිය විවෘත කළ විට, එය අමුත්තන්ට ඔහුගේ ජීවිතයේ නොනවතින කථාන්දර ගෙන දෙන සිත්ගන්නාසුලු කාලයක් කරා ගෙන යයි.

61 හැවිරිදි එමිරාටි Jasim Abdullah, තරුණ වියේදී මුතු කිමිදුම්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර, ඔහුගේ වික්‍රමාන්විත ගැඹුරු මුහුදේ මුතු-කිමිදුම් චාරිකා ගැන පුදුමාකාර කතාන්දරයන් පිළිබඳ අසන්නට ලැබේ.

"අපි ගැඹුරු මුහුදට කිමිදෙමින් සිටියදී එය වඩාත් අභියෝගාත්මක හා විනෝදජනක විය. නොගැඹුරු ජලයේ කිමිදීම මට එතරම් සතුටක් ගෙන දුන්නේ නැත" යනුවෙන් මුතු කිමිදුම්කාර Jasim Abdullah සිහිපත් කරයි.

සිත්ගන්නාසුලු කාලය නැවත කිසි දිනෙක නොපැමිණෙන බව ඔහු දන්නා නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෙර පරම්පරාව අතර බොහෝ දෙනෙකුට ජීවනෝපාය ලබා දුන් මුතු කිමිදීමේ උරුමය වර්තමාන හා අනාගත පරම්පරාවන් දැන සිටිය යුතු බව ඔහු උනන්දු වෙයි.

"ඒ නිසයි මම මේ මුතු පෙට්ටිය නිධානයක් ලෙස තබා ගන්නේ. මම මෙය මගේ දරුවන්ට භාර දෙන අතර ඔවුන් එය ඉදිරි පරම්පරාවන්ට ලබා දෙනු ඇතැයි මම අවංකවම ප්‍රාර්ථනා කරමි." යැයි අබුඩාබියේ Sheikh Zayed උරුම උළෙලේදී මුතු කිමිදීම සහ වෙළඳාම සඳහා භාවිතා කරන සාම්ප්‍රදායික මෙවලම් ප්‍රදර්ශනය කරමින් ඔහු තම කුටියේදී එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සියට (Emirates News Agency - WAM) පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භක පියා වන අභාවප්‍රාප්ත අතිගරු Sheikh Zayed bin Sultan Al Nahyan ගේ ආභාෂය ද මුතු කිමිදුම්කාර Jasim Abdullah ට ලැබී තිබේ.

"ඔහු අපේ අතීතය මතක තබා ගත යුතුයි - අප ආරම්භ කළේ කොහෙන්ද සහ කොතැනින්ද යන්න. එමිරේට්ස් හි මෙම සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට වත්මන් පාලකයෝ උනන්දුවෙන් කටයුතු කරමින් සිටී. මෙම සිහිවටන තුළින් අපේ සංස්කෘතිය කුඩා දරුවන්ට සහ වෙනත් රටවල අයට ඉගැන්වීමට ඔවුන් සියලු උත්සාහයන් දරමින් සිටී." යනුවෙන් අබුඩාබියේ Al Rahba හි ජීවත් වන Abdullah තව දුරටත් පැහැදිලි කරයි.

වයස අවුරුදු 15 දී ධීවරයෙකු ලෙස ආරම්භ කළ ඔහු පසුව කිමිදීමට මාරු විය. "මගේ පියා මාළු ඇල්ලීම සහ කිමිදීම පිළිබඳ මගේ ගුරුවරයා සහ මඟ පෙන්වන්නා විය."

මුතු කිමිදුම්කරුවෙකු ලෙස, සමහර විට සතියක් වැනි දීර්ඝ කාලයක් සඳහා කිසිඳු මත්ස්‍යය අල්ලා ගැනීමක් නොතිබූ අවස්ථාවන් එමටය. "නමුත් එක් දිනක් ඔබට වටිනා මුතු ඇටයක් හම්බවෙනවා. එය මට දින කිහිපයකට ප්‍රමාණවත් වුණා. එය මගේ ජීවිතයේ රසවත් කාලයක් වීය." යනුවෙන් Abdullah සිය අමුතු අත්දැකීම් පිළිබඳව මෙසේ මතකයට නංවයි.

ඔහුගේ පරණ මුතු පෙට්ටිය තබා ගැනීම ගැන ඔහුගේ දරුවන් - පිරිමි සිව්දෙනෙකු සහ කාන්තාවන් පස් දෙනෙකු ද සතුටු වෙති.

"මම අවංකවම බලාපොරොත්තු වෙනවා ඔවුන් අතීතයේ මේ කතාව දිගටම බෙදා ගනිමින් ඉදිරියට ගෙනයයි කියා. එය අපේ සංස්කෘතියයි!" යනුවෙන් අබුඩාබි නගරයෙන් මිනිත්තු 30 ක් පමණ දුරන් පහිටි Al Watbha හි පැවැත්වෙන මෙම උළෙලට සහභාගී වූ සිය ගණනක් අමුත්තන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් Jasim Abdullah පවසයි.

මෙම උළෙල 2020 ඔක්තෝබර් 20 වන දින ආරම්භ වූ අතර 2021 පෙබරවාරි 20 දක්වා අමුත්තන්ට සහභාගී වීමට හැකි වේ.

අභාවප්‍රාප්ත අතිගරු Sheikh Zayed bin Sultan Al Nahyan ගේ ගෞරවය පිණිස නම් කරන ලද මෙම උළෙල රටේ සංස්කෘතික උරුමය සමරන අතර එහි සම්ප්‍රදායන්හි පොහොසත් විවිධත්වය විදහා දක්වයි.

දින 90 ක් පුරා පැවැත්වෙන මෙම උත්සවය සඳහා සෑම වසරකම මිලියනයකට අධික විවිධ ජාතීන් පැමිණෙන අතර ඔවුන්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සාදරයෙන් පිළිගනු ලැබේ.

http://wam.ae/en/details/1395302900926 WAM / සිංහල

WAM/Sinhala