සිකුරාදා 24 සැප්තැම්බර් 2021 - 6:35:17 පස්වරු (ප.ව.)

‘Nafis’ නව පරපුරේ දක්ෂ ජාතික මට්ටමේ නිපුණතා ගොඩනැගීමට මඟ පාදනු ඇති බවට අබ්දුල්ලා බින් සයීඩ් පවසයි 


අබුඩාබි, 2021 සැප්තැම්බර් 13 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍ය සහ අධ්‍යාපන හා මානව සම්පත් කවුන්සිලයේ සභාපති අතිගරු ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහ්යාන් මහතා සභා රැස්වීමක මුලසුන දැරීය.

"Projects of the 50" හි දෙවන අදියර දියත් කිරීමට සමගාමීව, ෂෙයික් අබ්දුල්ලා පැවසුවේ, "Nafis" ​​නම් රජයේ වැඩසටහන (එහි තේරුම "තරඟ කරන්න" යන්නයි), එමිරේටි ජාතිකයින් සඳහා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා අනුග්‍රහය දැක්වීමට අදහස් කරන බව, තරඟකාරීත්වය, නම්‍යශීලීභාවය සහ වෘත්තීය පළපුරුද්දේ විවිධත්වයන්ගෙන් යුත් නව නිපුණතා ඇති ජාතික නිපුණතා නව පරම්පරාවක් ගොඩනැගීමට මඟ පාදනු ඇති බවට අවධාරණය කර තිබේ.

"පෞද්ගලික අංශය සංවර්ධන ක්‍රියාවලියේ හවුල්කරුවෙකු වන අතර රටේ ආර්ථික නිමැවුමෙන් විශාල කොටසක් ලබා ගනී. එබැවින් පුරවැසියන්ගේ පෞද්ගලික අංශයේ සහභාගීත්වය වැඩි කිරීම යන්නෙන් අදහස් කරන්නේ ආර්ථිකය සඳහා ඔවුන්ගේ දායකත්වය මෙන්ම ඵලදායිතාව හා නිපුණතා ඉහළ නැංවීමයි. ඔවුන්ගේ විද්‍යාත්මක හා දැනුම සංජානනය පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා" එහිදී ඉස්මතුකර පෙන්වා දුන්නේය.

ඉදිරි වසර කිහිපය තුළදී රටේ සියළුම ආර්ථික අංශයන්හි පුරවැසියන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන වඩාත් ගතික සංවර්ධන ආකෘතියකට අපට ලඟා විය හැකි බව ඔහු පැවසීය.

අනාගත ආර්ථිකයේ තාක්‍ෂණය හා නවෝත්පාදනයන් මත විශ්වාසය තබන ප්‍රමුඛතා අංශයන්ගේ අවශ්‍යතා අනුව අඛණ්ඩ පුනරුත්ථාපන හා පුහුණු වැඩ සටහන් සකස් කිරීම අවශ්‍ය වන ශ්‍රම වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන ශීඝ්‍ර දියුණුවත් සමඟ වේගයෙන් ගමන් කිරීමේ වැදගත්කම අබ්දුල්ලා බින් සයීඩ් අවධාරණය කළේය.

උසස් අධ්‍යාපන අංශයේ රාමු සහ ප්‍රතිපත්ති අධ්‍යයනය හා මානව සම්පත් කවුන්සිලය සමාලෝචනය කළේ "අවුරුදු 50 ක සංවර්ධන සැලැස්ම" ට අනුකූලව සහ "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියවස් 2071" හි ඉලක්ක සපුරා ගැනීමේ කොටසක් ලෙස ය.

පාලන, අධ්‍යයන බලපත්‍ර හා ප්‍රතීතන වැඩ සටහන්, කාර්ය සාධන කළමනාකරණය සහ මානව සම්පත් ඇතුළු දිවයිනේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විසින් ක්‍රියාත්මක කෙරෙන පදනම් හා ප්‍රමිති ඇතුළත් උසස් අධ්‍යාපන අංශය සඳහා යෝජිත ප්‍රතිපත්ති පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක්කර තිබේ.

අධ්‍යාපනික හා සෞඛ්‍ය බලධාරීන් සහ ආයතන, ඉගැන්වීම සහ පරිපාලන ආයතන අතර ධනාත්මක සහයෝගීතාව සහ හවුල් භූමිකාවන් පිළිබිඹු වන 2021-2022 අධ්‍යයන වර්ෂයේ පළමු අධ්‍යයන වාරයේ දී පාසල් හා විශ්ව විද්‍යාල වෙත සිසුන් ආපසු ලබා ගැනීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වර්ධනයන් ද එය සමාලෝචනයට ලක්කර තිබේ.

අදාළ සියළුම පාර්ශවයන් අතර සම්බන්ධීකරණයෙන් සහ ඉහළම ආරක්‍ෂක හා වැළැක්වීමේ ප්‍රමිතීන් යටතේ හිතාමතා ගත් පියවරයන්ට අනුකූලව පාසල් සහ විශ්ව විද්‍යාල ආරක්ෂිතව ආපසු ලබා දීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කළ බව රැස්වීමට දැනුම් දෙන ලදී.

අධ්‍යාපන අමාත්‍ය Hussein bin Ibrahim Al Hamadi, සංස්කෘතික හා තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය Noura bint Mohammed Al Kaabi, අධ්‍යාපනය පිලිබඳ රාජ්‍ය අමාත්‍ය Jameela Al Muheiri, මානව සම්පත් හා එමිරාටිකරණ අමාත්‍ය Nasser bin Thani Al Hamli, ප්‍රජා සංවර්ධන අමාත්‍ය Hessa Essa Buhumaid, ආර්ථික අමාත්‍ය Abdullah bin Touq Al Marri, ව්‍යවසායකත්ව හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය අචාර්ය Ahmad Belhoul Al Falasi, යෞවන කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය Shamma bint Suhail Faris Al Mazrui, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ සංස්කෘතික උපදේශක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති Zaki Anwar Nusseibeh, උසස් තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය Sarah bint Yousif Al Amiri ඇතුළු උසස් නිලධාරීන් ගණනාවක් මෙම හමුවට සහභාගී විය.

http://wam.ae/en/details/1395302969381 WAM / සිංහල

WAM/Sinhala