ඉරිදා 17 ජනවාරි 2021 - 8:22:52 පෙරවරු (පෙ.ව)

පස්වන ජාත්‍යන්තර වැසි වැඩිදියුණු කිරීමේ සංසදය ජනවාරි 25 වනදා පැවැත්වීමට නියමිතය

  • برعاية منصور بن زايد .. الملتقى الـ 5 للاستمطار ينطلق 25 يناير افتراضيا ويعلن عن أجندته
  • برعاية منصور بن زايد .. الملتقى الـ 5 للاستمطار ينطلق 25 يناير افتراضيا ويعلن عن أجندته

අබුඩාබි, 2021 ජනවාරි 12 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසි වැඩි දියුණු කිරීමේ පර්යේෂණ වැඩසටහන (UAE Research Programme for Rain Enhancement Science - UAEREP) කළමනාකරණය කරන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (National Centre of Meteorology - NCM) අද පස්වන ජාත්‍යන්තර වැසි වැඩිදියුණු කිරීමේ සංසදයේ න්‍යාය පත්‍රය එළිදක්ව තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති කටයුතු පිළිබඳ අමාත්‍ය අතිගරු Sheikh Mansour bin Zayed Al Nahyan ගේ නායකත්වය යටතේ මෙම උත්සවය අබුඩාබියේ මුලුමනින්ම 2021 ජනවාරි 25 සහ 26 යන දිනවල අතථ්‍ය ලෙස පැවැත්වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ලොව පුරා සිටින ප්‍රවීණයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් IREF 2021 වර්ෂාව වැඩි දියුණු කිරීමේ පර්යේෂණ හා ධාරිතා වර්ධනය, දේශගුණික විපර්යාසයන් සැලකිල්ලට ගනිමින් ගෝලීය ජල සුරක්‍ෂිතතාවය සහ කාලගුණ විද්‍යාවේ කෘතිම බුද්ධි භාවිතය වැනි ප්‍රධාන කරුණු සාකච්ඡා කරනු ඇත. වැසි වැඩි දියුණු කිරීමේ පර්යේෂණවල නවතම වර්ධනයන් හා තාක්ෂණයන් වෙත ද ඔවුන් මෙහිදී අවධානය යොමු කිරිමට නියමිතව සිටී.

"පසුගිය සිව් වසර පුරා, වර්ෂාව වැඩි දියුණු කිරීමේ විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ ගෝලීය පර්යේෂණ ප්‍රජාව අතර ගැඹුරු සාකච්ඡාවක් සහ සහයෝගීතාවයක් උත්තේජනය කිරීම සඳහා නිශ්චිත වේදිකාවක් සැපයීමට IREF සමත් වී තිබේ." යනුවෙන් ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (National Centre of Meteorology - NCM) අධ්‍යක්ෂ සහ කලාපීය සංගමයේ II (ආසියාව) හි සභාපතිවරයා ද වන ආචාර්ය Abdulla Al Mandous මහතා සිද්ධිය පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබේ.

විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම, අදහස් හා පර්යේෂණ අධ්‍යයනයන් හුවමාරු කර ගැනීම සහ වැසි වැඩි දියුණු කිරීමේ පර්යේෂණ හා විද්‍යාවේ නවතම විසඳුම් ගවේෂණය කිරීම සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමට මෙම සංසදය උදව් වී තිබෙන බවත්. අප දැනට මුහුණ දී ඇති පෙර නොවූ විරූ කාලයන් නොතකා, පර්යේෂණ කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා සහ වලාකුළු බීජ වැපිරීමේ විශේෂඥයින් අතර තවදුරටත් නියැලීම සඳහා IREF හි පස්වන සංස්කරණය සඳහා සත්කාරකත්වය සැපයීමේ සැලසුම සමඟ ඉදිරියට යාමට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

අබුඩාබි අඛණ්ඩව පස්වන වරටත් ලොව පුරා ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ප්‍රවීණයන් හා විද්‍යාඥයින් කැඳවා වැසි වැඩි දියුණු කිරීමේ පර්යේෂණවල නවතම වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂිත වේදිකාවක් සපයන බවත්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී, අපගේ සම්මානලාභීන්ගේ පදනම් පර්යේෂණ කටයුතු තුළින් මෙම වර්ධනය වන පර්යේෂණ වසමේ දියුණුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන දායකත්වය ගැන අපි ආඩම්බර වෙමු." යනුවෙන් UAEREP හි අධ්‍යක්ෂ Alya Al Mazroui මහත්මිය IREF 2021 සඳහා වන සූදානම පිළිබඳ ඇයගේ අදහස් මෙසේ දක්වා තිබේ.

"අතථ්‍ය සංසදයේ ප්‍රථිපල සහ නිර්දේශයන් තිරසාර ජල සම්පත් සොයා ගැනීමේදී වලාකුළු වැපිරීමේ මෙහෙයුම් වල කාර්යක්ෂමතාව සහ නිරවද්‍යතාව වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි අපට විශ්වාසයි." යැයි ඇය සඳහන් කර තිබේ.

එහි දින දෙක තුළ, සංසදයේ සැසි මගින් වැසි වැඩි දියුණු කිරීමේ පර්යේෂණ හා සම්බන්ධ මාතෘකා රාශියක් සාකච්ඡාවට ලක් කරනු ඇත. පළමු දිනයේදී, 'දේශගුණික විපර්යාසයන්ට අනුව ගෝලීය ජල සුරක්‍ෂිතතාව පිළිබඳ දැක්ම -Outlook for Global Water Security in Light of Climate Change', 'වැසි වැඩි දියුණු කිරීමේ පර්යේෂණ සිට මෙහෙයුම් දක්වා මාරුවීම (Transitioning from Research to Operations in Rain Enhancement -Case Studies and Roadmap): සිද්ධි අධ්‍යයන සහ මාර්ග සිතියම' සහ 'කාලගුණ විද්‍යාව හා කෘතිම බුද්ධිය සහ බුද්ධිමත් පද්ධති යෙදුම් _Artificial Intelligence and Intelligent System Applications in Meteorology and Rain Enhancement' පිළිබඳ සාකච්ඡා කෙරෙන සැසි තුනක් මෙහි දී පැවැත්වේ.

දෙවන දින සඳහා සංසදයේ න්‍යාය පත්‍රයෙහි ‘අරාබි බොක්කෙහි වලාකුළු සෑදීම හා වර්ෂාපතනය පිළිබඳ විද්‍යාව’, ‘වර්ෂාපතන වැඩි දියුණු කිරීමේ නවෝත්පාදන: ක්‍රමවේදයන් සහ නව තීක්ෂ්ණ බුද්ධිය’ සහ ‘වර්ෂා වැඩි දියුණු කිරීමේ උත්සාහයන්ගේ බලපෑම් ඇගයීම’ යන මාතෘකා සැසි ඇතුළත් වේ.

http://wam.ae/en/details/1395302900940 WAM / සිංහල

WAM/Sinhala