ඉරිදා 18 අප්‍රේල් 2021 - 9:29:00 පස්වරු (ප.ව.)

රටවල් හතක හෙද කණ්ඩායම්වලට සහාය දැක්වීම සඳහා Ataya හි 10 වන පුණ්‍ය කටයුතු ආරම්භ වේ


අබුඩාබි, 2021 අප්‍රේල් 06 (WAM) -- "50 ස් වන වසර" නොහොත් "Year of the 50th" තුළ Ataya සිය දෙවන දශකය ආරම්භ කරනු ඇත්තේ මානුෂීය වැඩ ක්‍ෂේත්‍රයේ වඩාත් නිර්මාණශීලිත්වය හා නව්‍යකරණයන් සමඟ වන අතර ලොව පුරා ප්‍රජාවන් අතර වෙනසක් ඇති කිරීම සඳහා තවත් මුල පිරීම් අනුගමනය කරමින් බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බටහිර කලාපයේ පාලකගේ නියෝජිත, කාන්තා කටයුතු සඳහා එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) හි සහකාර සහ Ataya මුලපිරීම සඳහා උසස් කමිටුවේ සභාපති අතිගරු Sheikh Hamdan bin Zayed Al Nahyan මහතාගේ බිරිඳ වන අතිගරු Sheikha Shamsa bint Hamdan bin Mohammed Al Nahyan අද නිවේදනය කර තිබේ.

Ataya (අරාබි බසින් ලබා දීම නොහොත් දන් දීම - giving in Arabic) සමාජය සක්‍රීය කිරීම සඳහා වන ප්‍රයත්නයන් ගොඩනැඟීමේ හා සංවර්ධනය කිරීමේ ලාංඡනයක් බවට පත්ව ඇති අතර සෞඛ්‍ය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් යන අංශවල මුලපිරීම් හා වැඩසටහන් තුළින් ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා පුද්ගලයන්ගේ කාර්යභාරය වැඩි දියුණු කරන බවට ඇය පැවස තිබේ.

ERC විසින් සංවිධානය කරන ලද වාර්ෂික Ataya ප්‍රදර්ශනය (Annual Ataya Exhibition) අබුඩාබියේ සංස්කෘතික දින දර්ශනයේ ඉතා වැදගත් සලකුණක් බවට පත්ව ඇති අතර එහිදී පුළුල් පරාසයක නැවුම් හා වෙනස් විලාසිතා ඇඳුම්, ස්වර්ණාභරණ, ගෘහ උපාංග සහ ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනය කර අලෙවි කෙරේ. මෙම ප්‍රදර්ශන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කලාපයේ දක්ෂ නිර්මාණකරුවන් සහ කලාකරුවන් විසින් සිදු කරනු ලබන අතර, ඒවා ප්‍රදර්ශනයේ උසස් කමිටුව විසින් තනි තනිව තෝරා ගනු ලැබේ.

ශුද්ධ වූ රාමසාන් මාසය පුරාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඒ හරහා ප්‍රදර්ශකයින් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද්විතීය මාර්ගගත වේදිකාවක් මත Ataya හි 10 වන වැඩපිළිවෙල (Ataya's 10th initiative) දියත් කිරීම නිවේදනය කිරීම සඳහා අද පැවති අතථ්‍ය මාධ්‍ය හමුවකදී අතිගරු Sheikha Shamsa bint Hamdan bin Mohammed Al Nahyan මහත්මිය සිය කතාවේදී මෙසේ පැවසීය. එම කථාව ඇය විසින් එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් හි සහකාර සේවා නියෝජ්‍ය මහලේකම් Mohammed Yousef Al Fahim වෙනුවෙන් පවත්වන ලදී.

"ලොව පුරා බොහෝ රටවලට බලපා ඇති COVID-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය අභියෝග රැසකින් සමන්විත මෙම වසරේදී Ataya අසාමාන්‍ය තත්වයන් යටතේ පවත්වනු ලැබේ. වසංගතයට ප්‍රතිචාර දැක්වූ රටවල්, රට තුළ සහ ලොව බොහෝ රටවල එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැමවිටම ඉදිරියෙන් සිටියේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ මගපෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ ජාතිය මෙම වසංගතයට මානුෂීය ප්‍රතිචාරය ශක්තිමත් කරමින් වෛද්‍ය සහ වැළැක්වීමේ ආධාර ලබා දීමට කටයුතු කර තිබේ.

පසුගිය වසරේ ප්‍රදර්ශනයෙන් ලද ආදායම, යුද්ධ හා ගැටුම්වල ප්‍රතිවිපාක මෙන්ම ජානමය හේතූන් නිසා ඇති වූ සංජානන විෂමතාවන්ගෙන් පෙළෙන දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කරන ලදී.

http://wam.ae/en/details/1395302924782 WAM / සිංහල

WAM/Sinhala