ඉරිදා 19 සැප්තැම්බර් 2021 - 2:29:28 පස්වරු (ප.ව.)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෛද්‍ය උපකරණ ආධාර ටොන් 56 ක් රැගත් ගුවන් යානයක් ඉන්දුනීසියාවට යවයි


අබුඩාබි, 2021 ජූලි 24 (WAM) -- COVID-19 වෛරස් වසංගතය ව්‍යාප්තවීම මැඩපැවැත්වීම හා පාලනය කිරීම සඳහා වන ජාතික ප්‍රයත්නයට සහය පළ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද දින ඉන්දුනීසියාවට ඔක්සිජන් සිලින්ඩර, ශ්වසන උපකරණ සහ COVID-19 එන්නත් ඇතුළු වෛද්‍ය සැපයුම් ටොන් 56 ක් රැගත් යානයක් ඉන්දුනීසියාවට යවා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියාව අතර ශක්තිමත් සබඳතා පැසසුමට ලක් කළ ඉන්දුනීසියාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අබ්දුල්ලා සාලම් අල් ධහෙරි, දෙරට අතර අඛණ්ඩ සම්බන්ධතා, හරස් සංචාර සහ වර්ධනය වන සහයෝගීතාව පිළිබිඹු කරන බවට අදහස් දක්වා තිබේ.

COVID-19 වෛරස් වසංගතය මර්දනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වෛද්‍ය ආධාර ලබාගත් පළමු රටවල් අතර ඉන්දුනීසියාව ද විය. 2020 අප්‍රේල් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ටොන් 20 ක වෛද්‍ය සැපයුම් රැගත් ගුවන් යානයක් ඉන්දුනීසියාවට යවන ලද බවට ඔහු තවදුරටත් පැවසීය.

http://wam.ae/en/details/1395302954822 WAM / සිංහල

WAM/Sinhala