ඉරිදා 19 සැප්තැම්බර් 2021 - 6:24:28 පෙරවරු (පෙ.ව)

Tahnoun bin Zayed ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස කටාරයේ එමීර්වරයා සාදරයෙන් පිළිගනී


දෝහා, 2021 අගෝස්තු 26 (WAM) -- කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන අතිගරු Sheikh Tamim bin Hamad Al Thani විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ආරක්‍ෂක උපදේශක අතිගරු Sheikh Tahnoun bin Zayed Al Nahyan ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත මඩුල්ල අද සාදරයෙන් පිළිගෙන තිබේ.

මෙම හමුවේදී දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කෙරිණි, විශේෂයෙන් ආර්ථික හා වෙළෙඳ ක්ෂේත්‍රයන්හි සහ ඉදිකිරීම්, සංවර්ධන හා ප්‍රගතිය මෙන්ම දෙරටේ පොදු අවශ්‍යතා සාක්‍ෂාත් කර ගැනීම සඳහා වැදගත් ආයෝඡන ව්‍යාපෘති පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිගරු ජනාධිපති Sheikh Khalifa bin Zayed Al Nahyan, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලකයාද වන අතිගරු Sheikh Mohammed bin Rashid Al Maktoum සහ අබුඩාබිහි ​​ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවන්ගේ නියෝජ්‍ය උත්තරීතර අණ දෙන නිලධාරියා වන අතිගරු Sheikh Mohamed bin Zayed Al Nahyan යනාදී නායකයින්ගේ විසින් කටාර් සහ එහි ජනතාවගේ ප්‍රගතිය හා සමෘද්ධිය සඳහා ඔවුන්ගේ ප්‍රාර්ථනා පණිවිඩයන්ද කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන අතිගරු Sheikh Tamim bin Hamad Al Thani වෙත දැනුම් දුන්නේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ එහි ජනතාවට දියුණුව සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලකයාද වන අතිගරු Sheikh Mohammed bin Rashid Al Maktoum හටද කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන අතිගරු Sheikh Tamim bin Hamad Al Thani විසින් සිය පණිවිඩයන් ලබා දී තිබේ.

මෙම සාකච්ඡාවේදී පොදු අවශ්‍යතා ගණනාවක් පිළිබඳව ද ඔවුන් අදහස් හුවමාරු කර ගෙන තිබේ.

http://wam.ae/en/details/1395302963726 WAM / සිංහල

WAM/Sinhala